Monday, 30 September 2024

ශෙයික් නිසා ගිනි ගොඩක් වූ බංගලාදේශය


බංගලාදේශයේ ජන අරගලය


මිනිසුන් වෙනුවෙන් මිනිසුන් ම තමන්ගේ මූලික අයිතිවාසිකම් පිලිබද දැවෙන සැලකිල්ලකින් පසුවන වටපිටාවක අරගල කිරීම යනු නිදහසේ ජීවත් වන ඕනෑම පුද්ගලයකුට ලැබෙන ප්‍රබල අයිතියකි.
තමන්ගේ හෝ වේවා අනුන්ගේ හෝ වේවා අයිතීන් රැකගැනීමට , ඒවා ලබා ගැනීමට ඕනෑම පුද්ගලයකුට නිතැතින්ම හැකිවිය යුතුය.

තම රටේ හෝ තමන් යටහත් පහත් ව සිටින ඕනෑම තැනක තමන්ට වූ අයිතිය ඇහිරී යන්නේ නම් එයට ක්‍රියාවෙන් පිලිතුරු දිය හැකි හොදම ආකාරය අරගලයයි. නමුත් පසුගියදා ලෝකයේ ප්‍රබල රටවල්වල මෙන්ම මුලු දකුණු ආසියාවේ ම ඇස යොමු කල රටක් ලෙස බංග්ලාදේශය හදුන්වා දිය හැකිය. එයට හේතුව බංග්ලාදේශයේ සිසු අරගලයයි.

මෙසේ සදහන් කරන ලද බංග්ලාදේශයේ සිසු අරගලයට බොහෝ දෙනෙකුට හිසරදයක් වූ හේතුවක් තිබුණේය. එනම් එරට අගමැතිනි ශෙයික් හසීනා ගේ අදූරදර්ශී බලලෝභී ක්‍රියාකලාපයයි. මේ අදූරදර්ශී පාලනය හේතුවෙන් ඇති වූ මෙම අරගලය පිලිබද ව වැදගත් කරුණු ගොන්නක් මේ ලිපිය තුල බලාපොරොත්තු විය හැකිය.

ජූලි මස මුල සිට බංගලාදේශයේ සිසුන්  එරට 1971 සිට මතභේද රැසක් ඇතිකල නීතියක් වන කෝටා (quota) නීතියට එරෙහිව උද්ඝෝෂණ රැල්ලක් සංවිධානය කරන ලද අතර එය බංගලාදේශයේ ප්‍රධාන මාර්ග අවහිර කරමින් සිදු කරගෙන ගියහ . මෙම උද්ඝෝෂණ රැල්ලේ මූලිකත්වය ගෙන කටයුතු කලේ එරට අගනුවර වන ඩකා සරසවියේ සිසු සිසුවියන් ය. මෙම ශිෂ්‍ය උද්ඝෝෂණය යම් තාක් දුරකට 2022 වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ වී ජූලි මාසයේ අවසන් වූ ශ්‍රී ලංකාව තුල ඇති වූ උද්ඝෝෂණ මාලාවට නෑකම් කියයි.

• මොකද්ද මේ කෝටා (quota) ක්‍රමය කියන්නේ ?

        
         1971 දී  ,  බංග්ලාදේශයේ පියා වන ෂෙයික් මුජිබර් රහුමාන් (  ශෙයික් හසීනා ගේ පියා )  සිවිල් සේවා තනතුරු නැතහොත් රජයේ රැකියා තනතුරු අඩක් පමණ කුසලතා මත නොව කාන්තාවන්ට හා අඩු ආදායම්ලාභීන් හට අනුග්‍රහය දක්වන කෝටා ක්‍රමයක් ලෙස ස්ථාපිත කරන ලද නීතියක් ලෙස දැක්විය හැකිය . අද වන විට බංග්ලාදේශයේ එය ඉතා මතභේදාත්මක නීතියක් බවට පත් ව ඇත.




මෙහිදී රජයේ රැකියා වලින් 56% ක් විවිධ ක්ෂේත්‍ර යටතේ වෙන් කොට ඇත. 1971 දී බංග්ලාදේශයේ නිදහස වෙනුවෙන් සටන් කල අයගේ පවුල් වල දූ දරුවන් සහ මුණුබුරන් සදහා සිවිල් සේවා තනතුරු වලින් 30% ක් වෙන් කර තිබීම ගැටලුව වර්ධනය වීමට ප්‍රධාන හේතුවයි . ඉතිරි 26% කාන්තාවන් සදහා , 10% ඌන සංවර්ධිත දිස්ත්‍රික්ක වල පවුල් සදහා, තවත් 10% ක් ආදිවාසි ප්‍රජාව සදහා 5% ක් සහ  ආබාධිත අය සදහා ඉතිරි 1% වෙන් කර ඇත.

2018 දී මෙවැනි ශිෂ්‍ය අරගලවලින් පසු ශෙයික් හසීනා ආණ්ඩුව කෝටා ක්‍රමය අහෝසි කලේය. එසේ නමුත් 2024 ජනවාරියේ දී මහාධිකරණය එම කෝටා ක්‍රමය ම  යලි පිහිටුවන ලෙස නියෝග කලේය. මෙම කෝටා ක්‍රමය නිසා සිවිල් සේවා රැකියා ස්ථාවර ලෙස එය වෙන් කරන ලද පුද්ගලයන්ට ලැබුණු අතර සිය ජීවිත කාලය තුල රැකියාව ස්ථිර විය. නමුත් සිසුන් තර්ක කරන්නේ පාලක පක්ෂය වන අවාමි ලීගයේ ආධාරකරුවන්ට අනුග්‍රහය දැක්වීම සදහා මෙම පද්ධතිය විකෘති කර ඇති බවයි. එනම් ශෙයික හසීනා ගේ පාලනය රදා පවතින්නේ මර්දනය හා හමුදා බලය මතය.

