පලස්තීනය රාජ්‍යයක් කිරීමේ සංකල්පය
මෑතකදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් එකඟතාවය පළකර තිබේ. මෙතරම් කාලයක් ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින මත ගැටුම මත පලස්තීනය දිගට හරහට බැට කෑ අයුරු ජාත්‍යන්තරය අවධාරණය කරමින් සිටියේය. නමුත් ඊශ්‍රායලයේ එක් කොටසක් වූ පලස්තේනය මෙතරම් කාලයක් රාජ්‍යයක් නොවීමට බලපෑ හේතු ද විය. විශේෂයෙන් 1990 දශකයේ පටන් සාම ගිවිසුම් වලින් පසුව පිහිටුවන ලද පලස්තීන අධිකාරියට, බටහිර ඉවුර ඊශ්‍රායල් හමුදා අත්පත් කර ගැනීම නිසා එහි භූමිය හෝ ජනතාව කෙරෙහි පූර්ණ පාලනයක් නැත. එනම්, තවමත් ඊශ්‍රායලය පලස්තීනය අත්පත් කරගැනීමේ සටන අත් නොහැරී නිසා ගාසා ව විනාශකාරී යුද්ධයකට මැදිව පවතී. පලස්තීනය මෙතරම් කාලයක් යම් යම් දේශපාලන මතවාද මත අර්ධ - රාජ්‍යයක් ලෙස ගොඩනැගුණු අතර මේ අවස්ථාවේ ලැබෙන ඕනෑම සැලකිල්ලක් ප්‍රයෝජනයට ගැනීමට එරට රජයට සිදුවනු ඇත.
පළමු ලෝක යුද්ධයෙන් පසුව 1992 සිට 1948 දක්වා කාලය තුළ league of nations හී නියෝගයක් යටතේ පලස්තීන භූමියේ පාලනය බ්‍රිතාන්‍ය අත්පත් කරගත් අතර එතැන් පටන් පලස්තීනය බ්‍රිතාන්‍යයේ කොටස් කරුවෙකු බවට පත් විය. නමුත් 1948 දී බ්‍රිතාන්‍ය නිල වශයෙන් පලස්තීනයෙන් ඉවත් වූ පසු හා ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ පසු ඊශ්‍රායලය විසින් යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟ නැවත පලස්තීනය නිදහස් බවින් මිදුණේය . බොහෝ විට මෙම තත්ත්වයට හේතුව වන්නට ඇත්තේ එකල බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රියාකලාපයයි. එනම් එය අදටත් නොවිසඳුනු ජාත්‍යන්තර අභිරහසකි. අනෙක් අතට ඊශ්‍රායලයේ ආධාරකරුවන් බොහෝ විට පෙන්වා දී ඇත්තේ බැල්ෆෝර් සාමිවරයා පලස්තීනුවන් ගැන පැහැදිලිව සඳහන් නොකළ බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් මොනවාද යන වග පිළිබඳ අදහස් නොකළ බවත්ය. මේ හේතුවෙන් පලස්තීනය වර්තමානය දක්වාම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවුණි.
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව, කැනඩාව හා මහබ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 193 කින් 75% ක් ම එකඟත්වය මේ වන විට පලකර ඇත. නමුත් මෑතක් වනතුරු ඉහත කී රටවල් පලස්තීනය රජයක් ලෙස නොපිළිගත්ත ද චීනය හා රුසියාව 1988 වසරේ සිටම පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්තේ ය. එනම් චීනය හා රුසියාව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම අමෙරිකාව වැනි රටකට ඉතා අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කර දී ඇත. විශේෂයෙන් එක්සත් රාජධානිය හා අනෙකුත් රටවල් දැන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට හේතුව වී ඇත්තේ වෙනත් කාරණාවකි. එනම් ගාසාවේ ඔඩු දුවන සාගත තත්ත්වය, ඊශ්‍රායල හමුදා මෙහෙයුම් කෙරෙහි ජනතාව තුළ පවතින කෝපය හා විරුද්ධ මතවාද මෙම තීරණයට ඍජු ලෙසම බලපාන්නට විය.
නමුත් කැනඩාව වැනි රටක් මෙම ක්‍රියාවලියට එකගත්වය පළ කර ඇත්තේ 2026 දී මැතිවරණයක් කෙසේ හෝ පැවැත්වීමට නිරායුධ පලස්තීනුවන් දක්වන කැපවීම නිසාය. නමුත් බ්‍රිතාන්‍ය තමන්ගේ මතය පලස්තීනය දෙසට හරවන්නේ ඊශ්‍රායල රජය ගාසා හි දුක් වේදනා අවසන් කිරීමට , සටන් විරාමයකට එළඹීමට, බටහිර ඉවුරේ භූමි ප්‍රදේශය ඈඳා ගැනීමෙන් වැළකී සිටීමට හා ද්වි රාජ්‍ය විසඳුමක් ඇති කරනු ලබන සාම ගිවිසුම් ක්‍රියාවලියකට එකඟ නොවුනහොත් බ්‍රිතාන්‍ය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවට ඊශ්‍රායලයට වගකීම පවරමින් ය.
ඇතැම් රටවල් මේ කියන ලද වාතාවරණය හමුවේ වුවද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළි නොගන්නා අවස්ථාවක් ද පවතී. එයට හේතුව වී ඇත්තේ පලස්තීනය හා ඊශ්‍රායලය අතර පැහැදිලි සාකච්ඡාමය තීරණයක් තවමත් නොමැති නිසාවෙනි.
ඊශ්‍රායලය හා පලස්තීනය අතර 1990 දී පමණ සාකච්ඡා ආරම්භ වූ අතර පසුව ඊශ්‍රායල් ජාතකයන්ට හාා පලස්තීනවන්ට වෙනම රටවල එකට ජීවත්වීමට නියම කිරීමත් සමග 2000 වසරේ හා 2014 වසරේ පැවැත් වූ සාම සාකච්ඡා අසාර්ථක වන්නට විය. කෙසේ වෙතත් දෙරටේ පවතින විරසක බව තවමත් පහව ගොස් නොමැති අතර වඩාත් යහපත් ප්‍රතිචාර උදෙසා සාම සාකච්ඡා පැවැත්වීම දැන් සුදුසු නොවේ. එමෙන්ම පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස බොහෝ රටවල් පිළිගැනීම තුළින් එම රටේ ඒකීය බවට මෙන්ම සිදුවන මිනිස් ජීවිතය හානි වලින් අඩක් හෝ අඩු කර ගැනීමට හැකිවේ යැයි සිතිය හැකිය . නමුත් දෙරටේ ගැටුම් තාමත් පවතින්නේ දෙපාර්ශවය ම සෘජුව තමන්ගේ අවශ්‍යතාවලට අනුකූලව හැඩගැසී නොමැති නිසා බව ජාත්‍යන්තරයට පැහැදිලි වන කරුණකි.
