Friday, 22 November 2024

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ අවුරුදු 30

 ශ්‍රී ලංකාවේ 30 අවුරැදු යුද්ධය හා මාධ්‍ය මගින් සිදුකරන ලද බලපෑම


යුද්ධයක් යනු කුමක්දැයි ඕනෑම ජාති,ආගම් සංස්කෘතික වටපිටාවක් ඇති අයකුගෙන් විමසූ විට ලැබෙන පිලිතුර වන්නේ එය ඉතා පිලිකුල් සහගත මාතෘකාවක් බවයි. එයට මුහුණ දුන් හෝ එයින් අනේකවිධ හිංසා පීඩා වලට ලක් වූ ජන ප්‍රජාවන් තුලින් ලැබෙන ප්‍රතිචාරය වන්නේ ද එයම ය . ලෝකයේ බොහෝ දියුණු යැයි කියාගන්නා රටවල සමාජ ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී එමගින් ඇති කරන බලපෑම් ස්වභාවය අවසානයේ ගොස් නතරවන්නේ තෙවන ලෝකයේ රටවල් වලය. එමෙන් ම එතෙක් මෙතෙක් නිර්මාණය වූ ඇවිලුණු සෑම යුද්ධයකටම වාගේ හේතුව අවිය පමණක් නොව යම් යම් දේශපාලන කාරණා ද බොහෝ ඇති බව කිව යුතුය. ලංකාවේ පැවති 30 වසරක යුද්ධය ද එසේ ඇවිලුණු එකක් බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ යුද ඉතිහාසය එලාර දුටුගැමුණු ගේ පටන් දිව ගියද මෙකි යුද්ධ කාලසීමාවට දේශපාලනික වශයෙන් යම් යම් සම්බාධක පැනවිය . විශේෂයෙන් මෙහි මූලාරම්භය ඛේදාන්විත සිද්ධියකින් ආරම්භ වීම මෙහි විශේෂ ම කාරණාව වන්නේ ය. 

1981 වර්ෂයේ යාපනයේ මහජන පුස්තකාලය ගිනිතැබීමත් සමග එවකට යාපනයේ සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මෙන්ම විද්වතුන්ට ද දරාගත නොහැකි පාඩුවක් විය.ඉතා වටිනා පොත් 27000 ක් පමණ පුස්තකාලය තුලදී ම විනාශයට පත්විය. මෙකී පුස්තකාලය ගිනිතැබීමේ සිද්ධිය වාර්තා කිරීමට එකල යාපනයේ පැවති එකම මාධ්‍ය වූයේ පුවත්පතයි. එනම් අප කවුරැත් දන්නා “ඊලනාඩු” පුවත්පත් කර්මාන්ත ශාලාවයි. මෙම සිද්ධිය වාර්තා කිරීම මගින්ඩ ජනතාව දැනුම්වත් කිරීමේ මූලික කාර්යවත් ඉටුකිරීමට එකල රජය විසින් යාපනයේ ජනතාවට ඉඩ නොදුන් හ . එනම් එම වසරේ දීම ඊළනාඩු පුවත්පත් ආයතනයට විශාල පාඩුවක් කරමින් ගිනි තබන ලදී.



  එතැනින් නොනැවතුනු මෙම සංහාරය ඇදී යන්නේ ජාතිභේදයත් ලෙසින් ය . එනම් 1983 ජූලි 23 වන දින යාපනයේ තිරැනල්වේලි ප්‍රදේශයේ LTTE (Liberation of Tamil Elam) විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදා රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටී සෙබලුන් 13 දෙනෙකු මරා දැමීම මෙම සිද්ධියට හේතු පාදක විය. නමුත් මෙකී සිද්ධිය නිසා කෝප වූ සිංහල ජනතාව උතුරැකරයේ ජනතාවට පහරදෙමින් උතුරැ ප්‍රදේශය සම්පූර්ණයෙන් ම විනාශයට පත් කරන ලදී. ජූලි මස 24 වන දින සිට යාපනයට ඇදිරි නීතිය පැන වී තිබුණත් පාලනයේ යම් යම් දෝෂ හේතුවෙන් අන්තවාදීන් දෙමළ ජනතාවට පහර එල්ල කරන ලදී. මේ සියල්ලනගෙන් ම සිදුවූයේ 1000 කට අධික දෙමළ ජනතාවගේ ජීවිත අහිමි වීමත්, දෙමළ ජනතාවගේ දේපළ විනාශ වීමත් ය . එහි භයානක ම කාරණාව වන්නේ LTTE ය විසින් යුද්ධය ආරම්භ කිරීමට මුල් ම වෙඩි මුරය නිකුත් කිරීම ය .