එරට උගත් තරුණ තරුණියන් අතර විරැකියාව විශාල ගැටලුවක් ව පවතී . ඒ සියල්ලටම හේතුව වී ඇත්තේ මෙම කෝටා ක්‍රමය බව සිසුන් ගේ දෝෂාරෝපණයයි. මේ නිසා රැකියාවලින් 94% ක් කුසලතා මත ලබා දී ඉතිරි 6% ආදිවාසීන් ඇතුලු සුළුතර පිරිසට ලැබෙන පරිදි සීමා කිරීමට ශිෂ්‍යයන්ට අවශ්‍ය විය. ජූලි මස ආරම්භයේ සිට බංගලාදේශයේ වඩාත්ම කීර්තිමත් විශ්වවිද්‍යාලය වන ඩකා විශ්ව විද්‍යාලයෙ හි සිසු සිසුවියන් මෙම නීතියට එරෙහිව  විරෝධතාවයක් දියත් කලේය. මෙරට 2022 මැයි 09 දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ආධාරකරුවන් ගෝටා ගෝ ගමට පහර දුන් පරිදි අවාමි ලීගයට පක්ෂපාති ආධාරකරුවන් මැදිහත් වී සරසවියට ඇතුලු වී සිසුන්ට ප්‍රචණ්ඩ  ලෙස පහර දුන්හ . ඊට ප්‍රතිචාර ලෙස එතෙක් පැවති සාමකාමී විරෝධතාව ප්‍රචණ්ඩ අරගලයක් දක්වා වර්ධනය වන්නට විය.




එතැන් පටන් ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහය දක්‌වමින් අගනුවර අනෙකුත් විශ්වවිද්‍යාල ද අරගලයට පිවිසියහ. රජය විසින් එහිදී වහා ක්‍රියාත්මක වන පරිදි ඩකා විශ්වවිද්‍යාලය වසා දමන ලදී . මෙහිදී රටපුරා පාසල් සිසුන් ද මෙම විරෝධතාවයට සහය දැක්වීමට පැමිණි අතර අනෙකුත් විශ්වවිද්‍යාල සියල්ලම ද පසුව වසා දමන ලදී. අපේ රටේ අරගලය පැවති සමයේ දී රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණි පසු විරෝධතාකරැවන් මර්දනය කිරීමට ආයුධ ගත් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යැවූ පරිදිම ශෙයික් හසීනා ද ඩකා සරසවියට ආයුධ සන්නද්ධ හෙලිකොප්ටර් යවන ලදී . මේ අතර සිසුන්ට එරෙහි , රජයට හිතවත් ආධාරකරුවන් ගේ ප්‍රහාර දිගටම පැවති අතර එය එන්න එන්නම ප්‍රචණ්ඩ විය.

ශෙයික් හසීනා බංගලාදේශයෙන් පිටමං විමෙන් පසු එරට හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ අන්තර්වාර රජයක් පිහිටුවා නව අගමැතිවරයෙක් කැදවන බවයි. ඔහු මේ ආකාරයට ප්‍රකාශ කරනු ලැබුවේ හසීනා ඉල්ලා අස්වීමෙන් පසු ව කිසි විටෙක හමුදා පාලනයක් පිලි නොගන්නා බවට අරගලකරැවන් ගේ මතය අතරතුරය.  ඔවුන් කියා සිටින්නේ නොබෙල් සාම ත්‍යාග ලාභි මුහුමද් යුනූස් පිහිටුවන රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කල යුතු බවයි.




මේ ආකාරයට නොයෙකුත් කරුණු ඒකරාශී වෙමින් පවතිද්දී අගමැතිනියගේ නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි ඇති වටිනා කියන භාණ්ඩ ආදිය තමන් ගේ නිවෙස් වලට රැගෙන යන්නට විය . කෙසේ වෙතත් බංගලාදේශ ආර්ථිකය ගොඩනැගී තිබූ ප්‍රධාන ව්‍යාපාරය වූයේ එරට ඇගලුම් කර්මාන්තයයි. එහෙත් එරට උග්‍ර වෙමින් තිබූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හේතුවෙන් ඇගලුම් නිෂ්පාදකයන් ගේ සංගමය තීරණයකට එලඹෙන්නට විය. එනම් දින නියමයකින් තොරව ඇගලුම් කර්මාන්ත ශාලා වසා දැමීමටය. මෙය එරට ආර්ථිකයට දැඩි ලෙස බලපාන අසුභ ලකුණකි. මේ සියල්ල එසේ එළිදකිද්දී  මේ දක්වා අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව 10,000 කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක අංශ යටතේ සිරභාරයේ සිටින අතර උද්ඝෝෂණ රැල්ල ආරම්භ වූ දිනයේ පටන් මේ දක්වා 280 කට වඩා වැඩි පිරිසක් මියගොස් තිබේ.






Sunday, 22 September 2024

තාමත් නොවිසඳුණු මැදපෙරදිග පරණ කෝන්තර

 ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින යුද්ධය,   එහි පසුබිම් කතාව හා වර්තමාන තත්වය.

  • ආදී කාලීන මානවයාගේ සිට මේ දක්වා කාල පරතරය තුල ලෝකයේ විවිධ හේතු මත යුද්ධ ගැටුම් ඇති වී තිබි ඇත. ඒවා දේශපාලන, සමාජ , ආර්ථික ආදී නොයෙකුත් කාරණා මත,ඇති වූ ඒවා විය හැකිය. බොහෝ දෙනාගේ මතය නම් යුද්ධයක් ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ බලය බෙදාගැනීම නම් වූ පටු දේශපාලන අරමුණකි. මුල් කාලයේ ඇති වූ යුද්ධවල ශක්තිවන්තයාට මුල් තැනක් හිමිව වූ නමුත් වර්තමානය තුල විටින් විට ඇතිවන යුද්ධ වල ප්‍රධානියා වන්නේ යුද්ධ සැලසුම්කරැවන් ය. ලෝකයේ ඇති වූ යුධ ගැටුම් හා බලන කල 1 වන හා 2 වන ලෝක යුද්ධ ගැටුම් වල පැවති සමාජ , දේශපාලනික වටපිටාව ඉතා කුඩා එකකි. 


