Artificial inteligence හා ලංකාවේ වර්තමාන තත්වය
ලෝකය තුළ ගොඩනැගෙන ලද සෑම නිර්මාණයක්ම පාහේ සමාජයට හිතෛශී දේවල් පමණක්ම නොව අහිතකර බලපෑම් වලට මඟ පාදනු ලබන්නා වූ දේවල්ද නැත්තේම නොවේ. විවිධ රසායනික ද්‍රව්‍ය පරමාණුක විද්‍යාව ගිනි අව්‍ය ආදිය අවශ්‍යම මොහොතේ භාවිතා වන දේවල් වුවද එදා පැවැති ආකාරයටම අදත් පවතින්නේ නම් ඒවායේ ද දියුණුවක් නොවන බව සැබෑය. ලෝකය තුළ යහපත් මෙන්ම අයහපත් දේවල් කාලයෙන් කාලෙට වෙනස්වීම දියුණුව බව ඇතැම් විට කිව හැකිය.
මානවයා පෘතුවියේ පාලනය අතර ගත්තා පටන් අද දක්වාම විවිධ දේවල් අත්හදා බලමින් ඉදිරියට ආවේය. එහි එක් විශේෂ අවස්ථාවක් ලෙස තාක්ෂණික දියුණුව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉදිරියට මේ පවතින්නාවූ තත්ත්වයට වඩා පැහැදිලි වෙනසක් ලෝකයේ තාක්ෂණික පෙරළිය තුළ දැකගත හැකියාව කාලයෙන් කාලයට වෙනස් වන්නාවූ තාක්ෂණික පෙරළිය නූතන සමාජයට අනුව රොබෝකරණය වී ඇති බව දැකිය හැකිය. ඒ අද වන විට තාක්ෂණයේ අන්ත ඵලයක් බවට පත්ව ඇති කෘතීම බුද්ධිය ( Artificial Inteligence ) තුළින් පැහැදිලිව විද්‍යාමාන වේ.
කෘතීන් බුද්ධි යන්න අද වන විට ජනප්‍රිය වීමට පෙර තොරතුරු තාක්ෂණය අංශය තුළ එය පැමිණි නිශ්චිත ගමන් මගක් ඇත. බොහෝවිට එම ගමන්මක තාක්ෂණික වශයෙන් ඒ AI හා බැලීමේදී පෙරලිකාර ගමන් මගක් විය හැකිය. මෙම සෑම සිද්ධියකම මූලාරම්භය රටක හෝ වෙනත් සංස්කෘතියකට සෘජු ලෙසම බලපෑම් කරයි. කෘතීම බුද්ධියද ලෝකයට හඳුන්වා දීමේ සිට මේ දක්වා ප්‍රජාවට කර ඇති බලපෑම් මෙන්ම ලංකාව වැනි සංවර්ධනයෙන් පවතින ලේබලය තවමත් උරුම කරගෙන සිටින රටකට කෘතීම බුද්ධිය හෙවත් AI කෙසේ බලපායිද යන්න විමසා බැලීම වැදගත් වේ.
AI ලෝකයට හඳුන්වා දෙන්නේ කොහොමද ?
නූතන ලෝකය තුළ සිදු කරනු ලබන අත්හදා බැලීම් පර්යේෂණ ආදිය මගින් සිදු කරනු ලබන්නේ කලින් කළ දෙයට වඩා යහපත් දෙයක් ලෝකයට දායාද කිරීම ය. රූපවාහිනියේ මුල් කාලය සොයාගත්තාක් මෙන් අද වනතුරුත් එය එලෙසම පැවතුණි නම් එහි තාක්ෂණික පෙරළයක් දක්නටට නොලැබේ. ඒ හා සමානව තාක්ෂණික දියුණුව තුළ AI ( කෘතිම බුද්ධිය ) හඳුන්වාදීමට ප්‍රබල හේතු ඇත.
