ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.
1800-1860
1802 දී ඉංග්‍රීසි පාලන සමයේදී ප්‍රථම මාසික ප්‍රකාශනයක් ලෙස ලංකාණ්ඩු ගැසට් පත්‍රය ( ceylon gazzete ) ආරම්භ විය. ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු දැන ගැනීමට පළ කරන ලද්දක් වුවද එහි ගද්‍ය පද්‍ය කොටස් පළවී තිබිණි.
1832 - ලංකාවේ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ The Colombo Journal පුවත්පතයි. 1832 දී ඇරඹුණු මෙය එවකට සිව් සේවකයෙකු වූ ජෝශප් ලී විසින් සංස්කරණය කරන ලදී.
1834 - The Observer and Commercial advertiser පුවත්පත 1834 දී ආරම්භ විය. මේ කාලයේ බිහි වූ බොහෝ පුවත්පත් මිෂනාරි ක්‍රිස්තියානි දහම පැතිරවීමට යොදාගත් බව පැහැදිලි වේ.
1932 - ප්‍රථම සිංහල සඟරාව ලෙස "මාසික තෑග්ග" නමින් සඟරාවක් බිහිවිය. මේ පුවත්පතකට වඩා පොතක හැඩය ගත් බව පැහැදිලි වේ .
1860 - 1900
මේ කාලවකවානුව විශේෂ වන්නේ ආගමික වාද විවාද හා ශාස්ත්‍රීය වාද විවාද වීම නිසා බව පැහැදිලි වේ. මෙහි පුනරුදය මෙසේ දක්වාලිය හැකිය.
1860 - "ලංකාලෝකය" නැමැති ප්‍රථම සිංහල පුවත්පත ආරම්භ වේ. මේ කාලේ වන විට සියලුම මුද්‍රණාලවල අයිතිය ක්‍රිස්තු භක්තිකයන් අත පැවතීම හේතුවෙන් බෞද්ධයන්ට වන පහරදීම්වලින් වළකා ගැනීමට බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියම් රජුගේ ආධාර ඇතිව "ලංකෝපකාරය" නමින් මුද්‍රණාලයක් ආරම්භ කර එයින් පිට කළ පළමු පුවත්පත මෙය විය.
1862- නමුත් මේ ලංකාවේ ප්‍රථම පුවත්පත වුවද රජය ව්‍යාපදිංචි කරන ලද ප්‍රථම පුවත්පත වූයේ " "ලක්මිණි පහන " යි. ඒ කතුවරයා වූයේ කොග්ගල පඬිතුමාය.
1866 - කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද පුවත්පත වූයේ "ඥානාර්ථ ප්‍රදීපය" යි. කතෝලික දහම ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පුවත්පත ආරම්භ විය.
1867 - ඥානාර්ථ ප්‍රදීපය ඇසුරින් නැගෙන ප්‍රශ්නවලට පිලිතුරු දීමට " සත්‍ය මාර්ගය" නමින් පුවත්පතක් ආරම්භ කරන ලදී එහෙත් මෙය වැඩි කාලයක් පවත්වාගෙන ගොස් නැත.
මෙකල වැදගත් සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකි වන්නේ කවට පුවත්පත් ආරම්භ වීමයි. ජනමාධ්‍යය මුඛ්‍ය අපේක්ෂාව වූ වෙනදා ස්වාධීන ලබා ගැනීම නව ප්‍රවණතාවයක් කර ගනිමින් මෙය සිදුවිය.
1871 - G.D. පෑලි සප්පුහාමි විසින් අරමන ලද කවට කතිකයා මේ කාලයේ ආරම්භ විය ඒ අනුව යමින් 19 වැනි සියවස තුළදී පුවත්පත් කිහිපයක් නම්,
කවට දක්ෂයා ( 1889 )
කවට මිත්‍රයා ( 1891 )
කවට නරේන්ද්‍රයා ( 1891 )
කවටයා ( 1894 )
දැනුමැති කවටයා ( 1895 )
1830 - " සරසවි සඳරැස " වේරගම පුංචි මණ්ඩාර මහතා කතුවරයා වීම අනගාරික ධර්මපාල තුමා ඇයට සම්බන්ධ වීමත් මෙරට නිදහස වෙනුවෙන් ඉදිරිපත් වූ පුවත්පතක් ලෙස සැලකිය හැකිය නමුත් 1915 දී මෙය තහනම් කොට ඇත්තේය.