  • නමුත් මේ මොහොතේ අද වන විට පවතින යුද්ධ අතර ලෝකයේ අවධානය දිනාගත් යුද්ධයක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය දැක්විය හැකිය. විටින් විට ඇතිවන දේශපාලනික ගැටුම් මෙන්ම දේශසීමා ගැටලු නිසා පැනනගින යුද්ධයේ අවසානයක් තවමත් පෙනෙන තෙක් මානයක නොමැති බව සත්සුදක් සේ පැහැදිලි වේ. මෙහිදී ඊශ්‍රායලය හා පලස්තීන ගැටුම ආරම්භ වීමට හේතු වූ හේතු කාරණාව කුමක්ද යන්න හඳුනාගැනීම ප්‍රධාන වශයෙන් එය අධ්‍යනය කරන්නෙකුට පහසු වේ .

ඇත්තටම යුද්ධයේ ආරම්භයට හේතුව මොකක්ද


ඊශ්‍රායලය හා පලස්තීන යුද්ධය ආරම්භ වීමට ප්‍රධාන හේතුව වන්නට වූයේ ඊශ්‍රායලයේ මුල් කාලීන වටපිටාවයි. 1948 ට පෙර ඊශ්‍රායලයේ පැවති වාතාවරණය මෙයට මූලික හේතුව විය.  පලමු ලෝක යුද්ධයේ දී මැදපෙරදිග කොටස පාලනය කල ඔටෝමන් අධිරාජ්‍යය පරාජය වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පලස්තීනය ලෙස හැදින්වූ ප්‍රදේශය පාලනය කලේය. මෙම භූමි ප්‍රදේශය යුදෙව්වන් සුළුතරයක්,  අරාබි සුළුතරයක්  මෙන්ම අනෙකුත් කුඩා ජනවාර්ගික කණ්ඩායම් ද වාසය කරන ලදී .යුදෙව්වන් සදහා පලස්තීනයේ "ජාතික නිවහන් ක්‍රමය"(National Resident System ) පිහිටුවීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් රාජධානියට ලබාදීමත් සමග ජාතීන් දෙක අතර පරස්පර විරෝධී මත වර්ධනය විය. 

1917 දී එවකට විදේශ ලේකම් ආතර් බැල්ෆෝර් විසින් බ්‍රිතාන්‍යයේ සිටින යුදෙව් ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවන් බව බැල්ෆෝර් ප්‍රකාශනයෙන් පැන නැගුණි.
මෙම ප්‍රකාශය මගින් පලස්තීනය පිලිබදව බ්‍රිතාන්‍යයට තිබූ ආකල්පය පැහැදිලි වූ අතර 1922 දී අලුතින් නිර්මාණය කල ජාතීන් ගේ සංගමය මගින් බැල්ෆෝර් ගේ ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරන ලදී. 

1920 හා 1940 ගණන් අතර යුරෝපයේ විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේ නාසි මූලස්ථාන වලින් පීඩා විදී බොහෝ දෙනා පලා යාමත් සමග යුදෙව්වන් ඊශ්‍රායලය කරා එන ප්‍රමාණය වැඩිවීම සිදුවිය. මේ හේතුව නිසා යුදෙව්වන් හා අරාබිවරුන් අතර ප්‍රචන්ඩත්වය ද වැඩි වන්නට විය. 1947 දී එක්සත් ජාතීන් ගේ සංවිධානය පලස්තීනය හා ඊශ්‍රායලය යුදෙව් හා අරාබි රාජ්‍යයන් ලෙස වෙන් කිරීමට පියවර ගන්නා ලදී. එහිදී පලස්තීනයේ අගනුවර ජෙරුසලම ලෙස නම් කරන ලද අතර එය ඓතිහාසික නගරයක් ලෙස නම් කෙරිණි. ( ජේසුස් වහන්සේ ගේ උපත සිදු වූ ස්ථානය ජෙරුසලම විය.)මෙම සැලැස්ම යුදෙව් නායකයන් පිලිගත් නමුත් අරාබි පාර්ශ්වය ප්‍රතික්ෂේප කල නිසා මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පසුවට කල් දමන ලදී  .

ඊශ්‍රායලය නිර්මාණය වීම වුණේ මෙහෙමයි.

1948 දී ඉහත කී ගැටලුව විසදීමට නොහැකි වූ අතර එයින් බ්‍රිතාන්‍යය රජය ඉවත් කිරීමත් සමග යුදෙව් නායකයන් ඊශ්‍රායල රජය බිහිකිරීමට කටයුතු කලේය. එය ලෝක යුද්ධ සමයේ ජර්මනියෙන් පලා යන යුදෙව්වන්ට විශාල තෝතැන්නක් වූ බව පැහැදිලි වේ . යුදෙව් හා අරාබි සටන්කරැවන් අතර සටන් මාස ගණනාවක් තිස්සේ ඇවිලෙමින් තිබූ අතර ඊශ්‍රායලය රාජ්‍යත්වය ප්‍රකාශයට පත් කල දිනට පසු දින අවට රටවල්  පහක් විසින් ප්‍රහාර එල්ල කරන ලදී .


එම රටවල් පහ අතරට සිරියාව, ජෝර්දානය, සෞදි අරාබිය, ඊජිප්තුව හා ලෙබනනයයි. මේ සියලු රටවල් ඉස්ලාම් ආගමික රටවල් වීම විශේෂත්වයකි. මෙහිදී ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් පලා ගිය අතර ඇතැමුන් සිය නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් කර දැමූහ. ඊලග වසරේ සටන් විරාමයකින් මෙය අවසන් වන විට ඊශ්‍රායලය බොහෝ ප්‍රදේශ අත්පත් කරගෙන සිටියේය. මෙහිදී ජෝර්දානය බටහිර ඉවුර ලෙස හැදින් වූ භූමිය අල්ලා ගත් අතර ඊජිප්තුව ගාසා තීරය ( Gaza Strip ) අත්පත් කර ගත්තේය. එමෙන් ම ජෙරුසලම බටහිර ප්‍රාදේශයෙන් ඊශ්‍රායල හමුදා හා නැගෙනහිරින් ජෝර්දාන හමුදා අතර බෙදී ගියේය. මෙහිදී කිසිදු දවසක සාම ගිවිසුමක් නොතිබුණු නිසා තවත් දශක කිහිපයක් එතැන් සිට ඉදිරියට යුද්ධය ඇදී ගියේය.

