• බංගලාදේශයේ ජන අරගලය
තමන්ගේ හෝ වේවා අනුන්ගේ හෝ වේවා අයිතීන් රැකගැනීමට , ඒවා ලබා ගැනීමට ඕනෑම පුද්ගලයකුට නිතැතින්ම හැකිවිය යුතුය.
තම රටේ හෝ තමන් යටහත් පහත් ව සිටින ඕනෑම තැනක තමන්ට වූ අයිතිය ඇහිරී යන්නේ නම් එයට ක්‍රියාවෙන් පිලිතුරු දිය හැකි හොදම ආකාරය අරගලයයි. නමුත් පසුගියදා ලෝකයේ ප්‍රබල රටවල්වල මෙන්ම මුලු දකුණු ආසියාවේ ම ඇස යොමු කල රටක් ලෙස බංග්ලාදේශය හදුන්වා දිය හැකිය. එයට හේතුව බංග්ලාදේශයේ සිසු අරගලයයි.
මෙසේ සදහන් කරන ලද බංග්ලාදේශයේ සිසු අරගලයට බොහෝ දෙනෙකුට හිසරදයක් වූ හේතුවක් තිබුණේය. එනම් එරට අගමැතිනි ශෙයික් හසීනා ගේ අදූරදර්ශී බලලෝභී ක්රියාකලාපයයි. මේ අදූරදර්ශී පාලනය හේතුවෙන් ඇති වූ මෙම අරගලය පිලිබද ව වැදගත් කරුණු ගොන්නක් මේ ලිපිය තුල බලාපොරොත්තු විය හැකිය.
ජූලි මස මුල සිට බංගලාදේශයේ සිසුන් එරට 1971 සිට මතභේද රැසක් ඇතිකල නීතියක් වන කෝටා (quota) නීතියට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් සංවිධානය කරන ලද අතර එය බංගලාදේශයේ ප්‍රධාන මාර්ග අවහිර කරමින් සිදු කරගෙන ගියහ . මෙම උද්ඝෝෂණ රැල්ලේ මූලිකත්වය ගෙන කටයුතු කලේ එරට අගනුවර වන ඩකා සරසවියේ සිසු සිසුවියන් ය. මෙම ශිෂ්‍ය උද්ඝෝෂණය යම් තාක් දුරකට 2022 වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ වී ජූලි මාසයේ අවසන් වූ ශ්‍රී ලංකාව තුල ඇති වූ උද්ඝෝෂණ මාලාවට නෑකම් කියයි.
• මොකද්ද මේ කෝටා (quota) ක්‍රමය කියන්නේ ?

1971 දී , බංග්ලාදේශයේ පියා වන ෂෙයික් මුජිබර් රහුමාන් ( ශෙයික් හසීනා ගේ පියා ) සිවිල් සේවා තනතුරු නැතහොත් රජයේ රැකියා තනතුරු අඩක් පමණ කුසලතා මත නොව කාන්තාවන්ට හා අඩු ආදායම්ලාභීන් හට අනුග්‍රහය දක්වන කෝටා ක්‍රමයක් ලෙස ස්ථාපිත කරන ලද නීතියක් ලෙස දැක්විය හැකිය . අද වන විට බංග්ලාදේශයේ එය ඉතා මතභේදාත්මක නීතියක් බවට පත් ව ඇත.
මෙහිදී රජයේ රැකියා වලින් 56% ක් විවිධ ක්ෂේත්‍ර යටතේ වෙන් කොට ඇත. 1971 දී බංග්ලාදේශයේ නිදහස වෙනුවෙන් සටන් කල අයගේ පවුල් වල දූ දරුවන් සහ මුණුබුරන් සදහා සිවිල් සේවා තනතුරු වලින් 30% ක් වෙන් කර තිබීම ගැටලුව වර්ධනය වීමට ප්‍රධාන හේතුවයි . ඉතිරි 26% කාන්තාවන් සදහා , 10% ඌන සංවර්ධිත දිස්ත්‍රික්ක වල පවුල් සදහා, තවත් 10% ක් ආදිවාසි ප්‍රජාව සදහා 5% ක් සහ ආබාධිත අය සදහා ඉතිරි 1% වෙන් කර ඇත.
2018 දී මෙවැනි ශිෂ්‍ය අරගලවලින් පසු ශෙයික් හසීනා ආණ්ඩුව කෝටා ක්‍රමය අහෝසි කලේය. එසේ නමුත් 2024 ජනවාරියේ දී මහාධිකරණය එම කෝටා ක්‍රමය ම යලි පිහිටුවන ලෙස නියෝග කලේය. මෙම කෝටා ක්‍රමය නිසා සිවිල් සේවා රැකියා ස්ථාවර ලෙස එය වෙන් කරන ලද පුද්ගලයන්ට ලැබුණු අතර සිය ජීවිත කාලය තුල රැකියාව ස්ථිර විය. නමුත් සිසුන් තර්ක කරන්නේ පාලක පක්ෂය වන අවාමි ලීගයේ ආධාරකරුවන්ට අනුග්‍රහය දැක්වීම සදහා මෙම පද්ධතිය විකෘති කර ඇති බවයි. එනම් ශෙයික හසීනා ගේ පාලනය රදා පවතින්නේ මර්දනය හා හමුදා බලය මතය.