කෙසේ වෙතත් කෘතීම බුද්ධිය ලෝකයට බිහිවීමට පෙර තොරතුරු තාක්ෂණය යන්න අලුත් දෙයක් නොවන්නට පර්යේෂකයන් වග බලාගෙන ඇත. එනම් පූර්ව ඉතිහාසයේ සිට මෙහි පරිණාමය සිදුව ඇති බව පැහැදිලි වේ . විශේෂයෙන් පරිගණක ක්ෂේත්රය තුළ විවිධ වූ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස මේවා බිහිවූ බව කිව යුතුය එනම් තොරතුරු ඉක්මනින් ලබා ගැනීමට ස්වයංකරණය කිරීමට මෙන්ම අවසානයේ කෘතියෙන් බුද්ධිය තුළින් එය වඩාත් උසස් මට්ටමකට ගෙන ඒම සිදුවිය.
ඇබකසය ( Abacus ) : මෙය ගණනය කිරීම සඳහා ලොව භාවිතා කරන ලද පැරැණිතම මෙවලම්වලින් එකක් වේ. ක්‍රි. පූ .2700 - 2300 පමණ සංවර්ධනය වී ඇත.
ඇනලොග් පරිගණක ( analog Computers ) : ක්‍රි. පූ. 100 පමණ නිර්මාණය කරන්නට විය. මේවා නිර්මාණය කර ඇත්තේ යාන්ත්‍රික මූලධර්ම භාවිතා කරමින් නිශ්චිත ගැටලු, බොහෝ විට තාර කවි විද්‍යාත්මක ගණනය කිරීම් වලටය.
Blais pascal ( බ්ලේස් පැස්කල් ) ගේ පැස්කලයිනය 17 වන සියවස තුළ මේ නිර්මාණය කර ඇත. ගොඩ්ෆ්‍රිඩ් විල්හෙල්ම් , වොන් ලයිව්නිස් වැනි නව නිපැයුම්කරුවන් මූලික ගණිත මෙහෙයුම් සිදුකිරීමට යාන්ත්‍රික ගණක යන්ත්‍ර සංවර්ධනය කළහ.
Analitical engine ( චාල්ස් බැබේජ් ) : වර්තමාන පරිගණක නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික නිර්මිත / සංකල්ප ගොඩනැගීම මෙහිදී චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කර තිබිණි.
එමෙන්ම පරිගණක පරිණාමය තුළ තොරතුරු හා දත්ත නිර්මාණය කිරීම පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් විය. එනම් රික්ත නල (පළමු පරම්පරාව) ENIAC හා UNIVAC වැනි පරිගණක යන්ත්‍ර නිර්මාණය කළහ. මේවා ඉතා විශාල පරිගණක වූ අතර ධාරිතාවය ඉතා අඩු විය. එමෙන්ම ඇලන් ටියුරින්ගේ ටියුරින් පරීක්ෂණය මගින් යන්ත්‍රයකට මිනිසකුගෙන් වෙන්කර හඳුනාගත නොහැකි බුද්ධිමත් හැසිරීම් ප්‍රදර්ශනය කරන ලදී. මෙය එය නිර්මාණය කිරීමටත් පෙර සිටම ගොඩ නැගුන අතර මෙහි මූලධර්ම AI නිර්මාණයට දායක කරගන්නා ලදී.
කෘතිම බුද්ධියේ උපත ආරම්භ වන්නේ 1980 ගණන්වල සිටය.
Darthmooth සමුළුව : ජෝන් මැකාති විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව AI හී ආරම්භක මොහොත විය. කෘතිම බුද්ධිය යන යෙදුම නිර්මාණය කරන ලද්දේ මෙහිදීය.
Symbolic AI : මෙය ගැටළු විසඳීම සඳහා තර්කනය හා සෙවුම් ඇල්ගොරිතම භාවිතා කිරීමට අවධානය යොමු කරන ලදී.
Logical Theorist : ඇලන් නිවෙල් හා හර්බට් ඒ. සයිමන් විසින් වැඩිදියුණු කරන ලදි. මෙය මානව ගැටලු විසඳීම අනුකරණය කර ගණිතමය ප්‍රමේයයන් මගින් එය ඔප්පු කරන්නට යොදාගත් න්‍යායක් විය.
General problem Solver : 1957 - 59 තුළ නිවෙල් හා සයිමන් යන දෙදෙනාම මෙම සාමාන්‍ය ගැටළු විසඳුම් විසඳුම්කරණය historic searching භාවිතා කරමින් ගොඩනගන ලදී.