1967 පැවති යුද්ධයකදී ඊශ්‍රායලය විසින් නැගෙනහිර ජෙරුසලම හා බටහිර ඉවුර මෙන්ම සිරියානු ගෝලාන් කඳුකරය, ගාසා තීරය හා ඊජිප්තු සිනාසි අර්ධද්වීපය ද අත්පත් කරගත්තේය. ඉතිරි වූ පලස්තීනුවන් සරණාගතයන් ලෙස ගාසා තීරයේත්,  තවත් කොටසක්  ජෝර්දානය,  සිරියාව වැනි රටවල් වලට පලා ගියේය. පසුගිය වසර 50 තුල ඊශ්‍රායලය බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස ගොඩනගා ඇති අතර දැන් යුදෙව්වන් 700,000 කට වඩා ජීවත් වේ. 

ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර පවතින්නා වූ ප්‍රධාන ගැටලු 

ඊශ්‍රායලය හා පලස්තීනය යන රටවල් දෙකටම එකග විය නොහැකි කරැණු කිහිපයක් මෙහිදි දැක්විය හැකිය. එම කරුණු කිහිපය අතරට , 

  • ඊශ්‍රායලයේ සිටින පලස්තීනයේ සරණාගතයින් වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න
  • ජනාවාස වී සිටින බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පැවැතිය යුතුද නැතිනම් ඉවත් කල යුතු ද යන්න පිලිබද තීරණය.
  • දෙපාර්ශ්වයටම ජෙරුසලම අයිති විය යුතුද නැතිද යන්න 
  • අවසානයේ ලබාගන්නා  ක්‍රියාමාර්ගයක් ලෙස ඊශ්‍රායලය හා පලස්තීන ඒකාබද්ධ රාජ්‍යයක් කල යුතුද පිලිබද වය.
යන්න මෙහි දි සලකා බැලූ කරැණු වේ. 

     මේ ප්‍රශ්න වලට ගත් පියවර / විසඳුම් 

ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාම සාකච්ඡා 1990 ගණන් වල සහ 2010 ගණන්වල ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ වූවද පැවැත්විය. සාකච්ඡාමය වශයෙන් මෙහි යම් ඵලදායි බවක් මුල් කාලයේ තිබෙන්නට විය. මෙහිදී 1993 සිට පලස්තීනුවන් ගේ ප්‍රධානීයා වූ පලස්තීන විමුක්ති සංවිධානය ද එහි එකම නියෝජිතයා ලෙස පිලිගෙන ඇත. මෙම සිද්ධිය ඔස්ලෝ ගිවිසුම ලෙස හඳුන්වන ලදී.

මේ අතර 1995 නොවැම්බර් 4 වන දින ඊශ්‍රායල අගමැති yitzhak Rabin යුදෙව් අන්තවාදියෙකු අතින් ඝාතනයට ලක් විය. මෙය මුල් කොට ගෙන 2000  වසරේ සාම ගිවිසුම් නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් අතර 2003 දී ලෝක බලවතුන් ඒ සදහා ක්‍රියාමාර්ග සකසා දුන්නද එය බල රහිත විය. එමෙන්ම 2014 දී ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡා අසාර්ථක වූවායින් පසු ඒ සියලු සාම සාකච්ඡා එතැන් සිට අහෝසි විය. 

 යුද්ධයේ වර්තමාන තත්වය ( දැන් ඇතිව තිබෙන තත්වය . )

ගාසා තීරය පාලනය කරමින් මේ මොහොතේ සිටින්නේ ඊශ්‍රායලය විනාශ කිරීමට කැප වී සිටින ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් සංවිධානය වන අතර එය එක්සත් රාජධානිය ඇතුලු තවත් බොහෝ රටවල් ඔවුන් ව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත. 


මෙම හමාස්වරැ 2006 දී පලස්තීනුවන් ගේ අවසන් මැතිවරණයෙන් ජයග්‍රහණය කල අතර බටහිර ඉවුර මූලික කරගත් ජනාධිපති මහමුද් අබ්බාස් ගේ ප්‍රතවාදි
 ෆාටා ව්‍යාපාරය නෙරපා හැර ගාසා හි වත්මන් පාලනය සියතට ගත් හ . එතැන් සිට ගාසා තීරයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය සමග යුද්ධ කිහිපයක් ම කර ඇති අතර ඊශ්‍රායලය,  ඊජිප්තුව සමග එක් ව හමාස් සංවිධානය හුදෙකලා කිරීමට ද මෙහිදී පියවර ගනී.

මෙම යුද්ධය අතරතුර හමාස් සටන්කරුවන් සාමාන්‍ය පලස්තීනුවන් අතර හිත දිනාගැනීමක් ද සිදුකරන බව කිව යුතුය. එහිදී ප්‍රාණ ඇපකරුවන් යොදාගෙන ඊශ්‍රායලයට බලපෑම් කිරීම ඇතුලුව මෙන්ම ඇතැම් සිරගෙවල් වල සිටින පලස්තීනුවන් 4500 ක් පමණ නිදහස් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ. එමෙන්ම නවතම වාර්තා වලට අනුව හමාස් සංවිධානයේ නායකයා වන හුස්බුල්ලා ගේ හමුදා ප්‍රධානියකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මියගිය බව මෑතකදී වාර්තා කලේය. 

මෙහිදී අපට පෙනී යන මූලික කාරණය නම් යුද්ධය එතෙක් පැවති තත්වය ගැලවී හමාස් සංවිධානය එක් වීමත් සමග වෙනස් දිශානතියකට යන බවක් දක්නට ලැබේ . එමෙන් ම පලස්තීනයේ නිදහස වෙනුවෙන් පලස්තීන රජය හමාස් සංවිධානය ඉත්තකු බවට පත් කරගෙන තිබෙන අයුරු එක් අතිකිනුත්, ඊශ්‍රායලය හමුවේ හමාස් ත්‍රස්ත සංවිධානය විනාශ කිරීමේ අභිප්‍රාය ඊශ්‍රායලය හා සෙසු යුරෝපීය රටවල් වල පවතින බව අපට දැකිය හැකිය.





තොරතුරු සහ ඡායාරූප උපුටාගැනීම : BBC News





Monday, 16 September 2024

රහ කර කර බලන ෆිල්ම් හැදෙන තැන්...

