Tuesday, 22 April 2025

ට්‍රම්ප් සීයගෙ 44 ඇදිරිය...

 ඩොනල්ඩ් ට්‍රම්ප් පනවන ලද 44% අතර තීරු බද්ද හා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය..

රටක දේශපාලනික මෙන්ම සමාජ විෂමතා බොහොමයක් සංසිඳුවන හා එයට වෙනස් වෙනස් ආකල්ප මත ආදිය ඉදිරිපත් කිරීමට හැකි එකම අංශය වන්නේ රටේ පවතින ආර්ථිකයයි . බොහෝ දේශපාලනික වශයෙන් ශක්තිමත් රටවල් සිය රටේ ආර්ථිකය වර්ධනය කෙරෙහි දක්වන්නේ සුළුපටු දැකීමක් නොවේ. එයට කදිම උදාහරණ ලෙස ඇමෙරිකාව රුසියාව චීනය වැනි එක රැයින් දියුණුවේ දොරකඩට ප්‍රාදූර්භූත නොවූ රටවල් දැක්විය හැකිය.

එමෙන්ම පළමු වන ලෝකයේ රටවල් බොහොමයක් පාහේ තම බලය රඳවා තබා ගැනීමට අවශ්‍ය කරනු ලබන මං පෙත් විවර කරගනිමින් සිටින කාල වකවානුවක් ලෙස මේ කාලය දැක්විය හැකිය. ඊට අමතරව තුන්වන ලෝකයේ රටවල පවතින ආර්ථිකය වක්‍රාකාරයෙන් පාලනය කිරීමේ බලයද වර්තමාන ලෝක බලවතුන් සියතට ගෙන ඇති බව පැහැදිලිව දැකිය හැකිය. මීට මාස කිහිපයකට පමණ පෙර ඇමරිකාවේ විධායක ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට මෙන්ම සෙසු රටවල් විශාල ප්‍රමාණයකටම අතුල් පහරක් එල්ල කරමින් පනවන ලද තීරු බදු පිළිබඳ ප්‍රබල සංවාදයක් අද වන විට නිර්මාණයය වී තිබේ.

ලෝක ඉතිහාසයේ පනවපු ලොකුම තීරු බද්ද ලංකාවට ද ?   

 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 2 වන ( අගහරුවාදා ) දා  පනවන ලද මෙම ලෝක ආර්ථික සම්බාධකය ලෝකයේ තවත් රටවල 60කට වැඩි ප්‍රමාණයකට මෙම තීරු පොද පැනවීම සිදුකර තිබිණි. අප්‍රේල් 2  දා පැනවූ මෙම තීරු බදුු අප්‍රේල් 5( සෙනසුරාදා ) දා සිට ක්‍රියාත්මක කර තිබූ අතර  ඉතිහාසයේ වැඩිම තීරු බදු ප්‍රතිශත මෙය බවට ද පත් විය.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ එක් එක් රටවල් වලට අන්‍යෝන්‍ය බදු ප්‍රතිශත ට්‍රම්ප්  විසින් පනවා ඇති බව පැහැදිලි වේ.  එම පනවන ලද තීරු බදු අතරින් වැඩිම තීරු බදු ප්‍රතිශතයක් පැනවූ රටවල් කීපයක් විය. ඒ ප්‍රධාන රටවල් අතරින් චීනයට 84% ක් ලෙසත්,  කාම්බෝජයට 49% ක් ද, වියට්නාමයට 46% ක් ද , ඉරාකයට 39% ක්ද, බංගලාදේශයට 37% ක්ද, තායිලන්තයට 36% ක්ද, ස්විට්සර්ලන්තයට 31%ක් ද ආදී වශයෙන් පනවා ඇත. ශ්‍රී ලංකාවද ඇමරිකාව හා පුළුල් වෙළඳ ගනුදෙනු පවත්වාගෙන යන බැවින් 44% ක බද්දක් පැනවීම කෙරෙහි බොහෝ බලපෑම් අහිතකර මට්ටමෙන් පැවතීම විමතියට කරුණක් නොවේ.

ට්‍රම්ප් මෙහෙම තීරණයක්  ගත්තෙ ඇයි ?

