Monday, 16 September 2024

රහ කර කර බලන ෆිල්ම් හැදෙන තැන්...

ලොව විශාලතම චිත්‍රපට චිත්‍රාගාර 10


ලෝක සන්නිවේදන ඉතිහාසය තුල මිනිසුන් බහුලවම වැලදගත් සහ අතිශය සීඝ්‍ර වශයෙන් වර්ධනයට ලක් වූ කර්මාන්තයක් ලෙස චිත්‍රපට කර්මාන්තය හදුන්වාදිය හැකිය. එක් පසෙකින් ලෝකය තුල තෝරා ගත් එක් සන්නිවේදන මෙවලමක් ලෙසත්,  ප්‍රබල රසාස්වාදන මාධ්‍යයක් ලෙසත් සිනමාව ආරම්භ කිරීමේදී ඒ හා බැදුණු ව්‍යාපාරමය ස්වභාවය වැඩිදුරටත් ප්‍රදර්ශනය කරමින් ලෝක සිනමාව තුල බොහෝ පුරෝගාමීන් තම සිනමා කර්මාන්තය විවිධ ක්‍රම ඔස්සේ ප්‍රවර්ධනය කරගැනීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපට චිත්‍රාගාර ( Cinema Studios ) නිර්මාණය කිරීම ආරම්භ කලේය.

එලෙස නිර්මාණය කරන ලද ලෝකයේ ධනවත්ම මෙන්ම විශාල වශයෙන් චිත්‍රපට නිෂ්පාදනයට දායක වන සිනමා චිත්‍රාගාර විශාල ප්‍රමාණයක් දැනට පවතී. ඒ අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.


  1.  Universal Pictures


අමෙරිකා එක්සත් ජනපදයේ දැනට පවතින පැරණිතම චිත්‍රපට නිෂ්පාදන සමාගම වන Universal Pictures වසරේ ඉහලම BoxOffice වාර්තා සමගින් ජාත්‍යන්තර ලැයිස්තු වල ඉහලින් සිටින අතර , 2022 දී ඩොලර් බිලියන 11.62ක් උපයා ඇත. 1912  දී ආරම්භ කරන ලද Universal Pictures යනු Comcast හි NBC Universal Fund E අංශයට අයත් එක්සත් ජනපදයේ චිත්‍රපට චිත්‍රාගාරයක් ( Film Studio ) වේ. 

Despicable Me, Jurassic Park, King Kong , Fast and Furious චිත්‍රපට මාලාව හා තවත් බොහෝ චිත්‍රපට සමාගමේ ප්‍රසිද්ධ ව්‍යාපෘති වේ. මෙම සමාගම ආරම්භයේ සිට මේ දක්වා චිත්‍රපට 393 ක් නිෂ්පාදනය කර ඇත. එමෙන්ම Universal Pictures 2023 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1.94 ක BoxOffice ආදායමක් උපයා ඇත. 

      

       2. Warner Bros.


Warner Bros යනු කැලිෆෝර්නියාවේ බර්බෑන්ක් හි පිහිටි අමෙරිකානු විවිධාංගීකරණය කරන ලද ගෝලීය ජනමාධ්‍ය හා විනොදාස්වාද සංස්ථාවකි.  Warner bros සතු අනෙකුත් අංශ හා සමාගම් ලෙස DC Movies , Castle Rock Entertainment,  Turner Entertainment, Newling Cinema හා Warner bros Animation ද ඒ අතර වේ. 

Warner brother මෙතෙක් නිෂ්පාදනය කල චිත්‍රපට 50 න් 11ක් ම වැඩිම ආදායම් උපයාගත් චිත්‍රපට වේ. එමෙන්ම ලෝකයේ හොදම චිත්‍රපට චිත්‍රාගාරයකි.  මොවුන් ආරම්භයේ සිටම රූපවාහිනී කථාංග 5000 හා චිත්‍රපට 7000 ක් පමණ නිෂ්පාදනය කර ඇත. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ Harry poter කතා මාලාව , The Matrix, Jorker මෙන්ම තවත් බොහෝ නම ගිය චිත්‍රපට මොවුන් නිෂ්පාදනය කල ඒවාය.

Warner bros. 2023 වන විට BoxOffice ආදායම ඩොලර් බිලියන 41.32 ක් උපයා ගත් අතර 2022 දී එය දේශීය box office ඩොලර් මිලියන 935.9 ක් ඉක්මවා ගියේය. 


  3. Sony Pictures Motion picture Group


Sony Entertainment හි අංශයක් වන Sony Pictures Motion Picture Group 1998 දී නිර්මාණය කරන ලදී. එමෙන්ම 1989 දී Colombia Pictures, coca-cola වෙතින් ඩොලර් බිලියන 3.4 කට මිලදී ගෙන සමාගමේ විශාලතම අනුබද්ධ ආයතනය බවට පත් විය. Tristar Pictures හා Screen Game යනු සමාගමේ අනෙකුත් අනුබද්ධ සමාගම් දෙකකි. Resident Evil, Spiderman හා jumanji යනු Sony Pictures Motion picture Group විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍රපට වලින් කිහිපයක් පමණි.

මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට 50 අතරට Sony සතුව චිත්‍රපට 2ක් ඇත.එය 2023 දී ඩොලර් බිලියන 6.5 ක් උපයා ඇත. 2022 දී Sony Picures චිත්‍රපට සදහා දේශීය boxoffice ආදායම ඩොලර් මිලියන 843.8 කි.


       4. Walt Disney Pictures 


Walt Disney Pictures යනු The Walt Disney Studio හි අනුබද්ධ ආයතනයකි.  Avengers: End game , The Pirates of the Caribbean චිත්‍රපට ත්‍රිත්වය හා The Lionking චිත්‍රපට Walt Disney Pictures විසින් මෙතෙක් නිකුත් කරන ලද ඉහලම ආදායම් ඉපයූ චිත්‍රපට වේ.

චිත්‍රපට සමාගමේ අනුබද්ධිත ආයතනය කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි වෝල්ට් ඩිස්නි චිත්‍රාගාර යේ පිහිටා ඇත. Disney සමාගම විසින් මෙතෙක් උපයාගත් හොදම චිත්‍රපට 50න් 21ක් ම නිෂ්පාදනය කර ඇත. මෙම චිත්‍රපට සමාගම 2023 දී ඩොලර් බිලියන 88.9 උපයාගත් අතර එය සිව්වන විශාලතම චිත්‍රපට චිත්‍රාගාර සමාගම බවට පත් විය. 2022 දී ඔවුන්ගේ BoxOffice ආදායම ඩොලර් බිලියන 1.93 කි.


      5. Paramount 


Motion Pictures Association of  America ( MPAA ) විසින් Paramount Pictures viacomCBS හි අනුබද්ධිත ආයතනයක් ලෙස පිලිගෙන ඇත. Titanic, The Transformers series,  shrek  හා The mission impossible චිත්‍රපට paramount Pictures විසින් මෙතෙක් නිපදවූ ඉහලම ආදායම් ලැබූ චිත්‍රපට අතර වේ.

Dreamworks Animation සමාගමෙන් ඉවත් වූ වී 2011 දී paramount Animation චිත්‍රාගාරය ආරම්භ කලේය. එමෙන්ම paramount Animation යනු dreamworks , walt Disney හා  pixar සමග කරට කර තරග කල හැකි සජීවි චිත්‍රපට නිෂ්පාදනය කරන ආයතනයකි. 2023 දී ඩොලර් බිලියන 29.15 ක ආදායමක් උපයා ඇත. Paramount 2022 දී ඩොලර් බිලියන 1.29 ක BoxOffice ආදායමක් තබා ඇත.


     6. Lionsgate 


  Lionsgate Films යනු උතුරු අමෙරිකාවේ හයවන වඩාත්ම ලාභදායී චිත්‍රපට චිත්‍රාගාරය වන අතර වාණිජමය වශයෙන් සාර්ථක කුඩා චිත්‍රපට හා රූපවාහිනි අන්තර්ගතයන් බෙදාහැරීමේ සමාගමකි. Cinepix 1962 දී Montreal හි පිහිටුවන අතර එය 1997දී Lionsgate Entertainment Group විසින් මිලදී ගන්නා ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස Lionsgate චිත්‍රාගාරය බිහිවන ලදී .

The Hunger Games, Kick- Ass හා The Expendables යනු Lionsgate විසින් නිර්මාණය කරන ලද අපූරු චිත්‍රපට මාලාවන් කිහිපයක් පමණි. Summit Entertainment යනු මෙම සමාගමේ ම අනුබද්ධිත ආයතනයක් වන අතර Now you see me, Twilight and knowing වැනි නිර්මාණ නිපදවා ඇත. මෙම සමාගම 2023 දී ආදායම ඩොලර් බිලියන 3.08 ක් ඉක්මවූ අතර එය 2022 වසරේ ආදායමට වඩා වැඩි වූ අතර එය ඩොලර් බිලියන 2.71 කි.


      7. 20th Century Fox


20th Century Studios යනු අමෙරිකානු චිත්‍රපට සමාගමක් වන අතර එය 1935 දී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටුවන ලද The Walt Disney සමාගමේ අනුබද්ධිත ශාඛාවක් වේ. එය Avatar, Star wars , Bohemian Rhapsody මෙන්ම තවත් චිත්‍රපට විශාල ප්‍රමාණයකට හිමිකම් කියන චිත්‍රපට සමාගමකි. Avatar මේ වන විට ඩොලර් බිලියන 2.7 කට අධික ආදායමක් උපයමින් මෙතෙක් වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය ලෙස වාර්තා පොත් අතරට එක් ව ඇත. 

