Sunday, 22 September 2024

තාමත් නොවිසඳුණු මැදපෙරදිග පරණ කෝන්තර

 ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින යුද්ධය,   එහි පසුබිම් කතාව හා වර්තමාන තත්වය.

  • ආදී කාලීන මානවයාගේ සිට මේ දක්වා කාල පරතරය තුල ලෝකයේ විවිධ හේතු මත යුද්ධ ගැටුම් ඇති වී තිබි ඇත. ඒවා දේශපාලන, සමාජ , ආර්ථික ආදී නොයෙකුත් කාරණා මත,ඇති වූ ඒවා විය හැකිය. බොහෝ දෙනාගේ මතය නම් යුද්ධයක් ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ බලය බෙදාගැනීම නම් වූ පටු දේශපාලන අරමුණකි. මුල් කාලයේ ඇති වූ යුද්ධවල ශක්තිවන්තයාට මුල් තැනක් හිමිව වූ නමුත් වර්තමානය තුල විටින් විට ඇතිවන යුද්ධ වල ප්‍රධානියා වන්නේ යුද්ධ සැලසුම්කරැවන් ය. ලෝකයේ ඇති වූ යුධ ගැටුම් හා බලන කල 1 වන හා 2 වන ලෝක යුද්ධ ගැටුම් වල පැවති සමාජ , දේශපාලනික වටපිටාව ඉතා කුඩා එකකි. 


  • නමුත් මේ මොහොතේ අද වන විට පවතින යුද්ධ අතර ලෝකයේ අවධානය දිනාගත් යුද්ධයක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය දැක්විය හැකිය. විටින් විට ඇතිවන දේශපාලනික ගැටුම් මෙන්ම දේශසීමා ගැටලු නිසා පැනනගින යුද්ධයේ අවසානයක් තවමත් පෙනෙන තෙක් මානයක නොමැති බව සත්සුදක් සේ පැහැදිලි වේ. මෙහිදී ඊශ්‍රායලය හා පලස්තීන ගැටුම ආරම්භ වීමට හේතු වූ හේතු කාරණාව කුමක්ද යන්න හඳුනාගැනීම ප්‍රධාන වශයෙන් එය අධ්‍යනය කරන්නෙකුට පහසු වේ .

ඇත්තටම යුද්ධයේ ආරම්භයට හේතුව මොකක්ද


ඊශ්‍රායලය හා පලස්තීන යුද්ධය ආරම්භ වීමට ප්‍රධාන හේතුව වන්නට වූයේ ඊශ්‍රායලයේ මුල් කාලීන වටපිටාවයි. 1948 ට පෙර ඊශ්‍රායලයේ පැවති වාතාවරණය මෙයට මූලික හේතුව විය.  පලමු ලෝක යුද්ධයේ දී මැදපෙරදිග කොටස පාලනය කල ඔටෝමන් අධිරාජ්‍යය පරාජය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පලස්තීනය ලෙස හැදින්වූ ප්‍රදේශය පාලනය කලේය. මෙම භූමි ප්‍රදේශය යුදෙව්වන් සුළුතරයක්,  අරාබි සුළුතරයක්  මෙන්ම අනෙකුත් කුඩා ජනවාර්ගික කණ්ඩායම් ද වාසය කරන ලදී .යුදෙව්වන් සදහා පලස්තීනයේ "ජාතික නිවහන් ක්‍රමය"(National Resident System ) පිහිටුවීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් රාජධානියට ලබාදීමත් සමග ජාතීන් දෙක අතර පරස්පර විරෝධී මත වර්ධනය විය. 

1917 දී එවකට විදේශ ලේකම් ආතර් බැල්ෆෝර් විසින් බ්‍රිතාන්‍යයේ සිටින යුදෙව් ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවන් බව බැල්ෆෝර් ප්‍රකාශනයෙන් පැන නැගුණි.
මෙම ප්‍රකාශය මගින් පලස්තීනය පිලිබදව බ්‍රිතාන්‍යයට තිබූ ආකල්පය පැහැදිලි වූ අතර 1922 දී අලුතින් නිර්මාණය කල ජාතීන් ගේ සංගමය මගින් බැල්ෆෝර් ගේ ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරන ලදී. 