  අභිනව ජනාධිපතිවරයා පැමිණීමත් සමග ඇමරිකාවේ පවතින කර්මාන්ත ආර්ථිකය  හා දේශීය ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණයක් ගෙන ඇති බව ට්‍රම්ප් විසින් තවදුරටත් සඳහන් කරන ලදී. මීට පෙර වසර වලද එනම් 2020, 2021, 2022 වැනි වසර වලද තීරු බදු පැනවීම් ලෝකයේ බොහෝ රටවලට සිදුකර ඇති නමුත් ඒ සියලු බදු පැනවීම් එම රටවල් හා එකඟතාවයකට පැමිණ සිදුකර ඇති බව සැබෑය. නමුත් මෙවර ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබූ මෙම අත්තනෝමතික තීරු බදු පැනවීම තුළ ඇත්තේ දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් සෙසු රටවල් වල ආර්ථිකයට තර්ජනය කිරීම වේ. විශේෂම කාරණය වන්නේ චීනයට ඉතාමත් ඉහළ තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට හේතුව එම රටවල සෘජු හේතුව එම රටවල සෘජු වෙළඳ ආර්ථික ප්‍රතිපත්තියත් පවතින බල හුවමාරුව හා තරගකාරීත්වය විය හැකිය. නමුත් ට්‍රම්ප් ගේ මෙම ක්‍රියාකලාපයට හේතුව ඉහත කී හේතුවට වඩා තුන්වන ලෝකයේ රටවල බලය අත්පත් කර ගැනීම බව පැහැදිලිව පෙනීයන කරුණකි. 

44% අපේ රටට කොහොම බලපායි ද ?

  ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා පනවා ඇති මෙම තීරු බදු යටතේ ලංකාවේ ආර්ථිකයට එළ කරනු ලබන බලපෑම සුළු  පටු නොවේ. එනම් කාලයක සිට මෙරට ආර්ථිකය කොඳු නාරටිය බඳු ඇඟලුම්  කර්මාන්තයට මෙම පනවන ලද  තීරු බදු හේතුවෙන් සැලකිය යුතු බලපෑමක් එල්ල වන බව පැහැදිලි වේ. එනම් ඇමරිකානු වෙළඳ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ මෙම තීරු බද්ද යටතේ ලංකාවෙන් ආනයනය කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ සෑම භාණ්ඩයකම මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ දමන අතර එමගින් එම රටවල අපේ රටේ නිෂ්පාදනවලට පවතින ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් අඩුවේ. එනම් ලොව පුරා ආර්ථික බිඳ වැටීමෙන් සැලකිය යුතු හානියක් ශ්‍රී ලංකාවට සිදුවීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදය දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වැදගත්ම අපනයන ගමනාන්තය වී ඇති අතරින් 2024 දී එය මුළු වෙළෙඳ අපනයනයෙන් 23% ක්  විය.  පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයට කළ අපනයන බිලියන තුනකට ආසන්න ප්‍රමාණයෙන් අතිමහත් බහුතරයක්  (70% ) ඇඟලුම් වශයෙන් පැමිණි ඒවාය. ඒ අතර පිරිමි හා කාන්තා යට ඇඳුම්, පිටත ඇදුම්, ටී ෂර්ට්, ක්‍රීඩා ඇඳුම්,  අත්වැසුම් හා ලදරු ඇඳුම් ඇතුළත් වේ. 

ඇඟලුම් කර්මාන්ත ශාලා ප්‍රධානීන් හා ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ මෙම තීරු බදු දැනටවත් ලංකාවේ බිඳෙනසුලු  ආර්ථිකයට බරපතළ විපාක ගෙන දෙන බව ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රයට ලැබිය යුතු ඇනවුම් තියුණු ලෙස පහත වැටිය හැකිය . එමෙන්ම ශ්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත්‍රයක රැකියා දහස් ගණනකට තර්ජනයක් වනවා නොඅනුමානය . 

වැඩි බලපෑම කොයි පැත්තට ද ? 