1890 - මෙරට ප්‍රථම දිනපතා පළවන පුවත්පතක් ලෙස ආරම්භ වන්නේ "දිනපතා ප්‍රවෘත්ති" නම් පුවත්පතයි. එහෙත් සමහරු මෙය අර්ථ දක්වන්නේ 1895 දී පමණ ආරම්භ වූ බවය. එකල එය බොහෝ දෙනා අතර ජනප්‍රියව පැවතිණ.
1900 - 1908
මෙම කාල සීමාව ලංකාවට නිදහස ලබා ගැනීම ආදී වූ වැදගත්ම සන්ධිස්ථානයන්සක් පසු කරන බව පෙනේ. ප්‍රධාන පෙළේ දේශපාලන කටයුතුවලට උද්යෝගයෙන් නැඹුරුවීමත්, වාමාංශික ව්‍යාපාරය වර්ධනය වීමත්, ඒවා පුවත්පත් සඟරා ඔස්සේ දක්නට ලැබෙන විශේෂත්වයකි.
1906 - අනගාරික ධර්මපාලතුමා විසින් "සිංහල බෞද්ධයා" පුවත්පත මහා බෝධි සමාගම විසින් ආරම්භ කරන ලදී. නමුත් 1915 දී මෙය තහනම් කරන ලදී.
1910 - මේ වසරේ සිංහල ජාතියක් පියදාස සිරිසේන මහතා ආරම්භ කළේ මෙම පුවත්පත මුලින් සඟරාවක් ලෙස පළවී ඇත. මෙය 1902 දී සිදුව ඇත.
1909 - මෙම වසර වැදගත් වන්නේ දිනපතා පුවත්පතක් වශයෙන් දැක්වූ දිනමිණ ආරම්භ වීමය. A.S. පෙරේරා මහතා විසින් ඇරඹි මේ පුවත්පත නතර කරන තැනට කටයුතු සිදුවුවද 1914 දී D. R. විජයවර්ධන මහතා මෙය මිලදීගෙන එය නැවත ප්‍රතිසංස්කරණය කළේය.
1924 - මේ වසර වන විට D.W. වික්‍රමාරච්චි මහතා "ස්වදේශ මිත්‍රයා" පුවත්පත ආරම්භ කරන ලදී පුවත්පත දීර්ඝ කාලයක් තිස්සේ නොපැවතුනත් පැවති කාලය තුළ විශාල සේවයක් ඉටු කරන ලදී.
1930 - සිළුමිණ නම් ඉරිදා පත්‍රයක් ආරම්භ වීම මේ කාලය තුළ සිදුවිය. මුල් කාලීනව මෙය "ශත දහයේ විශ්වවිද්‍යාලය" නමින් ප්‍රසිද්ධ වී ඇත.
1930 ගණන් වලදී පුවත්පත් කලාවේ නව පිබිදීමක් වන්නේය. එහි ආරම්භය ගන්නා ලද්දේ 1934 දී ආරම්භ කරන ලද "කම්කරුවා" පුවත්පතයි . ලංකා සම සමාජ පක්ෂය ආරම්භ වීමත්සමග සිංහල, දෙමළ , ඉංග්‍රීසි ත්‍රිත්වයෙන් ම " සම සමාජය " එකල ප්‍රකට විය.
1940 ගණන්වල වාමාංශික ව්‍යාපාරයේ ඇති වූ භේද හේතුවෙන් පුවත්පත් කිහිපයක්ම බිහිවිය එනම් නව ශක්ති, මව්බිම, නව ලෝකය, ගිනි පුපුර ඉන් කිහිපයකි.