1920 හා 1940 ගණන් අතර යුරෝපයේ විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේ නාසි මූලස්ථාන වලින් පීඩා විදී බොහෝ දෙනා පලා යාමත් සමග යුදෙව්වන් ඊශ්‍රායලය කරා එන ප්‍රමාණය වැඩිවීම සිදුවිය. මේ හේතුව නිසා යුදෙව්වන් හා අරාබිවරුන් අතර ප්‍රචන්ඩත්වය ද වැඩි වන්නට විය. 1947 දී එක්සත් ජාතීන් ගේ සංවිධානය පලස්තීනය හා ඊශ්‍රායලය යුදෙව් හා අරාබි රාජ්‍යයන් ලෙස වෙන් කිරීමට පියවර ගන්නා ලදී. එහිදී පලස්තීනයේ අගනුවර ජෙරුසලම ලෙස නම් කරන ලද අතර එය ඓතිහාසික නගරයක් ලෙස නම් කෙරිණි. ( ජේසුස් වහන්සේ ගේ උපත සිදු වූ ස්ථානය ජෙරුසලම විය.)මෙම සැලැස්ම යුදෙව් නායකයන් පිලිගත් නමුත් අරාබි පාර්ශ්වය ප්‍රතික්ෂේප කල නිසා මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පසුවට කල් දමන ලදී  .

ඊශ්‍රායලය නිර්මාණය වීම වුණේ මෙහෙමයි.

1948 දී ඉහත කී ගැටලුව විසදීමට නොහැකි වූ අතර එයින් බ්‍රිතාන්‍යය රජය ඉවත් කිරීමත් සමග යුදෙව් නායකයන් ඊශ්‍රායල රජය බිහිකිරීමට කටයුතු කලේය. එය ලෝක යුද්ධ සමයේ ජර්මනියෙන් පලා යන යුදෙව්වන්ට විශාල තෝතැන්නක් වූ බව පැහැදිලි වේ . යුදෙව් හා අරාබි සටන්කරැවන් අතර සටන් මාස ගණනාවක් තිස්සේ ඇවිලෙමින් තිබූ අතර ඊශ්‍රායලය රාජ්‍යත්වය ප්‍රකාශයට පත් කල දිනට පසු දින අවට රටවල්  පහක් විසින් ප්‍රහාර එල්ල කරන ලදී .


එම රටවල් පහ අතරට සිරියාව, ජෝර්දානය, සෞදි අරාබිය, ඊජිප්තුව හා ලෙබනනයයි. මේ සියලු රටවල් ඉස්ලාම් ආගමික රටවල් වීම විශේෂත්වයකි. මෙහිදී ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් පලා ගිය අතර ඇතැමුන් සිය නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් කර දැමූහ. ඊලග වසරේ සටන් විරාමයකින් මෙය අවසන් වන විට ඊශ්‍රායලය බොහෝ ප්‍රදේශ අත්පත් කරගෙන සිටියේය. මෙහිදී ජෝර්දානය බටහිර ඉවුර ලෙස හැදින් වූ භූමිය අල්ලා ගත් අතර ඊජිප්තුව ගාසා තීරය ( Gaza Strip ) අත්පත් කර ගත්තේය. එමෙන් ම ජෙරුසලම බටහිර ප්‍රාදේශයෙන් ඊශ්‍රායල හමුදා හා නැගෙනහිරින් ජෝර්දාන හමුදා අතර බෙදී ගියේය. මෙහිදී කිසිදු දවසක සාම ගිවිසුමක් නොතිබුණු නිසා තවත් දශක කිහිපයක් එතැන් සිට ඉදිරියට යුද්ධය ඇදී ගියේය.

1967 පැවති යුද්ධයකදී ඊශ්‍රායලය විසින් නැගෙනහිර ජෙරුසලම හා බටහිර ඉවුර මෙන්ම සිරියානු ගෝලාන් කඳුකරය, ගාසා තීරය හා ඊජිප්තු සිනාසි අර්ධද්වීපය ද අත්පත් කරගත්තේය. ඉතිරි වූ පලස්තීනුවන් සරණාගතයන් ලෙස ගාසා තීරයේත්,  තවත් කොටසක්  ජෝර්දානය,  සිරියාව වැනි රටවල් වලට පලා ගියේය. පසුගිය වසර 50 තුල ඊශ්‍රායලය බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස ගොඩනගා ඇති අතර දැන් යුදෙව්වන් 700,000 කට වඩා ජීවත් වේ. 

ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර පවතින්නා වූ ප්‍රධාන ගැටලු 

ඊශ්‍රායලය හා පලස්තීනය යන රටවල් දෙකටම එකග විය නොහැකි කරැණු කිහිපයක් මෙහිදි දැක්විය හැකිය. එම කරුණු කිහිපය අතරට , 

  • ඊශ්‍රායලයේ සිටින පලස්තීනයේ සරණාගතයින් වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න
  • ජනාවාස වී සිටින බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පැවැතිය යුතුද නැතිනම් ඉවත් කල යුතු ද යන්න පිලිබද තීරණය.
  • දෙපාර්ශ්වයටම ජෙරුසලම අයිති විය යුතුද නැතිද යන්න 
  • අවසානයේ ලබාගන්නා  ක්‍රියාමාර්ගයක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීන ඒකාබද්ධ රාජ්‍යයක් කල යුතුද පිලිබද වය.
යන්න මෙහි දි සලකා බැලූ කරැණු වේ. 