ලොව විශාලතම චිත්‍රපට චිත්‍රාගාර 10


ලෝක සන්නිවේදන ඉතිහාසය තුල මිනිසුන් බහුලවම වැලදගත් සහ අතිශය සීඝ්‍ර වශයෙන් වර්ධනයට ලක් වූ කර්මාන්තයක් ලෙස චිත්‍රපට කර්මාන්තය හදුන්වාදිය හැකිය. එක් පසෙකින් ලෝකය තුල තෝරා ගත් එක් සන්නිවේදන මෙවලමක් ලෙසත්,  ප්‍රබල රසාස්වාදන මාධ්‍යයක් ලෙසත් සිනමාව ආරම්භ කිරීමේදී ඒ හා බැදුණු ව්‍යාපාරමය ස්වභාවය වැඩිදුරටත් ප්‍රදර්ශනය කරමින් ලෝක සිනමාව තුල බොහෝ පුරෝගාමීන් තම සිනමා කර්මාන්තය විවිධ ක්‍රම ඔස්සේ ප්‍රවර්ධනය කරගැනීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපට චිත්‍රාගාර ( Cinema Studios ) නිර්මාණය කිරීම ආරම්භ කලේය.

එලෙස නිර්මාණය කරන ලද ලෝකයේ ධනවත්ම මෙන්ම විශාල වශයෙන් චිත්‍රපට නිෂ්පාදනයට දායක වන සිනමා චිත්‍රාගාර විශාල ප්‍රමාණයක් දැනට පවතී. ඒ අතරින් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.


  1.  Universal Pictures


අමෙරිකා එක්සත් ජනපදයේ දැනට පවතින පැරණිතම චිත්‍රපට නිෂ්පාදන සමාගම වන Universal Pictures වසරේ ඉහලම BoxOffice වාර්තා සමගින් ජාත්‍යන්තර ලැයිස්තු වල ඉහලින් සිටින අතර , 2022 දී ඩොලර් බිලියන 11.62ක් උපයා ඇත. 1912  දී ආරම්භ කරන ලද Universal Pictures යනු Comcast හි NBC Universal Fund E අංශයට අයත් එක්සත් ජනපදයේ චිත්‍රපට චිත්‍රාගාරයක් ( Film Studio ) වේ. 

Despicable Me, Jurassic Park, King Kong , Fast and Furious චිත්‍රපට මාලාව හා තවත් බොහෝ චිත්‍රපට සමාගමේ ප්‍රසිද්ධ ව්‍යාපෘති වේ. මෙම සමාගම ආරම්භයේ සිට මේ දක්වා චිත්‍රපට 393 ක් නිෂ්පාදනය කර ඇත. එමෙන්ම Universal Pictures 2023 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1.94 ක BoxOffice ආදායමක් උපයා ඇත. 

      

       2. Warner Bros.


Warner Bros යනු කැලිෆෝර්නියාවේ බර්බෑන්ක් හි පිහිටි අමෙරිකානු විවිධාංගීකරණය කරන ලද ගෝලීය ජනමාධ්‍ය හා විනොදාස්වාද සංස්ථාවකි.  Warner bros සතු අනෙකුත් අංශ හා සමාගම් ලෙස DC Movies , Castle Rock Entertainment,  Turner Entertainment, Newling Cinema හා Warner bros Animation ද ඒ අතර වේ. 

Warner brother මෙතෙක් නිෂ්පාදනය කල චිත්‍රපට 50 න් 11ක් ම වැඩිම ආදායම් උපයාගත් චිත්‍රපට වේ. එමෙන්ම ලෝකයේ හොදම චිත්‍රපට චිත්‍රාගාරයකි.  මොවුන් ආරම්භයේ සිටම රූපවාහිනී කථාංග 5000 හා චිත්‍රපට 7000 ක් පමණ නිෂ්පාදනය කර ඇත. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ Harry poter කතා මාලාව , The Matrix, Jorker මෙන්ම තවත් බොහෝ නම ගිය චිත්‍රපට මොවුන් නිෂ්පාදනය කල ඒවාය.

Warner bros. 2023 වන විට BoxOffice ආදායම ඩොලර් බිලියන 41.32 ක් උපයා ගත් අතර 2022 දී එය දේශීය box office ඩොලර් මිලියන 935.9 ක් ඉක්මවා ගියේය. 


  3. Sony Pictures Motion picture Group


Sony Entertainment හි අංශයක් වන Sony Pictures Motion Picture Group 1998 දී නිර්මාණය කරන ලදී. එමෙන්ම 1989 දී Colombia Pictures, coca-cola වෙතින් ඩොලර් බිලියන 3.4 කට මිලදී ගෙන සමාගමේ විශාලතම අනුබද්ධ ආයතනය බවට පත් විය. Tristar Pictures හා Screen Game යනු සමාගමේ අනෙකුත් අනුබද්ධ සමාගම් දෙකකි. Resident Evil, Spiderman හා jumanji යනු Sony Pictures Motion picture Group විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍රපට වලින් කිහිපයක් පමණි.

මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට 50 අතරට Sony සතුව චිත්‍රපට 2ක් ඇත.එය 2023 දී ඩොලර් බිලියන 6.5 ක් උපයා ඇත. 2022 දී Sony Picures චිත්‍රපට සදහා දේශීය boxoffice ආදායම ඩොලර් මිලියන 843.8 කි.


       4. Walt Disney Pictures 


Walt Disney Pictures යනු The Walt Disney Studio හි අනුබද්ධ ආයතනයකි.  Avengers: End game , The Pirates of the Caribbean චිත්‍රපට ත්‍රිත්වය හා The Lionking චිත්‍රපට Walt Disney Pictures විසින් මෙතෙක් නිකුත් කරන ලද ඉහලම ආදායම් ඉපයූ චිත්‍රපට වේ.

