Thursday, 3 April 2025

මාධ්‍ය ඉතිහාසය ( Article Series No - 02) )

 



            ශ්‍රී ලංකා රූපවාහිනි ඉතිහාසය


රූපවාහිනිය පිළිබඳ පොදු සාකච්ඡා මත ආදිය ලෝකය පුරා ව්‍යාප්ත වීම ආරම්භ වන්නේ ලෝක යුද්ධයේ අවසාන භාගයේදීය.එහිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය මෙන්ම ලෝක යුද්ධය හා මුහුම් වූ සෑම රටක්ම පාහේ රූපවාහිනිය පිළිබඳ පොදු උනන්දුවක් දැක්වීමට උත්සුක විය. මෙවන් කාලරාමුවක ශ්‍රී ලංකාවට රූපවාහිනිය පිළිබඳ අදහසක් ඇතිකරලීමට එවකට රජය මෙන්ම සෙසු සංවිධාන වලින් ඇති කරන ලද බලපෑම වර්තමානය වන විට විශාල දියුණුවක් මට්ටමට පැමිණ ඇති බව පැහැදිලි වේ.

සාරාංශයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ රූපවාහිනි මාධ්‍ය ආරම්භ වීම 70 දශකයේ අග භාගයේදී සිදුවිය. එයට හේතු පාදක වූයේ ස්වාධීන රූපවාහිනියේ ආරම්භයයි. එම සිද්ධි දාමය වඩාත් තහවුරු කිරීමට 80 දශකයේ ජාතික රූපවාහිනිය ආරම්භ කිරීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවට රූපවාහිනි මාධ්‍ය හඳුන්වාදීමට ගත් උත්සාහයන් අතරින් ඒ සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පත්කරන ලද කොමිෂන් සභා, සංවාද හා සාකච්ඡා ආදිය ඇතුළත් වේ. ඕනෑම නව මාධ්‍යයක් හඳුන්වා දීමේ දී පවත්නා සමාජ ප්‍රියාකාරීත්වයම එකලත් පැවති බවට  මෙම ක්‍රියාවලිය තුළින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ පූර්ව රූපවාහිනී ඉතිහාසය ක්‍රියාවලිය තුළින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ පූර්ව රූපවාහිනී ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒ ප්‍රධාන වශයෙන් පර්යාලෝක තුනක් ඔස්සේ විමසා බැලිය හැක.

රූපවාහිනි ඇරැඹීම සඳහා වූ ඉල්ලීම්

• ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වාදීමට ගත් උත්සාහයන් අතරේ හමුවන ප්‍රථම අවස්ථාව වන්නේ 1959 දී RCA (Radio corporation of america ) සමාගම සිදු කරනු ලැබූ ඉල්ලීමයි.

• 1960 දශකයේ දී එම සමාගම එවකට සිටි රාජ්‍යයෙන් එම ඉල්ලීම් නැවත වරක් කර ඇත. නොමිලේ රූපවාහිනී සේවා නැරඹීමටත්, කොළඹ අවට සීමිත ප්‍රදේශයක් එමගින් ආවරණය කිරීමටත් , යෝජනා වූ නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැත.

• හැට දශකය මුල් භාගයේදීම ජර්මන් ෆෙඩරල් ජනරජය (German Federal United ) රූපවාහිනි සේවා නැරඹීමට යෝජනා ඉදිරිපත් කළ බවට තොරතුරු පවතී.

• 1964-65 කාලය තුළ මාර්කෝනි සමාගම විසින් රූපවාහිනිය ඇරැඹීමේ යෝජනා දෙකක් ඉදිරිපත් කරන ලදී. කෙසේ නමුත් එම යෝජනාවන් ප්‍රතික්ෂේප වී තිබේ.

• ජර්මනියේ "BOSCH" සමාගමද මෙරට කළුසුදු රූපවාහිනී සේවා නැරඹීමට යෝජනා කළමුත් මෙරට මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඊට උනන්දුවක් පළ නොවීය.

• මෙරට රූපවාහිනී සේවාවන් ආරම්භ කිරීමට සිදුකළ එල්ලීම අතර 1960 ජර්මන් ෆෙඩරල් ජනරජය (GFU) කලේ ඉල්ලීම් හැඳින්විය හැකිය.එම යෝජනාව වූයේ රජයට අයත් රූපවාහිනී සංකීර්ණයක් ඉදිකර කොළඹ අවට ප්‍රදේශයේ සීමිත විකාශනයන් සිදුකිරීමේ තාක්ෂණික ආධාර සැපයීමයි.එම ඉල්ලීම ඉවත දැමීමට බලපෑ හේතු දෙකකි.