පූර්ව යුද්ධ සමය හා මාධ්‍ය වාර්තාකරණය

මෙහිදි පූර්ව යුදමය යනුවෙන් අදහස් කරනු ලැබුවේ 1983 කාලයයි. මෙම කාල සීමාව යුද්ධය ඇති විමට මුල් ආරම්භය ගත් අතර ප්‍රධාන වශයෙන් එය 1983 කළු ජූලි සමයයි. මෙකී ඇති වූ කළු ජූලි වාතාවරණය එවකට රාජ්‍ය මාධ්‍ය මෙන් ම පුද්ගලික මාධ්‍ය හා විදේශිය මාධ්‍ය විවිධාකාරයෙන් වාර්තා කරන්නට විය. ප්‍රධාන වශයෙන් ගත් කල එකකට එකක් වෙනස් වූ මාධ්‍ය අන්තර්ගතයන් තුලින් කළු ජූලි සමය මෙහිදී වෙනස් විය.



මෙම කාලසීමාව (1983) නිවැරදි ව ගතහොත් එය මෙරට පාලනය කරන රජය විසින් දැඩි ව අල්ලා ගෙන සිටි කාලයකි. විශේෂයෙන් ගුවන්විදුලියට, රෑපවාහිනියට සාපේක්ෂ ව පුවත්පත ප්‍රබල ව සන්නිවේදනයට දායකත්වයක් දැක් වූ බව මෙහිදි පෙනීයයි. සමස්තයක් වශයෙන් ගතහොත් සියලු රජයේ ජනමාධ්‍ය රජයට නතුවීම නිසා එය වාර්තාකරණයේ මර්ධනයක් දක්නට ලැබී ඇත . එනම් විශාල මිනිස් ඝාතන , ව්‍යාපාර විනාශයන් , එකල එල්ල කරන ලද ප්‍රහාර මාලාවන් පලකරන ලද්දේ ඉතා අවම වශයෙනි. එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකිව යුත්තා බවට එක එල්ලේ ම LTTE පත්කිරීමට ද රජයේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය වග බලාගත්තේ ය .

පුද්ගලික මාධ්‍ය දෙසට යොමුවීමේ දී 1983 කාලය වන විට පෞද්ගලික මාධ්‍ය සදහා තිබූ පහසුකම් සීමිත වූවත් , ඇතැම් විකල්ප ධාරාවේ පුවත්පත් (ඇත්ත, රාවය) ආදිය සත්‍ය වශයෙන් ම ජනතාවට තොරතුරැ සැපයුවේය. එමෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ව අදහස් ප්‍රකාශ කිරීමට ද පෞද්ගලික ජනමාධ්‍ය වග බලා ගත්තේ ය . එමෙන් ද එවකට රජයේ මර්ධනකාරී ක්‍රියා පිලිවෙත් ද, සිදුවීමේ සත්‍ය ස්වරෑපය ද මෙම පෞද්ගලික මාධ්‍ය තුලින් ඉදිරිපත් කරන ලදී .එමෙන් ම මෙම සිද්ධි දාමය විදෙස් මාධ්‍ය විස්තර කරන ලද්දේ වෙනස් ම ආකාරයකට ය. එනම් මෙම සිද්ධිය BBC, CNN හා Times වැනි මාධ්‍ය ආයතන ලංකාවේ මාධ්‍ය ආයතන මෙවැනි සිද්ධි වාර්තා කිරිමට දැක් වු පසුගාමීත්වය පිලිබදවත්, ලංකාවේ මහජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිලිබදවත් මෙම දෙමළ ජනතාවට මෙයින් සිදු වූ අසාධාරණය පියවා ගැනීම LTTE යට භාර කලේය.

1983 – 2009 සිවිල් යුද්ධය

  ලංකාවේ ඇති වූ දරැණුතම හා වැඩිම හානියක් ගෙන දුන් සිද්ධියක් ලෙස දැක්විය හැක්කේ 1983 – 2009 දක්වා කාලය තුල 30 වසරකට අධික යුද කාලසීමාවයි. මෙහිදී මෙය ඇතිවීමට මූල බීජය ඉහත සදහන් කොට ඇත. මෙකී සිවිල් යුද්ධය කොටි ත්‍රස්තවාදය දියත් කරන ලද්දේ යාපනයේ ජනතාවට විමුක්තිය ලබාදීමත්, උතුරැ ප්‍රදේශය වෙනම වූ ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීමත් ය . 