චිත්‍රපට සමාගමේ අනුබද්ධිත ආයතනය කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි වෝල්ට් ඩිස්නි චිත්‍රාගාර යේ පිහිටා ඇත. Disney සමාගම විසින් මෙතෙක් උපයාගත් හොදම චිත්‍රපට 50න් 21ක් ම නිෂ්පාදනය කර ඇත. මෙම චිත්‍රපට සමාගම 2023 දී ඩොලර් බිලියන 88.9 උපයාගත් අතර එය සිව්වන විශාලතම චිත්‍රපට චිත්‍රාගාර සමාගම බවට පත් විය. 2022 දී ඔවුන්ගේ BoxOffice ආදායම ඩොලර් බිලියන 1.93 කි.


      5. Paramount 


Motion Pictures Association of  America ( MPAA ) විසින් Paramount Pictures viacomCBS හි අනුබද්ධිත ආයතනයක් ලෙස පිලිගෙන ඇත. Titanic, The Transformers series,  shrek  හා The mission impossible චිත්‍රපට paramount Pictures විසින් මෙතෙක් නිපදවූ ඉහලම ආදායම් ලැබූ චිත්‍රපට අතර වේ.

Dreamworks Animation සමාගමෙන් ඉවත් වූ වී 2011 දී paramount Animation චිත්‍රාගාරය ආරම්භ කලේය. එමෙන්ම paramount Animation යනු dreamworks , walt Disney හා  pixar සමග කරට කර තරග කල හැකි සජීවි චිත්‍රපට නිෂ්පාදනය කරන ආයතනයකි. 2023 දී ඩොලර් බිලියන 29.15 ක ආදායමක් උපයා ඇත. Paramount 2022 දී ඩොලර් බිලියන 1.29 ක BoxOffice ආදායමක් තබා ඇත.


     6. Lionsgate 


  Lionsgate Films යනු උතුරු අමෙරිකාවේ හයවන වඩාත්ම ලාභදායී චිත්‍රපට චිත්‍රාගාරය වන අතර වාණිජමය වශයෙන් සාර්ථක කුඩා චිත්‍රපට හා රූපවාහිනි අන්තර්ගතයන් බෙදාහැරීමේ සමාගමකි. Cinepix 1962 දී Montreal හි පිහිටුවන අතර එය 1997දී Lionsgate Entertainment Group විසින් මිලදී ගන්නා ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස Lionsgate චිත්‍රාගාරය බිහිවන ලදී .

The Hunger Games, Kick- Ass හා The Expendables යනු Lionsgate විසින් නිර්මාණය කරන ලද අපූරු චිත්‍රපට මාලාවන් කිහිපයක් පමණි. Summit Entertainment යනු මෙම සමාගමේ ම අනුබද්ධිත ආයතනයක් වන අතර Now you see me, Twilight and knowing වැනි නිර්මාණ නිපදවා ඇත. මෙම සමාගම 2023 දී ආදායම ඩොලර් බිලියන 3.08 ක් ඉක්මවූ අතර එය 2022 වසරේ ආදායමට වඩා වැඩි වූ අතර එය ඩොලර් බිලියන 2.71 කි.


      7. 20th Century Fox


20th Century Studios යනු අමෙරිකානු චිත්‍රපට සමාගමක් වන අතර එය 1935 දී කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටුවන ලද The Walt Disney සමාගමේ අනුබද්ධිත ශාඛාවක් වේ. එය Avatar, Star wars , Bohemian Rhapsody මෙන්ම තවත් චිත්‍රපට විශාල ප්‍රමාණයකට හිමිකම් කියන චිත්‍රපට සමාගමකි. Avatar මේ වන විට ඩොලර් බිලියන 2.7 කට අධික ආදායමක් උපයමින් මෙතෙක් වැඩිම ආදායමක් උපයන ලද චිත්‍රපටය ලෙස වාර්තා පොත් අතරට එක් ව ඇත. 

1984 සිට එය News Corporation හා 21st Century Fox මගින් වෙන් වෙන් ව කටයුතු කරන්නට විය. එමෙන්ම 20th century fox විසින් මෙතෙක් වැඩිම ලාභ ඉපයූ චිත්‍රපට කිහිපය අතර Ice Age හා DC- Men ඉන් දෙකකි. Fox Animation Studios ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන සමාගම් ඒකකය විය. 

20th Century Fox 2023 දී ඩොලර් බිලියන 15 ක ආදායමක් උපයා ඇත. මෙම චිත්‍රපට නිෂ්පාදන සමාගම 2022 වසරේ ලාභය එක් කාර්තුවකට ඩොලර් බිලියන 1.08 ක් උපයා ඇත. 


     8. The Weinstein Company


2005 වසරේ දී Miramax  ආයතනයෙන් ඉවත් වූ Harvey හා Bob Weinstein සහෝදරයන් The Weinstein Company ආරම්භ කරන ලදී. එක් අවස්ථාවක මෙම චිත්‍රාගාරය හොලිවුඩයේ විශාලතම කුඩා පරිමාණයේ චිත්‍රාගාරය බවටද පත් ව තිබුණි. Derailed, Scream 4 හා 1408 ඔවුන්ගේ ජනප්‍රිය චිත්‍රපට අතර විය. Django Unchained ඔවුන්ගේ ඉහලම ආදායම ලද චිත්‍රපටය වන අතර ලොව පුරා BoxOffice ආදායම් වලින් ඩොලර් මිලියන 425 කට ආසන්න ප්‍රමාණයක ආදායමක් වේ. Miramax සමාගමේ අනුබද්ධ කොටසක් වන Disney සමාගමෙන් මිලදී ගත් Dimension films චිත්‍රාගාරය මෙම සමාගම සතුය. 

ඔවුන් Scary Movie 4 හා 5, spykids : All the world int the world ආදි චිත්‍රපට නිර්මාණය කොට ඇත.2017 අග භාගයේදී Harvey Weinstein ට එරෙහි ව ලිංගික අපචාර චෝදනා නිසා චිත්‍රාගාරයට එය විශාල බලපෑමක් කලේය. 2018 මාර්තු 19 වන දින ඔහු සමාගමෙන් නෙරපා හරින ලද අතර චිත්‍රාගාරය ද බංකොලොත් භාවයට යමින් තිබුණේය. එමෙන්ම පුද්ගලික කොටස් වෙන්දේසියක දී චිත්‍රාගාරයේ වත්කම් ගත්තේය.  වෙන්දේසියෙන් පසු සමාගම සම්පූර්ණයෙන් වසා දමන ලදී.