තීරු බදු ඉහළ දැම්මේ මේ ප්‍රතිඵලයත් ලෙස ලංකාවේ ඇඟදුම් කර්මාන්තයට එල්ලවීමට යන මරු ප්‍රහාර විශාල වශයෙන් ලංකාවේ ආර්ථිකයට පාඩු ගෙන දෙන සිද්ධියක් වේ. ඒ අතර  මෙම ඇඟලුම් ක්ෂේත්‍රයේ ද ආර්ථිකය හසුරුවාලනු  ලබන  ප්‍රබල ආයතන ශ්‍රී ලංකාව සතු වීමද මෙහි පවතින ප්‍රබලතම ගැටලුව වේ.  ඇඟලුම් කර්මාන්තයේ ලංකාවේ විශාලතම කාර්මික අපනයන අංශය වන අතර ඍජුවම 300,000 කට ආසන්න පිරිසක් සේවය යොදවන අතර වක්‍ර රැකියා හරහා තවත් ලක්ෂ ගණනකට ජීවනෝපාය බවට පත්කර හමාරය. ගෝලීය ඇගලුම් සැපයුම් දාමයේ (Global Garments supply Chain ) ප්‍රධාන බලකනු වන MAS Holdings ,  Brandix හා Hydramani Apparels වැනි සමාගම්  ලාභ ආන්තික මත පීඩනයකට මුහුණ දීමට ඉඩ ඇත .කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ අපනයනකරුවන්ගෙන් බොහෝමයක් දෙනා  එක්සත් ජනපද ගැනුම්කරුවන් මත දැඩි සේ විශ්වාසය තබයි. ඒ හේතුවෙන් නිෂ්පාදනයේ අඩු කිරීමට හෝ සම්පූර්ණයෙන් වසා දමන තත්වයට පත්වීමට සමහර ඇඟලුම් කර්මාන්ත  ආයතනවලට සිදුවනු ඇත.

රජයක් විදියට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනව ද ?

  මෙලෙස පුරව පරාසයක මිල යාමෙන් අදහස් වන්නේ එක්සත් ජනපද ගැනුම්කරුවන්ට වෙනත් ආසියානු සැපයුම්කරුවකු සොයාගැනීම මෙම ගැටලුවට විසඳුමක් නොවන බවයි. එයට හේතුව වන්නේ ආසියානු මහද්වීපයේ බොහෝ රටවලට මේ වන විට අධික තීරු බඳු පනවා ඇති හෙයිනි . කෙසේ වෙතත් මෙවැනි රටක් තෝරා ගත්තද ඇමරිකානු ගැනුම්කරුවන්ට සැලකිය යුතු වාසියක් ඇති නොවන බව පැහැදිලිය.  එමෙන්ම මේ පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ( JAAF ) හදිසි සහන ලබා ගැනීමට රජය සමඟ සාකච්ඡා මාර්ගයට පැමිණීමද අපේක්‍ෂා කළ හැකිය.

එමෙන්ම රජයක් වශයෙන් ශ්‍රී ලංකා රජයට තීරු බදු අවම කිරීම හෝ ඉවත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජනපද වෙළඳ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිසක් මැයි මාසයේ දී වොෂින්ටන් වෙත යන බවද පසුගියදා විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනය කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව දැනට IMF  ණය සහන ලබන රටක් බැවින් මෙවැනි තීරු බදු පැනවීම තුළින් රටට එල්ල විය හැකි ආර්ථික අවාසියත්,  රැකියා අහිමිවීම පිළිබඳ මානුෂීය කාරණයත් පිළිබඳව ඉස්මතු කිරීමට රජයට සිදු වේ.

මෙම ගැටළුව පිළිබඳ පවතින විශේෂිත කරුණ නම් ලංකාව වැනි ආර්ථික අතින් කෙමෙන් කෙමෙන් නැගී සිටින රටකට ඉහළ තීරු බදු පැනවීමක් තුළින් ඉහල අපනයන වෙළඳාමක් උරුමව සිටින ඇගයුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ පමණක් නොව සෙසු කර්මාන්තවලට ද ඇතිවන බලපෑම් යහපත් නොවීමයි. කෙසේ වෙතත් ගෝලීය වෙළඳ ආර්ථිකය තුළ ඇතිවන මෙවැනි තත්ත්වයන්ට සාධාරණව මුහුණ දීමට වගබලා ගත යුතුය. 

Geeth Malan
Department Of Mass Communication 
University of Kelaniya

2 comments:

INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...