1. රූපවාහිනි සම්බන්ධයෙන් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ පුද්ගලික අත්දැකීම
2. එවකට ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාව සිටි නෙවිල් ජයවීරගේ කරුනු දැක්වීම්.


එමෙන්ම ජර්මන් රජය කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ යුතු බවට නිවිල් ජයවීර මහතා ඉදිරිපත් කළ හේතු ලෙස මෙහි දැක්වෙන හේතු දැක්විය හැකිය.

• ලංකාව පූර්ණ ලෙස ආවරණය කළ හැකි මධ්‍යම තරංග ගුවන්විදුලි  විකාශන ක්‍රමයක් නොපැවතීම.

• කොළඹ සිට සැතපුම් තිහක කලාපයක පමණ රූපවාහිනි විකාශනයක් ඇරඹීම මගින් සමාජ පරතරය වැඩිවීම.

• ප්‍රාග්ධනය පවත්වාගෙන යාමේ ගැටලු සහ රූපවාහිනිය සඳහා අතිවිශාල වියදමක් දැරීමට සිදුවීම.

ශාන් වික්‍රමසිංහගේ ඉල්ලීම්

• 1967 දී රූපවාහිනි තාක්ෂණය පිළිබඳව විදේශ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි  අගමැතිවරයාගෙන් කරනු ලැබූ ඉල්ලීම්ද ප්‍රතික්ෂේප විණි.

• 1970 දී බලයට පත් වූ නව රජයටද එම එල්ලීම් ඉදිරිපත් කළ නමුත් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

• එම ඉල්ලීම් ඉදිරිපත් වන විටත් රජය ජපන් රජය සමඟ එක්ව මෙරට රූපවාහිනි සේවාවක් ලබාදීමට එකඟ වී සිටි බවට පෙන්වා දිය හැකිය හැකියි.  ඒ අනුව 1978 ජනවාරි මාසය වන විට මෙරට ඉදිකිරීමට යෝජිත රූපවාහිනි මධ්‍යස්ථානයේ සැලසුම හා ආකෘති සම්පූර්ණ කර තිබුණි ආකාරයට දශක තුනක කාලයක් තුළ දේශය හා විදේශීය ඉල්ලීම් ගණනාවක් මෙරට රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් රූපවාහිනී විකාශය සඳහා අවසර ඉල්ලා සිටි අයුරු දැකගත හැකිය.

රූපවාහිනිය පිළිබඳ වූ අත්හදා බැලීම්





මෙරට පූර්ව රූපවාහිනි ඉතිහාසය තුළ රූපවාහිනිය පිළිබඳ අත්හදා බැලීම්ද වැදගත් තැනක් ගනියි.

• 1950 දශකයේ ලංකා ගුවන්විදුලියේ සේවය කළ ටියුඩර් පෙරේරා නම් කාර්මික ශිල්පියා තමන් විසින් සකස් කරගත් තාක්ෂණික උපකරණ භාවිතා කරමින් කාන්තාවකගේ රූපයක් ඈතින් පිහිටි තිරයකට සම්ප්‍රේෂණය කළ බවට වාර්තා වෙයි.

• 1969 දී A.A. හුළුගල්ල මහතා පෙන්වා දෙනුයේ දකුණු ඉන්දියාව ආශ්‍රිතව එම වසර ඉදිකිරීමට නියමිත යෝජිත රූපවාහිනි මධ්‍යස්ථාන මගින් යාපනය වැසියන්ටද රූපවාහිනිය නැරඹීමේ හැකියාවක් ඇති බවයි. ඒ වන විට විදෙස් රටවලින් මෙරටට ගෙන්වා තිබූ රූපවාහිනී යන්ත්‍ර අතරින් උතුරු ප්‍රදේශයේ තිබූ රූපවාහිනි යන්ත්‍රවලින් එම දර්ශන නැරඹීමට හැකියාවක් පවතින්නට ඇතැයි අනුමාන කරන ලදී.

• ආතර් සී ක්ලාක් මහතා විසින් ඉන්දියානු SITE (satellite instructional television experiment) වැඩසටහන යටතේ චන්ද්‍රිකා තරංග ලබාගත හැකි උපකරණ පද්ධතියක් කොළඹ ඔහුගේ නිවසේ සවිකිරීම දැක්විය හැකිය . ඒ 1975 අගෝස්තු මාසයේදීය ඒ ATS 6 නම් චන්ද්‍රිකාව මගිනි.

• 1976 අගෝස්තු මාස මස්ස මෙරට පවත්වනු ලැබූ නොබැඳි ජාතීන්ගේ සමුළු අවස්ථාවේදී රූපවාහිනි සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
       සමුළුව වාර්තා කිරීමට පැමිණිස ලෝකයානු රූපවාහිනිය නියෝජිත පිරිසක් සංවෘත රූපවාහිනි සේවාවන් (Closed Circuit) මෙහෙයවනු ලැබීය.