    9. Metro - Goldwyn - Mayer Studios


Metro Goldwyn Pictures හා Metro Goldwyn Mayer යනු චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කරන අමෙරිකානු මාධ්‍ය ව්‍යාපාරයක් වන Metro Goldwyn Meyer හි වෙලද සන්නාම වේ. මෙම සමාගම 1924 දී ආරම්භ කරන ලදී. 2010 දී බංකොලොත් භාවයට පැමිණි පසු කිහිප විටකදීම එහි කොටස් විකුණන ලදී.

MGM විසින් The Dirty Dozem , Golden Eye හා Ben-Hur වැනි විශිෂ්ට සිනමාකෘති රැසක් නිර්මාණය කරන ලදී. මෙම චිත්‍රපට සමාගම ලද ආදායම 2020 දී පිලිවෙලින් ඩොලර් මිලියන 96.1 ක් හා ඩොලර් බිලියන 1.50 කි.


      10. Dreamworks Studios


Jeffrey Katzenberb, Steven Spielberg හා David Geffen 1994  දී Dreamworks Pictures පිහිටුවන ලදී. මෙහි මව් සමාගම වන්නේ Amblin Partners සමාගමයි. Transformers හා Gladiators ඔවුන් ගේ හොදම චිත්‍රපට වලින් දෙකකි. 2000 වසර ආරම්භයේ දී හොදම චිත්‍රපටය සදහා Academic සම්මානය 3 වරක් දිනාගත්තේය. කෙසේ වෙතත් ඩොලර් මිලියන 400 කට අධික ණය හේතුවෙන් සමාගම 2005 දී Viacom වෙත විකුණා ඇත.

Dreamworks Animation ආයතනය විසින් The Madagascar,  Kung-fu Panda  වැනි චිත්‍රපට සමග එය වාණිජමය වශයෙන් විශාල සාර්ථකත්වයක් ලබාගත්තේය. මොවුන්ගෙන් 2004 දී වෙන් කරන ලද අංශය ඒ වන විට NBC Universal සතු විය. එය 2023 දී ඩොලර් මිලියන 915.9 ක වත්කමක් උපයා ඇත.



  •  කරැණු උපුටා ගැනීම අන්තර්ජාලයෙනි. 


Thursday, 5 September 2024

වැඩිහිටියන්ට විතරයි කියන හැමදේම 18+ ද?

                     ශ්‍රී ලංකාව තුල වාරණයට ලක් වූ 

                                          චිත්‍රපට 

  • ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය පිලිබදව පුළුල් විග්‍රහයක යෙදීමේදී බොහෝ සිංහල සිනමා නිර්මාණ හමුවනු ඇත. ඒහිදී ප්‍රධාන වශයෙන් ලංකාව තුල ජනප්‍රිය මට්ටමට රැගෙන ගිය චිත්‍රපට රැසක් අදටත් මහජන ප්‍රේක්ෂකයන් ගේ මතකයේ රැදී ඇති බව නොරහසකි.
          එයට ප්‍රධානතම හේතුව වන්නේ ලාංකේය සිනමා නිර්මාණවලට නිතරගයෙන් ම යොදාගෙන ඇති රංගන ශිල්පිනියන්,  ශිල්පීන් වීමයි. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ලංකාවේ සිනමා නිර්මාණ වලට පාදක වී ඇති ප්‍රධාන වස්තු පාදක පසුබිම එවකට තිබූ සමාජ පසුබිම අලලා  නිර්මාණය වීමද මෙන්ම තවත් එක් හේතුවකි. 

කෙසේ වෙතත් ලංකාව වැනි සමාජ සංස්කෘතින් මිශ්‍ර වූ රටක සිනමා ආකෘතීන් බිහිවීම තුල විවිධ පරස්පරතා ඇති වීමේ අවදානම් සහගත තැන් මෙන්ම සමාජයේ විවිධ මතභේදාත්මක කාරණා මත වාරණයන්ට,  තහනම් වලට ලක් වූ විවිධ චිත්‍රපට කිහිපයක් මෙහිදි ප්‍රධාන වශයෙන් දක්වා ලිය හැකිය.

1. දුටුගැමුණු (ලංකාවේ පලමු කාටූන් චිත්‍රපටය)



ගිවන්ත අර්ථසාද් හා දිනේශ් ප්‍රියසාද් යන දෙදෙනා විසින් 1979  දී දුටුගැමුණු නමින් ලංකාවේ පලමු වැනි කාටූන් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සිදුවිය. නමුත් එක් දිනකට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය ජේ. ආර් . ජයවර්ධන මහතාගේ රජය විසින් මෙම චිත්‍රපටය තහනම් කිරීමට කටයුතු සම්පාදනය කලා. ඔවුන් ඒ සදහා යොදා ගත් උපක්‍රමය වන්නේ මෙම චිත්‍රපටය මගින් දුටුගැමුණු චරිතයට අපහාසයක් වේ යැයි පැවසීමයි. මෙහි එන ප්‍රධානතම කරැණ වන්නේ යෝධයකු විසින් අලියකු උස්සා පොලොවේ ගැසීමේ දර්ශනය ගැන එවකට ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින් දැඩි අකමැත්තක් පෙන්වීමයි.



2. සාගරයක් මැද 




   1977 දී පමණ ගාමිණී ෆොන්සේකා  මහතා රංගනයෙන් දායක වන සාගරයක් මැද චිත්‍රපටයට වාරණයට ලක් වීම මෙහිදී කැපී පෙනේ . මෙය එම කාලවකවානුව තුලදී මහජනතාවට මෙන්ම  මුලු රටටම අත්විදීමට සිදු වූ දුෂ්කරතා නිරූපණය කරමින් සාගරයක් මැද නම් චිත්‍රපටය නිර්මාණය කලේය. මෙහිදී සිදු වූ ප්‍රබලම කාරණාව වන්නේ එවකට ඇමතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් චිත්‍රපටයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ කලේය. නමුත් එහිදී එය අසාර්ථක වීම දක්වාලිය හැකිය.