1947 දී ආරම්භ වූ ලංකාදීප පුවත්පතක් මෙහිදී මතක් කළ යුතුය. ඩී. බී. ධනපාල මහතා විසින් ආරම්භ කරන ලද මෙම පුවත්පත ලේක් හවුස් ආයතනයට තරගයක් වීමට තරම් පොහොසත් වී තිබිණි.
1948 - 1970
මේ කාලය වන විට නිදහස ලබා ගැනීමත් සමග පුවත් හා සඟරා දේශීය සංස්කෘතිය ගැන හා සමාජය ප්‍රශ්න වලට නැඹුරු පුවත්පත් කලාවක් ගෙනාවේය. 1947 දී ඇරඹුණු "ලංකාදීප" පුවත්පත ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට වඩා දේශීය සම්ප්‍රදායට වැඩි බර තැබූහ.
මෙරට ප්‍රථම දිනපතා පුවත්පතක් ලෙස දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන බිහි වූයේ "කොමියුනිස්ට් " පුවත්පතයි. ලංකාදීප පුවත්පත ද මේ සඳහා සහාය දක්වා ඇත. එමෙන්ම 1953 දී සවස පුවත්පතක් ලෙස ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ "ජනතා" පුවත්පත බිහිවීම ද මෙහිදී සිදුවිය. 1961 වසරේදී ඇම් .ඩී. ගුණසේන සමාගමේ ප්‍රධානත්වයෙන් දවස පුවත්පත බිහිවූ අතර ඒ කතුවරයා ලංකාදීප පුවත්පතේ හිටපු කතුවරයා වූ ඩී.බී.ධනපාල මහතාය . හැට දශකය වන විට ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන ලෙස Times , ලේක් හවුස්, ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර ආයතනය දැක්විය හැකිය.
1970 සිට අද දක්වා
නවීන තාක්ෂණ උපක්‍රම භාවිතය මේ කාලය වන විට සුලබව දැකිය හැකි කාරණාවක් විය. එමෙන්ම පෙර පැවති තත්ත්වයට වඩා පැහැදිලිව පුවත්පත් සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් මුද්‍රණය විය. ඒනම් රාජ්‍ය අංශයේ බලපෑම තදින්ම එල්ල වූ කාලයක්ක් විය. 1973 වර්ෂයෙන්ම පුවත්පත් කර්මාන්තයට විශේෂ දිනයක් වියදම් මෙතැන් පටන් ලේක් හවුස් ආයතනය විසින් පළ පළකල සියලු පුවත්පත් රජයට හිතෛෂී ඒවාය. එනම්1973 දී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීම සිදුවිය.
1974 වසරේදී දවස පුවත්පත් ආයතනයට සීල් තැබීම මෙකල වැදගත් සිද්ධියකි. 1977 වසරේදී දවස පුවත්පත නිදහස ලබන අතර නව රජයක් පත් වූ පසු එම වසරේම Times ආයතනයද රජයට පවරා ගන්නා ලදී.
1981 වසරේදී උපාලි පුවත්පත් සමාගම ආරම්භ වීම දැක්විය හැකි ප්‍රබල කාරණාවකි. එහිදී පළමුවෙන් 1981 දී "ඉරිදා දිවයින" හා "sunday Island" පුවත්පත් පළ කරනු ලැබීය. 1982 සිට දිනපතා දිවයින හා The Island පළ කිරීම දැක්විය හැකිය.
මෙරට පුවත්පත් ආයතනවල හිමිකාරීත්වය.