ELIZA ( 1966 ) : ජෝසප් වයිසන්බෝම් විසින් නිර්මාණය කරන ලද මෙම මුල් ස්වභාවික භාෂා සැකසුම් වැඩසටහනක් ලෙස සංවර්ධනය කොට ඇත්තේය.
විශේෂඥ පද්ධති ( expert system ) :විශේෂයෙන් තීරණ ගැනීමේ හැකියාව අඩුකරණය කිරීම අරමුණු කරගෙන සිදු කර ඇත.
මෙකී තාක්ෂණික ක්රමෝපායන් සියල්ලන්ගේම අවසාන ප්‍රතිඵලයක් ලෙස AI තාක්ෂණය ලොවට හඳුන්වා හඳුන්වාදීම මෙන්ම අද වන විට එය භාවිතයට ගත හැකි මට්ටමට සංවර්ධනය කිරීම ලෝකයේ ඉදිරි තාක්ෂණික ගමන් මගේ අවශ්‍යතාවයට හේතුවන බව පැහැදිලි වේ. මූලික වශයෙන් මෙහි අන්තර්ගතයන් තවත් වසර කිහිපයක් යද්දී වෙනස්වීමට නියමිත බව පැහැදිලිව මතක් කර යුතු කාරණාවක් වේ.
AI ලෝකයට කරන සේවා මොන වගේද ?
කෘතිම බුද්ධිය ලෝකයට හඳුන්වා දීමේ මූලික ක්‍රියාවලිය අද ඊයේක සිදුවූවක් නොවන බව පැහැදිලිව දැක්විය හැකිය. මෙහිදී AI යන්නට ලෝකයේ ගෝලීය වශයෙන් ගැටලු විසඳීමට මෙන්ම ගෝලීය වශයෙන් ගැටලු විසඳීමට මෙන්ම කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීමට අවශ්‍ය මූලික පදනමගෝලීය වශයෙන් ගැටලු විසඳීමට මෙන්ම කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීමට අවශ්‍ය මූලික පදනම මෙහිදී දැක්විය හැකිය. එයට අමතරව විවිධ අරමුණුවලට අවශ්‍ය කරන අඩිතාලම් මෙහිදී පැහැදිලිව පෙන්වා දිය හැකිය.
කෙටියෙන් ගතහොත් සංක්රීයකරණය හා කාර්යක්ෂමතාව වෙනුවෙන් මෙම AI භාවිතය යොදා ගනු ලැබේ . රොබෝ තාක්ෂණය සඳහා දත්ත ඇතුලත් කිරීම ආදී මෙන්ම chatbot භාවිතය මෙම AI වලින් ලබාගන්නා පොදු කාර්යයන් වෙයි එමෙන්ම තීරණ ගැනීම මෙන්ම ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතම භාවිතය AI වල ඇති ප්‍රබලම අවස්ථාවකි. එමෙන්ම පුරෝකතන විශ්ලේෂණ සංකීර්ණ ගැටළුවකින් මෙන්ම මිනිසා භාවිතා කරන සරල භාෂා භාවිතයන් සකස් කිරීමට අවශ්‍ය දැනුම ලබාදෙයි.
එමෙන්ම කර්මාන්තවල දියුණු උදෙසා මෙම AIභාවිත කිරීම කැපී පෙනෙන සාධකයක් ලෙස දැක්විය හැකිය . ගෝලීය වශයෙන් මෙහි වැදගත්කම තවදුරටත් විද්‍යාමාන කිරීම ප්‍රවාහනය තුළින් සිදු කරයි . එනම් ස්වයං රිය පැදවීම රථවාහන පද්ධති සංක්‍රීය කිරීම මෙහිදි සිදුකරයි.
මෙහි නොකී බොහෝ තාක්ෂණ කාරණා හා බද්ධවන්නේ අධ්‍යාපනය ,කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, පර්යේෂණ ක්ෂේත්රාදී බොහෝ ක්ෂේත්‍ර තුළට මෙය ගෙන ඒමට AI සමත් වී ඇත. ගෝලීය වශයෙන් මෙය නිර්මාණය කරන ලද මූලික සංකල්පය මෙමගින් වටහා ගත හැකිය. ඉදිරියට යන ලෝකය තවදුරටත් ස්වයංක්‍රීයකරණයට ලක්වීම මේදී සිදුවන බව පැහැදිලිය.