1990 – 2005 යනු යුද්ධයේ මධ්‍යම අදියර වන අතර මේ කාලය වන විට LTTE මගින් උතුරේ හා නැගෙනහිර බලය වැඩි කරගන්නා ලදී. මෙයට ප්‍රධාවතම හේතුව වූයේ එවකට රට පාලනය කරන ලද රජය විසින් නියමිත පරිදි සාම සාකච්ජා දියත් නොකිරීමත්, අවි ආයුධ වලට තිබූ සම්බාධක ඉවත් නොකිරීමත් ය . 2002 වසරේ දි නේරැවේලි සන්ධාන ගිවිසුම අත්සන් කරන ලදී . මේ ගිවිසුම හේතුවෙන් LTTE ය හා රජය අතර විශ්වාසය අඩු වී සටන් විරාම පවා උල්ලංඝණය කරමින් යුද්ධය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යන ලදී.



යුද්ධයේ අවසන් අදියර එනම් (2005-2009) කාලසීමාව ඉතා සුවිශේෂි වූවකි. එනම් 2006 සටන් විරාම අතරතුර වසා දැමූ මාවිල් ආරැ සොරොව්ව විවෘත කිරීමත් සමග ඇති වූ මාවිල් ආරැ ප්‍රහාරය 2006 දී නැවත යුද්ධය ඇති වීමට හේතු විය. එමෙන්ම යුද ශක්තියේ වර්ධනය වීමත් එවකට පැවති පාලනයත් හේතු කොටගෙන LTTE සංවිධානයේ සතුරැ ඉලක්ක වෙත ඉතා ක්ෂණික ව ප්‍රහාර එල්ල කරන ලදී. යුද්ධයේ අවසානයක් දකින්නට පෙරැම්පිරෑ ජනතාවට අස්වැසිල්ලක් වූයේ 2009 මැයි 18 වන දින යුද්ධය සහමුලින් ම ජයග්‍රහණය කිරීමෙන් අනතුරැව ය .

කෙසේ වෙතත් වසර 30 කට අධික කාලයක් පුරා පැවති කුරිරැ යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් 800,000 කට අධික සංඛ්‍යාවකුත් හමුදා සාමාජිකයන් 65,000 කට අධික සංඛ්‍යාවකුත් මෙරටට අහිමි විය. එමෙන්ම දේශපාලනික වශයෙන් රජයේ බලය ගොඩනැගීමේ උත්සාහය නිරායාසයෙන් ම සිදු වීමත් මෙහිදී කිව යුතුය. එයට අමතරව කිව යුතු අනෙක් කාරණාව වන්නේ විවිධ මානුෂිය හේතූන් නිසා යුද්ධ හමුදාවට මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධ ව නඩු ගොනු වීමද සිදු වීමයි.

යුද්ධ සමය තුල ජනමාධ්‍යයේ වාර්තාකරණය

 යුද සමය තුල ජනමාධ්‍යයේ වාර්තාකරණය පිලිබද විමසීමේ දී එය ඉතා පුළුල් මට්ටමකින් ටගන යාමට වැඩි දායකත්වයක් සපයන ලද්දේ රෑපවාහිනිය හා පුවත්පත තුලිනි. එම කාලය තුල සමාජ මාධ්‍යය එතරම් ප්‍රචලිත නොවූ අතර නව මාධ්‍ය පිලිබදව ද ඇති දැනුම ද ඉතා අල්පය . ඒ අනුව ගත් කල යම් දැනුවත් බවක් මහජනයා ලබාගත්තේ නම් ඒ ජනමාධ්‍ය හරහා ය .