ශ්‍රී ලංකාව තුළ පුවත්පත් කලාව ඉතාමත් පටු මෙන්ම දීර්ඝ විස්තර කළ හැකි ක්‍රියාකාරීත්වයක් වී ඇත්තේය. නමුත් මෙම පුවත්පත් ආයතනවල හිමිකාරීත්වය පිළිබඳව විග්‍රහ කිරීම යම්තාක් දුරකට සීමා වී ඇත්තේ එහි පවතින දැනුම මට්ටම අඩුවීම හේතුවෙනි. එහිදී එය විමසීම අත්‍යවශ්‍ය කාරණාවක් වන්නේ යටත් විජිත කාලවකවානුවෙන් පසු ඒ ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් පවරාදීමත් සමඟ ඒ හිමිකාරිත්වය ද නිතැතින්ම වෙනස් වූ නිසාය.
සීමා සහිත ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ( Associated Newspaper of Ceylon Limited - ANCL / Lake House )
මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින විශාලතම පුවත්පත් ආයතනයයි. D.R. විජේවර්ධන මහතා විසින් 1926 දී ආරම්භ කරන ලද මෙම ආයතනය 1973 දී රජය සතු විය. මොවුන් සිංහල දෙමල ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පුවත්පත් රාශියක් පළ කරන ලද අතර දිනමිණ, සිළුමිණ , Daily News , Sunday Observer , තිනකරන් පුවත්පත් දැක්විය හැකිය.
සීමාසහිත විජය පුවත්පත් සමාගම ( Wijaya Newspaper Limited )
විජය පුවත්පත් සමාගම පුද්ගලික හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පුවත්පත් ආයතනයකි. ඩී. ආර්. විජයවර්ධන මහතාගේ පුත්‍රයා වන රංජිත් විජයවර්ධන මහතා විසින් 1979 දී මේ ආරම්භ කරනන ලදී සිංහල දෙමළ ඉංග්‍රිසි, ත්‍රිත්වයෙන්ම පුවත්පත් පළකිරීම මෙහිදී ඔවුන් සිදු කරන ලදී ලදී ලංකාදීප , daily mirror , Sunday Times , සිරිකත, තරුණයා, Tamil Mirror දැක්විය හැකිය.
උපාලි පුවත්පත් සමාගම ( Upali Newspaper Limited )
විජය පුවත්පත් සමාගම මෙන්ම මෙම පුවත්පත් ආයතනය ද පුද්ගලික හිමිකාරීත්වයක් දරයි 1981 දී මෙය ආරම්භ වූ අතර දිවයින, The Island ආදී පුවත්පත් වල මුලසුන මොවුන් විසින් දරනු ලබයි.
සිලෝන් නිවුස්පේපර් සමාගම ( Ceylon Newspaper Limited )
මෙයද ලංකාවේ පුවත්පත් ආයතන හතරෙන් පුද්ගලික හිමිකාරීත්වයක් දරනු ලබන ආයතනයකි . ප්‍රධාන පුවත්පත් ලෙස මව්බිම, Ceylon Today පෙන්වා දිය හැක.
ඉහත සඳහන් ප්‍රධාන සමාගම් වලට අමතරව රිවිර මීඩියා කොපරේෂන් ( Rivira Media Corporation ) , සුමති news papers ( Sumathi Newspapers ) , උදයන් ගෘප් ඔෆ් නිවුස්පේපර්ස් ( Udayan Group Of Newspapers වැනි එවැනි තවත් පුද්ගලික අංශයේ පුවත්පත් සමාගම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වර්තමාන දිශානතිය
රූපවාහිනිය, ගුවන්විදුලිය මෙන් නොව පුවත්පත ගමන් කරන දිශානතිය වෙනස්ය. නිවැරදි රටාවකින් මෙන්ම ලිඛිතව සිය අදහස් ලෝකයට මුදාහරින පුවත්පත වර්තමානය වන විට අනාගතයේ එළවිය හැකි විවිධ අභියෝග රැසකට මෙන්ම ව ප්‍රවණතා රාශියක් ඔස්සේ වර්ධනය වෙමින් පවතී. පොදුවේ ගත් කල කල පුවත්පත් කර්මාන්තය කෙරෙහි පවතින අභියෝග පිළිබඳ විමසීම පැහැදිලි ලෙසම සිදු කළ යුතුය. මෙහිදී වර්තමාන ආර්ථිකය හා තාක්ෂණික ක්‍රියාකාරීත්වය මත විවිධ අභියෝග රැසකට පුවත්පත් කර්මාන්තය මුහුණ දෙමින් ඇත.