• මීට සමාන්තරව ශාන් වික්‍රමසිංහ හා අනිල් විජයවර්ධන නොබැදි  ජාතීන්ගේ සමුළුව පැවති දිනවල කොළඹ අවට සැතපුම් 10 ක් පමණ දුරට අත්හදා බැලීමේ විකාශනයක් පවත්වාගෙන යාමට සමත් වූහ. මෙරට තිබූ රූපවාහිනි යන්ත්‍ර 50 කට පමණ එකී දර්ශන ලබා ගැනීමට හැකි වූ බව සඳහන් වේ.

• 1979 අප්‍රේල් 14 වන දා ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශන කටයුතු ඇරඹීමත් සමගම රූපවාහිනිය සීමිත ප්‍රේක්ෂක පිරිසකට නැරඹීමට හැකි විය.

• 1979 ජූනි පස්වන දින නිකුත් කරනු ලැබූ අංක 39/5 දරන අති විශේෂ පත්‍රය මගින් ස්වාධීන රූපවාහිනි සේවය රජයට පවරා ගනු ලැබිණි. රජයට පවරා ගත් පසු දිනපතා පැය පහක පමණ වැඩසටහන් විසුරුවා හරිනු ලැබීය. කොළඹ සිට සැතපුම් 15 ක පමණ ප්‍රදේශයකට ITN දැකගැනීමට හැකිවේ.

       නමුත් මෙහි පැවතුණු විශේෂ දුර්වලතා ලෙස,

1. විකාශන ඇන්ටනාව පිහිටුවා ලැබූ ස්ථානය නුසුදුසු වීම.
2. විදුලි බලය උච්ඡාවචනය වීම.
3. විකාශන යන්ත්‍රයේ බලයඅඩුවීම. (1kw)
4ප්‍රමාණවත් තරමට මුදල් නොමැති වීම.


• 1982 දී ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ආරම්භ වීමට ප්‍රථම 1980 ඔක්තෝම්බර් 7 සිට පරීක්ෂණ විකාශන කටයුතු ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ 1981 ඔක්තෝබර් 22 එලිසෙබත් රැජිනගේ මෙරටට පැමිණීම  විකාශය කිරීමට හැකි විය. ඉන්පසුව චාල්ස්  ඩයනා විවාහ මංගල්‍යය සජීව විකාශයක් ලෙස ඉදිරිපත් කෙරිණි.

• ජාතික රූපවාහිනියේ නිල විකාශන කටයුතු ආරම්භ වූයේ 1982 පෙබරවාරි 15වන දිනය.

ප්‍රතිපත්ති , සාකච්ඡා හා සංවාද

ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවාවන් හඳුන්වාදීමට ගත් ප්‍රතිපත්ති යටත් විජිත සමය දක්වා දිවයයි.

• කන්දයියා වෛද්‍යනාදන් කොමිසම (1941)

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශන කටයුතු සොයා බැලීමට පත් කරන ලද කණ්ඩායම් වෛද්‍යනාදන් කොමිසම මුල්වරට මෙරට රූපවාහිනි විකාශයන් ඇරඹීමට ඇති හැකියාව විමසනු ලැබීය.

• වීරසූරිය කොමිසම (1953)

ලංකාවේ ගුවන් විදුලි ප්‍රචාරක කටයුතුයි පරික්ෂා කර බලා වාර්තා කිරීමට පත්කර තිබූ වීරසූරිය කොන්සමට පැවරුණු කරුණු තුනක් යටතේ දෙවැනි කාරණය ලෙස දැක්වූයේ "රූපවාහිනිය ලංකාවට හඳුන්වාදීම සුදුසුද යන්න සොයා බලා වාර්තා කිරීමයි" . වීරසූරිය කොමිසමේ අදහස වූයේ රූපවාහිනියක් මෙරට ඇරඹීමේ ගැටලුව වන්නේ ප්‍රාග්ධනය හෝ නඩත්තු වියදම් නොවන බවයි. වැඩසටහන් කරණය පිළිබඳව පවත්නා දැනුම හා රූපවාහිනි යන්ත්‍රවල මිල ගණන් දරා ගත හැකි ද යන ප්‍රශ්නය වාර්තාවෙන් මතුකර තිබුණි .

• හුළුගල්ල කොමිසම (1965)

මෙම කොමිසම මගින්ද රූපවාහිනී සේවාවන් පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙනයන ලදී. එහි නිර්දේශය අතර වූයේ ඉදිරියේදී දියුණු කර ගැනීමේ අරමුණින් සුළු වශයෙන් හෝ රූපවාහිනී සේවාවක් ආරම්භ කළ යුතු බවයි. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීම පමා කිරීම යෝග්‍ය නොවන නමුත් ඊට පෙර මූල්‍යමය තත්ත්වයන් විදේශ විනිමය පිළිබඳවද විමසා බැලිය යුතු බව කොමිසම ඉඟි කළේය.