3.පුරහද කළුවර (Death of Fall Moon Day)



පුරහද කළුවර චිත්‍රපටය ආරම්භයේ සිටම විවිධ බාධක වලට මුහුණ දුන් චිත්‍රපටයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදී ප්‍රස්නය විතානගේ ඉදිරිපත් කරන ලද තිරපිටපතකට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් විරෝධය දැක්වීම හේතුවෙන් නැවත පිටපතක් නිකුත් කිරීමට ඔහුට සිදුවිය. එමෙන්ම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් රටේ පවතින යුද වාතාවරණය මත එම චිත්‍රපටය ප්‍රදර්ශනය කල නොහැකි බව බලධාරීන් විසින් තීන්දුවක් ලබාදෙන ලදී.

එමෙන්ම එවකට විෂය භාර ඇමති වූ සරත් අමුණුගම මහතා ද චිත්‍රපටය විකාශනය කල් දමනු ලැබීය . නමුත් අවසානයේ දී පුරහඳ කළුවර චිත්‍රපටය විකාශනය /ප්‍රදර්ශනයට අවකාශය ලැබුණේය. 




4. අක්ෂරය (A letter of fire )



අශෝක හදගම විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනයක පහසවත් නොලබාම වාරණයට ලක් වූ චිත්‍රපටයක් විය. මෙයට ප්‍රධානම හේතුව වන්නේඑම චිත්‍රපටය තුල පියුමි සමරවීර නම් නිලිය සහ එවකට ලමා නළුවකු වූ ඉෂාම් සම්සුදීන් පෙනීසිටි දර්ශනයක් තිබීමයි. මීට තවත් හේතුවක් වූයේ මෙම චිත්‍රපටයේ තිරපිටපත විනිශ්චයකරුවකු වටා ගෙතීමයි.




5. බොරදිය පොකුණ (Scent of the lotus pond)



බොරදිය පොකුණ චිත්‍රපටයට මුල් අවස්ථාවේදී  ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය අවධාරනය කර සිටියේ චිත්‍රපටය තුල අඩංගු ලිංගික දර්ශන සහ අසභ්‍ය වචන හුවමාරු වීම් අඩංගු දර්ශන සියල්ල ඉවත් කල යුතු බවයි. නමුත් ඊට එකඟ නොවූ අධ්‍යක්ෂක ඇතුලු පිරිසට වසර 12 කට පසු (2015) චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබුණේය.




6. උසාවිය නිහඬයි (Silence in the Courts )


මෙම චිත්‍රපටය පුරහඳ කළුවර මෙන්ම ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.  මෙය වාරණයට ලක් වීමට ප්‍රධාන ම හේතුව වන්නේ ලෙනින් රත්නායක නම් හිටපු විනිශ්චයකාරවරයකු ගේ දූෂිත හා අපකීර්තිමත් ජීවිතය පිලිබදව විග්‍රහ කිරීමයි. මෙයට විරුද්ධව ලෙනින් රත්නායක වාරණ නියෝගයක් ගැනීමට උත්සාහ දරන ලදී. පසුව දින කිහිපයක වාරණයට කාලයකින් පසුව රටපුරා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදී. 



7. Judgement චිත්‍රපටය 


මෙම චිත්‍රපටය ආරම්භ වන්නට හෝ එහි නිෂ්පාදන අවධියටවත් පැමේණෙන්නට පෙර තහනම් කරන ලද චිත්‍රපටයක් ලෙස දක්වා ලිය හැකිය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ මූලික පියවර තබා ඇත්තේ ගාමිණී ෆොන්සේකා විසිනි. රටේ පැවැති වාතාවරණය අනුව හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් එල්ල කරන ලද විරෝධතා හේතුවෙන් ගාමිණී ෆොන්සේකා මහතාට මෙම චිත්‍රපටය නවතා දැමීමට සිදුවිය. 

මෙම චිත්‍රපටයට පාදක වූ කතා වස්තුව ලෙස සෙරන්ඩිබ් (වර්තමාන ශ්‍රී ලංකාව) නම් රටක උතුරු පලාතේ වාසය කල බෙදුම් වාදී ව්‍යාපාරයක් මගින් රට දෙකඩ කරන ලදී. දකුණේ වැඩිවන දූෂිත ක්‍රියාකලාපයන් නිසා විවිධ පිරිස් හිටපු හමුදා ප්‍රධානියකුට රටේ බලය ලබා ගැනීමට ආයාචනා කරන ලදී . මොහු විසින් කුමන්ත්‍රණයක් ඔස්සේ රටේ බලය තහවුරු කරගෙන ඒකාධිපති පාලනයක් ගෙන යනවා. රටේ දූෂණය අඩුවෙන නමුත් සතුරන් රාශියක් ඔහු වටා නිර්මාණය වීමත් නිසා ඔහුව නැවත බලයෙන් පහ කර හරී . 



  • කෙසේ වෙතත් රටේ එවකට පැවැති වාතාවරණය මෙන්ම මහජන ආරක්ෂාව උදෙසා බොහෝ නිර්මාණ වලට ආරම්භයක් ලබාගැනීමටවත් පෙර එම නිර්මාණ අතරමග නතර කර දැමීමට කණගාටුවට කරුණක්. එමෙන්ම බොහෝ දෙනා විශ්වාස කරන පරිදි ඇතැම් සිනමා නිර්මාණ වාරණය වන්නේ වැඩිහිටියන්ට සුදුසු රෑපරාමු,  කාමුක දර්ශන හේතුවෙන් වූවත් සමහර අවස්ථාවල එසේ නොවන අවස්ථාවන්ද ලාංකේය සිනමා ඉතිහාසය තුල බහුලව දක්නට ලැබේ. ඒවා ඇතැම් විට දේශපාලනික,  ආර්ථික, හෝ වෙනත් සමාජීය කාරණාවක් හෝ වීමට ඇති සම්භාවිතාව වැඩිය.

කරැණු උපුටා ගැනිම - https://www.lifie.lk/2020/01/11/banned-films-on-sinhala-cinema/


























INFINITY

දන්න පත්තරේ ගැන නොදන්න විස්තරේ...

 ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය, හිමිකාරීත්වය හා එහි අනාගත දිශානතිය.   එදිනෙදා ජීවිතයේ පහසු කර ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මිනිසා තම දෛනික ක්‍...