මේ කාලවකවානුව තුලදී ලංකාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් මෙන්ම රෑපවාහිනි නාලිකා ද අතලොස්සකි.එයින් නිවැරදි හා සත්‍ය වශයෙන් තොරතුරැ ඉදිරිපත් කිරීමට විකල්ප ධාරාවේ පුවත්පත් සමත් වු නමුත් රජයේ මාධ්‍ය වල ක්‍රියාකාරීත්වය තරමක් පහළ ස්වරයකින් ගලා ගියේ ය . පුවත්පත් වලට අමතරව ප්‍රධාන වශයෙන් ජනතාවගේ අදහස් වලට සවන්දීමට සිටියේ රෑපවාහිනී මාධ්‍යයයි. මෙහිදි ලංකාවේ ඒ වන විට ප්‍රධාන ධාරාවේ රෑපවාහිනි මාධ්‍යය වූයේ ස්වාධීන රෑපවාහිනී සේවයයි. පසුකාලීන ව ජාතික රෑපවාහිනියත්, ඉන් පසුව පැමිණි පුද්ගලික ධාරාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයත් යුද්ධයට සෘජුවම සම්බන්ධ විය. විශේෂ ම කාරණාව වන්නේ බොහෝ රෑපවාහිනි මාධ්‍ය ආයතන මගින් යුද්ධය සජීවීව වාර්තා කිරීමට යාමයි. ස්වාධින රෑපවාහිනිය මෙන් ම ජාතික රෑපවාහිනිය ආදී රාජ්‍ය නාලිකාවල ප්‍රධාන පුවත වූයේ යුද්ධයයි. මෙය වාර්තා කිරීමට මෙන්ම ඉදිරිපත් කිරිමටද විශාල වෙහෙසක් දැරීමට සිදු වී ඇත .

පසුකාලීන ව පුද්ගලික මාධ්‍ය ( දෙරණ, ස්වර්ණවාහිනි, සිරස) ආරම්භ වීමත් සමග මෙකී සියලු මාධ්‍යයන් යුද්ධය සජීවීව වාර්තා කිරීමට පෙළඹුණි. එය රැල්ලක් බවට පත් වූ නමුත් ජනතාවට යුද්ධයේ සැබෑ ස්වභාවය දැනුවත් කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. මීට අමතරව සෑම මාධ්‍යයක් ම පාහේ (රෑපවාහිනිය මෙන් ම සිනමාව ද ඇතුලත් ව ) යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රවෘත්ති වල ගුණාත්මත බවින් මෙන්ම සිනමා නිර්මාණ , විවිධ ගීත මෙන්ම යුද්ධයට විරැද්ධ ව එය ක්‍රියාවට නැංවීමට ද සිදුවිය. (අපි වෙනුවෙන් අපි යන පාඨයට අදාළ ව නිර්මානය කරන ලද ගීතය තුල රණවිරැවන් යුද්ධය තුලට ඈදා ගැනීම මෙන්ම රණවිරැවන් පිලිබද ව ජනතාවට යහපත් ආකල්පයක් ගෙන දේ .)

  මෙයට අමතර ව රජයේ මාධ්‍යය ක්‍රියාකාරීත්වය මෙන් ම උතුරැ ප්‍රදේශයේ ඒ වන විට වෙනම මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ඇතිවෙමින් පැවතිනි. එනම් කොටි ත්‍රස්තවාදය යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම උදෙසා ඔවුන්ගේ ම මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් පවත්වාගෙන ගියහ. එනම් එවුන්ටම කියා වෙනම රෑපවාහිනි නාලිකාවක් මෙන්ම වෙනම වූ රේඩියෝ (Voice of Tigers) නාලිකාවක් ද විය. මෙය ඔවුන්ගේ ප්‍රධාන විකාශන මාධ්‍ය විය.

එමෙන්ම ඔවුන්ටම වෙන් වූ පුවත්පත් කිහිපයක් ද පැවති බව සදහන් වේ. ඒවා නම් ඊළදරන්, ඊළමුරැසු, ඊළනාඩු (මෙය පසුකාලීන ව LTTE සංවිධානය විසින් අත්පත් කර ගන්නා ලදී ) ආදී පුවත්පත් වේ. එයට අමතරව ඔවුන්ටම ආවේණික වූ වෙබ් අඩවියක් (Tamil net) ද පැවතියේය . මේ සියල්ලන්ගෙන්ම සිදු කලේ උතුරැ කරයේ ජනතාවගේ මොළ සේදීම පමණි. එමෙන්ම අපට පෙනී යන්නේ රටේ ප්‍රධාන මාධ්‍ය පමණක් නොව සන්නිවේදනය නිල නොවන අයුරින් නමුත් මහා පරිමාණයෙන් LTTE සංවිධානය විසින් සිදු කර ඇති බවයි.



කෙසේ වෙතත් රටේ පැවති මෙවන් සිවිල් යුද ක්‍රියාකාරීත්වය තුල මාධ්‍ය බලපෑම අති වීශාල වශයෙන් ජනතාවටත් , එයින් පරිබාහිර ව සෙසු රටවලටත් දැනෙන්නට විය. එමෙන්ම නැති වූ ජීවිත ප්‍රමාණයට දෙපාර්ශ්වයටම වගකීමක් ද තිබේ.


ජායාරූප අයිතිය: Al Jazeera News

8 comments:

INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...