තාක්ෂණික අභියෝග
ලෝකය මේ වනන විට ඩිජිටල්කරණය වීම සාමාන්‍ය කාරණාවක් බවට පත්වී ඇත. විශේෂයෙන් ලෝකයේ බොහෝ රටවල් මෙන්ම මෙන්ම ලංකාවටද මෙම කරුණ එක ලෙසම බලපාා ඇත. සමාජ මාධ්‍යවල ව්‍යාප්තිය බහුලවීමේ ප්‍රතිඵලයක් ලෙස තරුණ පරම්පරාව බොහෝ විට පුවත්පත් මාධ්‍යයක් කෙරෙහි දක්වන උනන්දුව අවම මට්ටමක පවතින බව කිව යුතුය.
ආර්ථික අභියෝග
පසුගිය කාලවකවානුව ලංකාවට බලපෑ ආර්ථිකමය අවශයෙන් පැවති අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස කඩදාසි මිල ඉහළ යාම, කඩදාසී හිඟවීම, වෙළඳ දැන්වීම් ප්‍රමාණය මෙන්ම ගෙවන මිල අවම වීම වැනි හේතු සාධක ද වර්තමානය වන විට ප්‍රබලව පුවත්පත් කර්මාන්තයට බලපා ඇති බව පෙන්වා දිය හැකි කරුණකි.
මෙකී අභියෝග බොහෝ තිබුනද වර්තමාන තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් පුවත්පත් කර්මාන්තය හසුරුවාලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට සැලසුම් කර ඇති බව පැහැදිලි වේ. බොහෝ පුවත්පත් මාධ්‍ය ආයතන තම මුද්‍රිත සංස්කරණය නිකුත් කිරීමට පෙර එම පුවත්පතේ වැදගත් වූ පුවත්පත් ආදිය ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ මෙන්ම whatsapp නාලිකාව හරහා ප්‍රචාරය කිරීම සිදුකරනු ඇත.මෙමගෙන් පුවත්පත කියවන පාඨකයාට සාපේක්ෂව වැඩි පරිශීලකයන් පිරිසක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබී ඇත.
සමාජ මාධ්‍ය භාවිතයේ දී Facebook , twitter මෙන්ම youtube විශේෂ වූ ප්‍රවෘත්ති සමාජගත කිරීම පුවත්පත ප්‍රවාදනය කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් වර්ධනයය කරනු ඇත. එමෙන්ම මෙය හරහා මහජන මත විමසීම වැනි කාරණා ආදිය සිදුවීම පැහැදිලි ලෙස දැක්විය හැකිය.විශේෂයෙන් වර්තමාන තත්ත්වය මත අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම යාමට විසඳුමක් ලෙස e - papers නිකුත් කිරීමෙහිදී නිවැරදි විසඳුමක් ලෙස පෙන්වා දිය හැකිය.
පුවත්පතක ක්‍රියාකාරීත්වය ඕනෑම සමාජ ආර්ථික පසුබිමක් තුළ යාවත්කාලීන විය යුතු අතර මුල් කාලයේ පැවැති රටාවම අනුගමනය කළහොත් මුද්‍රිත මාධ්‍ය යන්න තවත්තෙක් යල් පැනගිය මාධ්‍යයක් බවට පත්වනු ඇත. එම නිසා පවතින අභියෝග හමුවේ දිශානතිය වෙනස් කරමින් අවශ්‍යතාවයන්ට අනුකූලව පුවත්පත් කර්මාන්තය හසුරවාලීම ඒවා මාධ්‍ය කර්මාන්තවල හිමිකාරීත්වයට පැවරෙන්නාවූ ප්‍රබල වගකීමක් බව මෙහිදී පෙන්වා දිය යුතුය.
Geeth Malan
Department Of Mass Communication
University of Kelaniya