1984 සිට එය News Corporation හා 21st Century Fox මගින් වෙන් වෙන් ව කටයුතු කරන්නට විය. එමෙන්ම 20th century fox විසින් මෙතෙක් වැඩිම ලාභ ඉපයූ චිත්‍රපට කිහිපය අතර Ice Age හා DC- Men ඉන් දෙකකි. Fox Animation Studios ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන සමාගම් ඒකකය විය. 

20th Century Fox 2023 දී ඩොලර් බිලියන 15 ක ආදායමක් උපයා ඇත. මෙම චිත්‍රපට නිෂ්පාදන සමාගම 2022 වසරේ ලාභය එක් කාර්තුවකට ඩොලර් බිලියන 1.08 ක් උපයා ඇත. 


     8. The Weinstein Company


2005 වසරේ දී Miramax  ආයතනයෙන් ඉවත් වූ Harvey හා Bob Weinstein සහෝදරයන් The Weinstein Company ආරම්භ කරන ලදී. එක් අවස්ථාවක මෙම චිත්‍රාගාරය හොලිවුඩයේ විශාලතම කුඩා පරිමාණයේ චිත්‍රාගාරය බවටද පත් ව තිබුණි. Derailed, Scream 4 හා 1408 ඔවුන්ගේ ජනප්‍රිය චිත්‍රපට අතර විය. Django Unchained ඔවුන්ගේ ඉහලම ආදායම ලද චිත්‍රපටය වන අතර ලොව පුරා BoxOffice ආදායම් වලින් ඩොලර් මිලියන 425 කට ආසන්න ප්‍රමාණයක ආදායමක් වේ. Miramax සමාගමේ අනුබද්ධ කොටසක් වන Disney සමාගමෙන් මිලදී ගත් Dimension films චිත්‍රාගාරය මෙම සමාගම සතුය. 

ඔවුන් Scary Movie 4 හා 5, spykids : All the world int the world ආදි චිත්‍රපට නිර්මාණය කොට ඇත.2017 අග භාගයේදී Harvey Weinstein ට එරෙහි ව ලිංගික අපචාර චෝදනා නිසා චිත්‍රාගාරයට එය විශාල බලපෑමක් කලේය. 2018 මාර්තු 19 වන දින ඔහු සමාගමෙන් නෙරපා හරින ලද අතර චිත්‍රාගාරය ද බංකොලොත් භාවයට යමින් තිබුණේය. එමෙන්ම පුද්ගලික කොටස් වෙන්දේසියක දී චිත්‍රාගාරයේ වත්කම් ගත්තේය.  වෙන්දේසියෙන් පසු සමාගම සම්පූර්ණයෙන් වසා දමන ලදී.


    9. Metro - Goldwyn - Mayer Studios


Metro Goldwyn Pictures හා Metro Goldwyn Mayer යනු චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කරන අමෙරිකානු මාධ්‍ය ව්‍යාපාරයක් වන Metro Goldwyn Meyer හි වෙලද සන්නාම වේ. මෙම සමාගම 1924 දී ආරම්භ කරන ලදී. 2010 දී බංකොලොත් භාවයට පැමිණි පසු කිහිප විටකදීම එහි කොටස් විකුණන ලදී.

MGM විසින් The Dirty Dozem , Golden Eye හා Ben-Hur වැනි විශිෂ්ට සිනමාකෘති රැසක් නිර්මාණය කරන ලදී. මෙම චිත්‍රපට සමාගම ලද ආදායම 2020 දී පිලිවෙලින් ඩොලර් මිලියන 96.1 ක් හා ඩොලර් බිලියන 1.50 කි.


      10. Dreamworks Studios


Jeffrey Katzenberb, Steven Spielberg හා David Geffen 1994  දී Dreamworks Pictures පිහිටුවන ලදී. මෙහි මව් සමාගම වන්නේ Amblin Partners සමාගමයි. Transformers හා Gladiators ඔවුන් ගේ හොදම චිත්‍රපට වලින් දෙකකි. 2000 වසර ආරම්භයේ දී හොදම චිත්‍රපටය සදහා Academic සම්මානය 3 වරක් දිනාගත්තේය. කෙසේ වෙතත් ඩොලර් මිලියන 400 කට අධික ණය හේතුවෙන් සමාගම 2005 දී Viacom වෙත විකුණා ඇත.

Dreamworks Animation ආයතනය විසින් The Madagascar,  Kung-fu Panda  වැනි චිත්‍රපට සමග එය වාණිජමය වශයෙන් විශාල සාර්ථකත්වයක් ලබාගත්තේය. මොවුන්ගෙන් 2004 දී වෙන් කරන ලද අංශය ඒ වන විට NBC Universal සතු විය. එය 2023 දී ඩොලර් මිලියන 915.9 ක වත්කමක් උපයා ඇත.



  •  කරැණු උපුටා ගැනීම අන්තර්ජාලයෙනි. 


1 comment:

INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...