එරට උගත් තරුණ තරුණියන් අතර විරැකියාව විශාල ගැටලුවක් ව පවතී . ඒ සියල්ලටම හේතුව වී ඇත්තේ මෙම කෝටා ක්‍රමය බව සිසුන් ගේ දෝෂාරෝපණයයි. මේ නිසා රැකියාවලින් 94% ක් කුසලතා මත ලබා දී ඉතිරි 6% ආදිවාසීන් ඇතුලු සුළුතර පිරිසට ලැබෙන පරිදි සීමා කිරීමට ශිෂ්‍යයන්ට අවශ්‍ය විය. ජූලි මස ආරම්භයේ සිට බංගලාදේශයේ වඩාත්ම කීර්තිමත් විශ්වවිද්‍යාලය වන ඩකා විශ්ව විද්‍යාලයෙ හි සිසු සිසුවියන් මෙම නීතියට එරෙහිව විරෝධතාවයක් දියත් කලේය. මෙරට 2022 මැයි 09 දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන් ගෝටා ගෝ ගමට පහර දුන් පරිදි අවාමි ලීගයට පක්ෂපාති ආධාරකරුවන් මැදිහත් වී සරසවියට ඇතුලු වී සිසුන්ට ප්රචණ්ඩ ලෙස පහර දුන්හ . ඊට ප්‍රතිචාර ලෙස එතෙක් පැවති සාමකාමී විරෝධතාව ප්රචණ්ඩ අරගලයක් දක්වා වර්ධනය වන්නට විය.

එතැන් පටන් ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහය දක්වමින් අගනුවර අනෙකුත් විශ්වවිද්‍යාල ද අරගලයට පිවිසියහ. රජය විසින් එහිදී වහා ක්‍රියාත්මක වන පරිදි ඩකා විශ්වවිද්‍යාලය වසා දමන ලදී . මෙහිදී රටපුරා පාසල් සිසුන් ද මෙම විරෝධතාවයට සහය දැක්වීමට පැමිණි අතර අනෙකුත් විශ්වවිද්‍යාල සියල්ලම ද පසුව වසා දමන ලදී. අපේ රටේ අරගලය පැවති සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි පසු විරෝධතාකරැවන් මර්දනය කිරීමට ආයුධ ගත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යැවූ පරිදිම ශෙයික් හසීනා ද ඩකා සරසවියට ආයුධ සන්නද්ධ හෙලිකොප්ටර් යවන ලදී . මේ අතර සිසුන්ට එරෙහි , රජයට හිතවත් ආධාරකරුවන් ගේ ප්‍රහාර දිගටම පැවති අතර එය එන්න එන්නම ප්රචණ්ඩ විය.
ශෙයික් හසීනා බංගලාදේශයෙන් පිටමං විමෙන් පසු එරට හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ අන්තර්වාර රජයක් පිහිටුවා නව අගමැතිවරයෙක් කැදවන බවයි. ඔහු මේ ආකාරයට ප්‍රකාශ කරනු ලැබුවේ හසීනා ඉල්ලා අස්වීමෙන් පසු ව කිසි විටෙක හමුදා පාලනයක් පිලි නොගන්නා බවට අරගලකරැවන් ගේ මතය අතරතුරය. ඔවුන් කියා සිටින්නේ නොබෙල් සාම ත්‍යාග ලාභි මුහුමද් යුනූස් පිහිටුවන රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කල යුතු බවයි.
මේ ආකාරයට නොයෙකුත් කරුණු ඒකරාශී වෙමින් පවතිද්දී අගමැතිනියගේ නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි ඇති වටිනා කියන භාණ්ඩ ආදිය තමන් ගේ නිවෙස් වලට රැගෙන යන්නට විය . කෙසේ වෙතත් බංගලාදේශ ආර්ථිකය ගොඩනැගී තිබූ ප්‍රධාන ව්‍යාපාරය වූයේ එරට ඇගලුම් කර්මාන්තයයි. එහෙත් එරට උග්‍ර වෙමින් තිබූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හේතුවෙන් ඇගලුම් නිෂ්පාදකයන් ගේ සංගමය තීරණයකට එලඹෙන්නට විය. එනම් දින නියමයකින් තොරව ඇගලුම් කර්මාන්ත ශාලා වසා දැමීමටය. මෙය එරට ආර්ථිකයට දැඩි ලෙස බලපාන අසුභ ලකුණකි. මේ සියල්ල එසේ එළිදකිද්දී මේ දක්වා අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව 10,000 කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක අංශ යටතේ සිරභාරයේ සිටින අතර උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූ දිනයේ පටන් මේ දක්වා 280 කට වඩා වැඩි පිරිසක් මියගොස් තිබේ.
🖤
ReplyDelete🥰🥰
Delete☺️
ReplyDelete❤️✨
ReplyDelete♥️👍
ReplyDelete❤️❤️
Delete