තොරතුරු සපයන බොහෝ ආයතන හෙවත් ජනමාධ්‍ය ආයතන වලට අවශ්‍යයැයි කියන්නා වූ ස්වයං නියාමනය පැහැදිලි ලෙස වත්මන් යුගයේ උල්ලංඝනය කරන බව පෙනෙන්නට වන කරුණකි. විශේෂයෙන් සමකාලීන මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලබන ඕනෑම අයෙකුට දැකගත හැකි ප්‍රධාන කරුණ වන්නේ මාධ්‍ය යනු නිදහස්ව අදහස් ප්‍රකාශ කරන්නට වූ තෝතැන්නක් බවයි. නමුත් එම නිදහස කොතරම් දුරට විනිවිද බවකින් යුතුව තහවුරු කරන්නේ ද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරු නැත. මීට වසර පනහකට ආසන්නව පැවති ඉතිහාසය හා වර්තමානය දෙස නැවත හැරී බැලීමේදී අහසට පොළව වැනි පරතරයක් දැකිය හැකිය. 1971 අප්‍රේල් කැරැල්ල සමය, 1988-1989 භීෂණ සමය මෙන්ම යුද්ධයට පැහැදිලිව තුඩු දුන් 1983 කළු ජූලි සිද්ධි වාර්තාකරණය තුළත් මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය වූ අවස්ථා ඕනෑවටත් වඩා අසා ඇත්තෙමු. විශේෂයෙන් රටේ කැලඹිලිකාරී වූ ස්වරූපයක් දක්නට ලැබුණු ඕනෑම විටක ජනමාධ්‍ය පෙරමුණ ගත්තද වෙනත් බලවේගයන් ඔවුන්ගේ අත්කකුල් සිඳ දැමූ අවස්ථාවන්ද අප්‍රමාණය. එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දැවැන්ත පහරක් සේම ජනමාධ්‍ය සෘජු ලෙස වාරණයට ලක් වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
විවිධ දේශපාලනික හේතු කාරණා මත ඇතැම් ජනමාධ්‍ය ආයතන පවා තම නිර්දෝෂී බව ඔප්පු කිරීමට ගත්තා වූ වෙහෙස අරගල භූමියේදී කැපී පෙනෙන ලෙස දැකගත හැකිය. එය එසේ සිදුවන්නට ඇත්තේ ජනමාධ්‍ය විධ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුකූලව තොරතුරු බෙදා හරින්න යන්නට වූ නිසාවෙනි. මෑතක් වනතුරු ජනමාධ්‍ය තුළ අසීමිත නිදහසක් උත්පාදනය වන්නට වූයේ ලෝකය තුළ විවිධ රටවල් ජනමාධ්‍ය නිදහස පිළිබඳව විවිධ සංවාද මණ්ඩප, සාකච්ඡා ආදිය ගෙන ඒමත් හේතුවෙනි. එසේ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ14 වන වගන්තියට අනුව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උපරිම ලෙස ලබාදීමට කටයුතු කළ බව පැහැදිලි වේ. විශේෂයෙන් ලංකාව වැනි රටක් තුළින් ජීවත්වීමේ අයිතිය පිළිබඳ කිසිදු කතාබහක් නැතත් ප්‍රකාශනයේ නිදහසට අවශ්‍ය ප්‍රතිපත්ති පවා ගොඩනඟා තිබේ. මෙකී සමාජ වටපිටාවක් තුළ ජනමාධ්‍ය විසින් කරන වාර්තා බොහොමයක් තුළන් මාධ්‍ය නිදහස තමන්ගේ අයිතියක් යන්න පැහැදිලිව ඔප්පු කළ නමුත් ඇතැම් කරුණුවල සංවේදී මෙන්ම අසංවේදී බව පිළිබඳ ගොඩනැගෙන්නේ යම් මතභේදාත්මක ස්වභාවයකි. විශේෂයෙන් සංවේදී පුවත් වාර්තාකරණයකදී, අධිකරණ පුවත් වාර්තා කිරීමේදී මෙන්ම අනතුරු වාර්තාකරණයේදී මෙම වරද පුන පුනා ජනමාධ්‍ය විසින් සිදු කිරීම පැහැදිලිව දකින කරුණකි. රටක සිව්වන ආණ්ඩුව ලෙස බලය හිමි කර ගන්නා ජනමාධ්‍යයට රටක් ගොඩනැගීමට මෙන්ම විනාශ කිරීමටද සෘජු හා වක්‍ර බලයක් හිමි වේ . එලෙස හිමිවන බලය විනාශ කරන්නට නොව ගොඩනගන්නට භාවිතා කිරීම ජනමාධ්‍යයේ වගකීමක් බව නැවත මතක් කල යුතුය. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය හා සමාජ මාධ්‍ය යන සිව් දරුවන්ට මාධ්‍ය නීතිය තදින් බලපෑම බලා නොසිට ආචාර ධර්ම තුළින් එය යම් හෝ පාලනයක් තුළට ගෙන ඒමට කටයුතු කිරීම වැදගත් වේ.
ජනමාධ්‍ය සම්බන්ධ ආචාර ධර්ම පිළිබඳ කතා කිරීමේදී එක් එක් මාධ්‍ය ආයතන විවිධාකාරයේ ආචාර ධර්ම සංග්‍රහයන් තමා ආයතනය තුළට ගෙන එනු ලබයි. නමුත් එය නීතිමය වශයෙන් කෙතරම් දුරට සදාචාර සම්පන්න වනවාදැයි බැලීම මහජනතාවගේ අයිතිවාසිකමක් වේ. විශේෂයෙන් ආචාර ධර්ම මාධ්‍ය නියාමනය කිරීමට නොව මාධ්‍යයේ පැවැත්ම ආරක්ෂා කිරීමටත් , මාධ්‍ය නිදහස සර්ව සාධාරණ ලෙස භුක්ති විඳීමටත් ඉඩහසර ලබා දිය යුතුය. නැතහොත් රජය විසින් ගෙන එන ඇතැම් මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත් තුළින් මාධ්‍ය නිදහස කුමක්ද යන්න කියා දෙනවාට වඩා මනා පාලනයක් ඇතිව ඉදිරියට ගෙන යාමට රාජ්‍ය ජනමාධ්‍ය ආයතනයන් මෙන්ම පුද්ගලික ජනමාධ්‍ය ආයතනයන් විශේෂයෙන් වග විය යුතු බව මෙහිදී දැක්විය යුතුය. එසේම ලෝකයට අවශ්‍ය වන මෙන්ම මුළු ලෝකයම පිළිගන්නා මාධ්‍ය ආචාර ධර්ම සමූහයක් සෑම ජනමාධ්‍ය ආයතනයක් ම පිළිපැදීම තුළින් බොහෝ පාර්ශවයන්ගෙන් එල්ලවන විරෝධාකල්පවලට සෘජු පිළිතුරු දීමටද හැකියාව පවතී. අවසාන වශයෙන් කිව යුතු වන්නේ සමාජයේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් හඬනගන ජනමාධ්‍ය විශේෂයෙන් මාධ්‍ය නිදහස උපරිමයෙන් මෙන්ම ප්‍රවේශමෙන් භුක්ති විඳින අතරතුර එයට සමාන්තරව ආචාරධර්මය මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත් බවයි.
H.H.Geeth Malan
Department of Mass Communication
University of Kelaniya