AI හා ලංකාවේ ඉදිරි ගමන
ගෝලීය වශයෙන් ලෝකය AI හා වැජඹෙද්දි මෙන්ම AI විසින් කාර්යබහුල ජීවිතයක් තවදුරටත් අවම කරන යුගයක් තුළ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටක කෘතීන් බුද්ධිය මගින් ලබා ගන්නා දායකත්වය පිළිබඳ විමසීම අවම වශයෙන් සිදුවේ . විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටකට කෘතීම බුද්ධිය තුළින් බොහෝ අවස්ථාවල සංවර්ධන වැඩසටහන්වල ආකෘති , සැලසුම් පවා දියත් කිරීමේ හැකියාව වර්ධනය කරගත හැකිය. විශේෂයෙන් ආර්ථික සංවර්ධන උපායමාර්ග , මහජන සේවා වැඩිදියුණු කිරීමට හා සමාජ ආර්ථික අභියෝග වලට අවශ්‍ය වැඩපිළිවෙළ මෙහිදී වැදගත් වේ. පොදුවේ ගත් කල එවැනි වූ ජාතික උපායමාර්ගයක් 2024 - 2028 කාල සීමාවට අදාළව සකස් කර ඇත. එම උපාය මාර්ග එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සමග ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.
තවද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සීය AI ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගයක මගපෙන්වීම හා මෙහෙයුම් සහාය ලබාදීම සඳහා ජාතික කමිටුවක් පත් කර ඇත. එමෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ වංශ වර්තමානය වන විට නවීකරණය කිරීම සඳහා AI යොදාගත හැකිය. සෞඛ්‍ය සේවා පමණක් නොව අධ්‍යාපනය, ප්‍රවාහනය ආදී ගෝලීය වශයෙන් සංවර්ධනය කරන ලද අංශ ලංකාව තුළ වෙනස්කමකට භාජනය කළ හැකිය.
ලංකාව වැනි සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් හා සංස්කෘතිකමය වූ රටක් තුළට AI පැමිණීම තරමක් ආගන්තුක වුවද නූතන පරම්පරාවේ දැනුමත් බව හා තාක්ෂණික ඇල්ම මත පදනම් වීම තුළින් AI මගෙන් රටක් දියුණු කළ හැකිවීම පැහැදිලි ලෙස අත්දැකීමට හැකියාව පවතී.
එමෙන්ම සමකාලීන සමාජයට AI යන්න අමුතු අත්දැකීමක් නොවන බව පැහැදිලි ලෙස දැකිය හැකි කාරණාවක්ය මෙයට හේතුව ලංකාවේ සිටින වර්තමාන තරුණ පරපුර ක්‍රියා කරන්නේ AI තාක්ෂණය සමඟය. විශ්ව විද්‍යාල තුල, පාසල් තුළ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය තුළ මෙය බහුලව භාවිතා වීම පැහැදිලිව දැකිය හැකිය. AI මගින් නූතන ලෝකය නවීකරණය වීම ප්‍රබල වාසියක් මෙන්ම හිතකර ලක්ෂණයක් මෙන්ම එහි පවතින අහිතකර ලක්ෂණයන් වන්නේ චින්තනය , සංවේදී බව වැනි ආකල්පමය බලපෑම්වල අඩු ලුහුඬුකම්වලට කරනු ලබන ප්‍රබල අහිතකර බලපෑමයි . මෙය ඉදිරි වසර දහය තුළ දරුණු ලෙස බලපෑම් කරනු ලබන අතර AI මගින් ඉදිරි ලෝකය පාලනය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත් නවීන තාක්ෂණය උපයෝගී කරගනු ලබන ලෝකයේ පාලනයක් පාලනයක් සහිතව ක්‍රියා කරවීම සෑම අතකින්ම යහපත් වේ.
Geeth Malan
Department of Mass Communication
University of Kelaniya
❤️
ReplyDeleteGoos
Delete❤️
Delete❤️
ReplyDelete✨️💜️
ReplyDelete