     මේ ප්‍රශ්න වලට ගත් පියවර / විසඳුම් 

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාම සාකච්ඡා 1990 ගණන් වල සහ 2010 ගණන්වල ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ වූවද පැවැත්විය. සාකච්ඡාමය වශයෙන් මෙහි යම් ඵලදායි බවක් මුල් කාලයේ තිබෙන්නට විය. මෙහිදී 1993 සිට පලස්තීනුවන් ගේ ප්‍රධානීයා වූ පලස්තීන විමුක්ති සංවිධානය ද එහි එකම නියෝජිතයා ලෙස පිලිගෙන ඇත. මෙම සිද්ධිය ඔස්ලෝ ගිවිසුම ලෙස හඳුන්වන ලදී.

මේ අතර 1995 නොවැම්බර් 4 වන දින ඊශ්‍රායල අගමැති yitzhak Rabin යුදෙව් අන්තවාදියෙකු අතින් ඝාතනයට ලක් විය. මෙය මුල් කොට ගෙන 2000  වසරේ සාම ගිවිසුම් නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් අතර 2003 දී ලෝක බලවතුන් ඒ සදහා ක්‍රියාමාර්ග සකසා දුන්නද එය බල රහිත විය. එමෙන්ම 2014 දී ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡා අසාර්ථක වූවායින් පසු ඒ සියලු සාම සාකච්ඡා එතැන් සිට අහෝසි විය. 

 යුද්ධයේ වර්තමාන තත්වය ( දැන් ඇතිව තිබෙන තත්වය . )

ගාසා තීරය පාලනය කරමින් මේ මොහොතේ සිටින්නේ ඊශ්‍රායලය විනාශ කිරීමට කැප වී සිටින ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් සංවිධානය වන අතර එය එක්සත් රාජධානිය ඇතුලු තවත් බොහෝ රටවල් ඔවුන් ව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත. 


මෙම හමාස්වරැ 2006 දී පලස්තීනුවන් ගේ අවසන් මැතිවරණයෙන් ජයග්‍රහණය කල අතර බටහිර ඉවුර මූලික කරගත් ජනාධිපති මහමුද් අබ්බාස් ගේ ප්‍රතවාදි
 ෆාටා ව්‍යාපාරය නෙරපා හැර ගාසා හි වත්මන් පාලනය සියතට ගත් හ . එතැන් සිට ගාසා තීරයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය සමග යුද්ධ කිහිපයක් ම කර ඇති අතර ඊශ්‍රායලය,  ඊජිප්තුව සමග එක් ව හමාස් සංවිධානය හුදෙකලා කිරීමට ද මෙහිදී පියවර ගනී.

මෙම යුද්ධය අතරතුර හමාස් සටන්කරුවන් සාමාන්‍ය පලස්තීනුවන් අතර හිත දිනාගැනීමක් ද සිදුකරන බව කිව යුතුය. එහිදී ප්‍රාණ ඇපකරුවන් යොදාගෙන ඊශ්‍රායලයට බලපෑම් කිරීම ඇතුලුව මෙන්ම ඇතැම් සිරගෙවල් වල සිටින පලස්තීනුවන් 4500 ක් පමණ නිදහස් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ. එමෙන්ම නවතම වාර්තා වලට අනුව හමාස් සංවිධානයේ නායකයා වන හුස්බුල්ලා ගේ හමුදා ප්‍රධානියකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මියගිය බව මෑතකදී වාර්තා කලේය. 

මෙහිදී අපට පෙනී යන මූලික කාරණය නම් යුද්ධය එතෙක් පැවති තත්වය ගැලවී හමාස් සංවිධානය එක් වීමත් සමග වෙනස් දිශානතියකට යන බවක් දක්නට ලැබේ . එමෙන් ම පලස්තීනයේ නිදහස වෙනුවෙන් පලස්තීන රජය හමාස් සංවිධානය ඉත්තකු බවට පත් කරගෙන තිබෙන අයුරු එක් අතිකිනුත්, ඊශ්‍රායලය හමුවේ හමාස් ත්‍රස්ත සංවිධානය විනාශ කිරීමේ අභිප්‍රාය ඊශ්‍රායලය හා සෙසු යුරෝපීය රටවල් වල පවතින බව අපට දැකිය හැකිය.





තොරතුරු සහ ඡායාරූප උපුටාගැනීම : BBC News





2 comments:

INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...