• V.C. ජයසූරිය කොමිසම ( 1972 )

මෙම කොමිසමේ ගුවන්විදුලි කොමිෂන් න් සභා වාර්තාවේ රූපවාහිනි මාධ්‍ය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
එහි නිර්දේශ මෙසේය.

1. මනා ලෙස සැලසුම් කිරීමෙන් පසු දේශීය මුදල් යොදවා ප්‍රධාන වශයෙන් අධ්‍යාපනික හා තාක්ෂණික අවශ්‍යතාවයන් වලට යොමු වූ රූපවාහිනියක් ආරම්භ කිරීමට කටයුතු යෙදිය යුතුය.

2. ආරම්භයක් වශයෙන් මුලින් ගුවන්විදුලිය යටතේ තාක්ෂණික කටයුතු සිදු කළ යුතු අතර පසුව ඒ සඳහා සංස්ථාවක ආරම්භ කළ යුතුය.

3. රූපවාහිනී පිළිබඳ අවසාන තීරණය ගැනීමට පෙර අධ්‍යාපන ,සැලසුම් හා තොරතුරු අමාත්‍යාංශවලින් යුත් කමිටුවකින් ඊට තත්ත්වයන් විමසා බැලිය යුතුය.


මෙම විස්තරාත්මක වාර්තාව මෙරට රූපවාහිනියේ ප්‍රතිපත්ති පිළිබඳව සිදුකළ දියුණු මැදිහත්වීමක් සේ සැලකිය හැකිය. කෙසේ වුවද ජයසූරිය කොමිසමයේ නිර්දේශ පිළිගැනීමක් හෝ නොපිළිගැනීමක් පිළිබඳ තීන්දු ගැනීමකට රජය යොමු නොවීය.

• ජපානය සමග පැවැති පූර්ව එකඟතාව (1977)

ජපානය සමග පැවැති පූර්ව එකඟතාව හමුවේ වුවද නව රූපවාහිනිය සේවාවක් ඇරඹීමට උනන්දුවක් දක්වන්නන්ගෙන් අයදුම්පත් කැඳවීම සිදුවිය.

එහිදී,

1978 ජූලි 5 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේ රූපවාහිනි සේවාවක් පවත්වාගෙන යාම සඳහා අයදුම්පත් කැඳවන ලදී. එහිදී අයදුම්පත් හතළිහක් ඉදිරිපත් වූ අතර ඉන් දෙකක් තෝරා ගැනුණි. ඒ විදුලි උපකරණ සමාගමක් වන මොරිස් රිච් හා සංගීතා යන සමාගම් ය .

1976 දෙසැම්බර් 29 වන දිනයේ රූපවාහිනි සේවාවන් ඇරඹීමේ බලපත්‍ර ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස අදාළ සමාගම් දෙකට දැනුම් දුන් අතර ඊට ලබා දී තිබුණේ දින 2 කි.

ශාන් වික්‍රමසිංහ මහතා අනිල් විජේවර්ධන එකතුව රුපියල් ලක්ෂයක තැන්පතු ඉදිරිපත් කළේය. 1979 ජනවාරි 1 වන දින සමාගම් දෙකම කැඳවූ අතර මොරිස් රිච් සමාගම ඊට ඉදිරිපත් නොවුණි.

නව සේවාව ආරම්භ කිරීමට මාස හයක කාලයක් ඉල්ලා සිටියද ලපත්‍ර කොන්දේසිය වූයේ අප්‍රේල් 15 දිනට පෙර විකාශන කටයුතු ආරම්භ කළ යුතු බවයි. එසේ නොකළහොත් බලපත්‍රය අවලංගු වේ.

ස්වාධීන රූපවාහිනී සේවයේ ඇරඹීමේ කටයුතු එසේ සිදුවීම් පවතිද්දී ජාතික රූපවාහිනිය ඇරඹීමේ කටයුතුද ඊට සමාන්තරව සිදුවූ බව හඳුනාගත හැකිය. අමාත්‍යාංශ වර්ගීකරණ යටතේ රූපවාහිනී විෂය රාජ්‍ය අමාත්‍යංශයට එක් විය.

ඒ අනුව එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනි සැලසුම් කමිටුව පිහිටුවන ලදී.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා රාජ්‍ය චිත්‍රපට අංශයේ නිලධාරීන් හා සේවකයන් ගණනාවකින් එම කමිටුව සමන්විත විය.

Geeth Malan
Department of Mass Communication 
University of Kelaniya


No comments:

Post a Comment

INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...