ශ්‍රී ලංකාව තුල වාරණයට ලක් වූ
චිත්‍රපට
- ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය පිලිබදව පුළුල් විග්රහයක යෙදීමේදී බොහෝ සිංහල සිනමා නිර්මාණ හමුවනු ඇත. ඒහිදී ප්‍රධාන වශයෙන් ලංකාව තුල ජනප්‍රිය මට්ටමට රැගෙන ගිය චිත්‍රපට රැසක් අදටත් මහජන ප්‍රේක්ෂකයන් ගේ මතකයේ රැදී ඇති බව නොරහසකි.
එයට ප්‍රධානතම හේතුව වන්නේ ලාංකේය සිනමා නිර්මාණවලට නිතරගයෙන් ම යොදාගෙන ඇති රංගන ශිල්පිනියන්, ශිල්පීන් වීමයි. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ලංකාවේ සිනමා නිර්මාණ වලට පාදක වී ඇති ප්‍රධාන වස්තු පාදක පසුබිම එවකට තිබූ සමාජ පසුබිම අලලා නිර්මාණය වීමද මෙන්ම තවත් එක් හේතුවකි.
කෙසේ වෙතත් ලංකාව වැනි සමාජ සංස්කෘතින් මිශ්‍ර වූ රටක සිනමා ආකෘතීන් බිහිවීම තුල විවිධ පරස්පරතා ඇති වීමේ අවදානම් සහගත තැන් මෙන්ම සමාජයේ විවිධ මතභේදාත්මක කාරණා මත වාරණයන්ට, තහනම් වලට ලක් වූ විවිධ චිත්‍රපට කිහිපයක් මෙහිදි ප්‍රධාන වශයෙන් දක්වා ලිය හැකිය.
1. දුටුගැමුණු (ලංකාවේ පලමු කාටූන් චිත්‍රපටය)
ගිවන්ත අර්ථසාද් හා දිනේශ් ප්‍රියසාද් යන දෙදෙනා විසින් 1979 දී දුටුගැමුණු නමින් ලංකාවේ පලමු වැනි කාටූන් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සිදුවිය. නමුත් එක් දිනකට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය ජේ. ආර් . ජයවර්ධන මහතාගේ රජය විසින් මෙම චිත්‍රපටය තහනම් කිරීමට කටයුතු සම්පාදනය කලා. ඔවුන් ඒ සදහා යොදා ගත් උපක්‍රමය වන්නේ මෙම චිත්‍රපටය මගින් දුටුගැමුණු චරිතයට අපහාසයක් වේ යැයි පැවසීමයි. මෙහි එන ප්‍රධානතම කරැණ වන්නේ යෝධයකු විසින් අලියකු උස්සා පොලොවේ ගැසීමේ දර්ශනය ගැන එවකට ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින් දැඩි අකමැත්තක් පෙන්වීමයි.
2. සාගරයක් මැද
1977 දී පමණ ගාමිණී ෆොන්සේකා මහතා රංගනයෙන් දායක වන සාගරයක් මැද චිත්‍රපටයට වාරණයට ලක් වීම මෙහිදී කැපී පෙනේ . මෙය එම කාලවකවානුව තුලදී මහජනතාවට මෙන්ම මුලු රටටම අත්විදීමට සිදු වූ දුෂ්කරතා නිරූපණය කරමින් සාගරයක් මැද නම් චිත්‍රපටය නිර්මාණය කලේය. මෙහිදී සිදු වූ ප්‍රබලම කාරණාව වන්නේ එවකට ඇමතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් චිත්‍රපටයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ කලේය. නමුත් එහිදී එය අසාර්ථක වීම දක්වාලිය හැකිය.
3.පුරහද කළුවර (Death of Fall Moon Day)
පුරහද කළුවර චිත්‍රපටය ආරම්භයේ සිටම විවිධ බාධක වලට මුහුණ දුන් චිත්‍රපටයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදී ප්රස්නය විතානගේ ඉදිරිපත් කරන ලද තිරපිටපතකට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් විරෝධය දැක්වීම හේතුවෙන් නැවත පිටපතක් නිකුත් කිරීමට ඔහුට සිදුවිය. එමෙන්ම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් රටේ පවතින යුද වාතාවරණය මත එම චිත්‍රපටය ප්‍රදර්ශනය කල නොහැකි බව බලධාරීන් විසින් තීන්දුවක් ලබාදෙන ලදී.
එමෙන්ම එවකට විෂය භාර ඇමති වූ සරත් අමුණුගම මහතා ද චිත්‍රපටය විකාශනය කල් දමනු ලැබීය . නමුත් අවසානයේ දී පුරහඳ කළුවර චිත්‍රපටය විකාශනය /ප්‍රදර්ශනයට අවකාශය ලැබුණේය.
4. අක්ෂරය (A letter of fire )
අශෝක හදගම විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනයක පහසවත් නොලබාම වාරණයට ලක් වූ චිත්‍රපටයක් විය. මෙයට ප්‍රධානම හේතුව වන්නේඑම චිත්‍රපටය තුල පියුමි සමරවීර නම් නිලිය සහ එවකට ලමා නළුවකු වූ ඉෂාම් සම්සුදීන් පෙනීසිටි දර්ශනයක් තිබීමයි. මීට තවත් හේතුවක් වූයේ මෙම චිත්‍රපටයේ තිරපිටපත විනිශ්චයකරුවකු වටා ගෙතීමයි.
5. බොරදිය පොකුණ (Scent of the lotus pond)
බොරදිය පොකුණ චිත්‍රපටයට මුල් අවස්ථාවේදී ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අවධාරනය කර සිටියේ චිත්‍රපටය තුල අඩංගු ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන හුවමාරු වීම් අඩංගු දර්ශන සියල්ල ඉවත් කල යුතු බවයි. නමුත් ඊට එකඟ නොවූ අධ්‍යක්ෂක ඇතුලු පිරිසට වසර 12 කට පසු (2015) චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබුණේය.
6. උසාවිය නිහඬයි (Silence in the Courts )
7. Judgement චිත්‍රපටය
මෙම චිත්‍රපටය ආරම්භ වන්නට හෝ එහි නිෂ්පාදන අවධියටවත් පැමේණෙන්නට පෙර තහනම් කරන ලද චිත්‍රපටයක් ලෙස දක්වා ලිය හැකිය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ මූලික පියවර තබා ඇත්තේ ගාමිණී ෆොන්සේකා විසිනි. රටේ පැවැති වාතාවරණය අනුව හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් එල්ල කරන ලද විරෝධතා හේතුවෙන් ගාමිණී ෆොන්සේකා මහතාට මෙම චිත්‍රපටය නවතා දැමීමට සිදුවිය.
මෙම චිත්‍රපටයට පාදක වූ කතා වස්තුව ලෙස සෙරන්ඩිබ් (වර්තමාන ශ්‍රී ලංකාව) නම් රටක උතුරු පලාතේ වාසය කල බෙදුම් වාදී ව්‍යාපාරයක් මගින් රට දෙකඩ කරන ලදී. දකුණේ වැඩිවන දූෂිත ක්‍රියාකලාපයන් නිසා විවිධ පිරිස් හිටපු හමුදා ප්රධානියකුට රටේ බලය ලබා ගැනීමට ආයාචනා කරන ලදී . මොහු විසින් කුමන්ත්‍රණයක් ඔස්සේ රටේ බලය තහවුරු කරගෙන ඒකාධිපති පාලනයක් ගෙන යනවා. රටේ දූෂණය අඩුවෙන නමුත් සතුරන් රාශියක් ඔහු වටා නිර්මාණය වීමත් නිසා ඔහුව නැවත බලයෙන් පහ කර හරී .
- කෙසේ වෙතත් රටේ එවකට පැවැති වාතාවරණය මෙන්ම මහජන ආරක්ෂාව උදෙසා බොහෝ නිර්මාණ වලට ආරම්භයක් ලබාගැනීමටවත් පෙර එම නිර්මාණ අතරමග නතර කර දැමීමට කණගාටුවට කරුණක්. එමෙන්ම බොහෝ දෙනා විශ්වාස කරන පරිදි ඇතැම් සිනමා නිර්මාණ වාරණය වන්නේ වැඩිහිටියන්ට සුදුසු රෑපරාමු, කාමුක දර්ශන හේතුවෙන් වූවත් සමහර අවස්ථාවල එසේ නොවන අවස්ථාවන්ද ලාංකේය සිනමා ඉතිහාසය තුල බහුලව දක්නට ලැබේ. ඒවා ඇතැම් විට දේශපාලනික, ආර්ථික, හෝ වෙනත් සමාජීය කාරණාවක් හෝ වීමට ඇති සම්භාවිතාව වැඩිය.
කරැණු උපුටා ගැනිම - https://www.lifie.lk/2020/01/11/banned-films-on-sinhala-cinema/
පට්ට මචන් උබට ජය ❤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteRecommended 👍
ReplyDelete❤️🖤
ReplyDelete❤🔥
ReplyDelete