රූපවාහිනී මාධ්‍ය ඉතිහාසය
සමකාලීන සමාජ ක්‍රියාකාරීත්වය තුළින් ලෝකයේ විවිධ රටවල් බොහෝ තොරතුරු සෙවීමට නිර්මාණය කිරීමට හා ඒවා බෙදා හදා ගැනීම උදෙසා විවිධ වූ උපක්‍රම අනුගමනය කරයි.පොදුවේ ගත් කළ මෙයට බහුජන කණ්ඩායම් සිටින රටවලට දැඩි සේ ප්‍රබලව බලපානු ඇත විශේෂයෙන් ගත් කළ තොරතුරු යන්න ලෝකයේ මිල අධිකම වස්තුව වන නිසා එය පරිස්සමෙන් බෙදා හැරීමට විවිධ උපක්‍රමවල අවශ්‍යතාවය ඇතිව තිබුණි. එයින් එක් මූලිකාංගයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැක. රූපවාහිනිය සමකාලීනව ඉදිරිපත් කරන්න තොරතුරු වලට මූලික අඩිතාලම වී ඇත්තේ එහි ඉතිහාසය බව කවුරුත් දන්නා කාරණයකි. ඒ නිසා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ විමසා බැලීම අත්‍යවශ්‍ය වේ.
ලෝක රූපවාහිනී ඉතිහාසය
• විද්‍යුත් ශබ්ද තරංග ගුවනින් යවා ග්‍රාහක යන්ත්‍ර මඟින් නැවත ශබ්ද බවට හරවන ගුවන් විදුලිය නිපදවූ මුල් කාලයන්හි පමණක් නොව රූපයද එකවර යන්ත්‍ර මඟින් නැවත ශබ්ද බවට හරවන ගුවන් විදුලිය නිපදවූ මුල් කාලයන්හි පමණක් නොව රූපයද එකවර දැකිය හැකි ක්‍රමයක් සොයා ගැනීමට උත්සුකවුවෝ විවිධ පර්යේෂණ පැවැත්වූහ. එනම් විද්‍යුත් ශ්‍රව්‍ය දෘශ්‍ය අංශු ධාරාවන් රැසක් සම්ප්‍රේෂණාගාරයක් මගින් විසිරුවා හැර නැවත තැනකදී ග්‍රහණය කර ගැනීමේ මූලික විද්‍යාත්මක ක්‍රමය රූපවාහිනිය අරභයා ගත්හ.
• තිත් වලින් පින්තූර සැකසූ චිත්‍ර ශිල්පියකුගේ නිර්මාණාත්මක ක්‍රියාවලිය රූපවාහිනී ආරම්භය කෙරෙහි බලපෑ බව එක් මතයකි. චිත්‍ර ශිල්පියාත් තිත් දහස් ගණනින් යොදාගෙන යම් රටාවකට අනුව සිය නිර්මාණය එළි දක්වනු ලැබීය. රූපවාහිනියේ අද දකින රූප රාම තිත්මගෙන් ගොඩනැගී ඇති බැවින් එම අදහස ඉදිරිපත් වී ඇත.
විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනිය
• 1873 විලෝෆ්බි විසින් ලේනියම් මූලද්‍රව්‍යයේ ප්‍රකාශ සන්නායකතාව සොයාගැනීමත්,
• 1884 දී පෝල් ගොට්ටිලෙබ් නිප්කොච් විසින් පිරික්සුම් තැටිය සොයාගැනීමත්,
• 1927 දී ෆීලියෝ ෆාර්න්ස්වර්ති විසින් රූප විච්ඡේදකයසොයාගැනීමත්,
රූපවාහිනි පද්ධතියේ මූලාරම්භයට හේතු වූ සොයාගැනීම් ත්‍රිත්වය විය.
selenium වල ප්‍රකාශ සන්නායකතාව හා නිප් කොච්ගෙ පිරික්සුම් තැටිය නිශ්චල රූපවල ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණයෙහි ප්‍රායෝගික භාවිතයට එකතු වූයේය. 20 වැනි ශත වර්ෂයේදී විදුලි ලිපි හා දුරකථන මාර්ගවලට වඩා නිවැරදිව මෙය ප්‍රවෘත්ති පත්‍ර සේවයක් ලෙස භාවිතා කරන ලදී.
නිශ්චල ද්වීතාන රූප ක්ෂණික සම්ප්‍රේෂණය පළමු ප්‍රදර්ශනය වර්ෂ 1909 දී පැරිසියේදී ජෝසප් රිග්නෝස් සහ A . ෆෝනියර් විසින් සිදු කරන ලදී.
1925 මාර්තු 25 වන දින ස්කොට ජාතික නිර්මාණකරුවෙකු වන ජෝන් ලොගී බෙයාර්ඩ් සිලුවට් (silluote) රූප ප්‍රදර්ශනයක් ලන්ඩනයේ පවත්වන ලදී. පසුව 1926 ජනවාරි 26 වන දින රාජකීය සංස්ථාවේ පුවත්පත් වාර්තාකරුවන් පිරිසකට ලොව පළමු රූපවාහිනි පද්ධතිය ප්‍රදර්ශනය කළේය.
1927 දී බෙයාර්ඩ් සැතපුම් 458 ක දුරකට සංඥාවක් සම්ප්‍රේෂණය කරන ලදී. එමෙන්ම 1928 දී බෙයාර්ඩ් විසින් තැටි , කාච හා පේරක යොදා ගනිමින් විදුලි යාන්ත්‍රික වර්ණ ත්‍රිමානේක්ෂ රූපවාහිනියක් ප්‍රදර්ශනය කළේය.
මේ අතරතුර සෝවියට් සංගමයේ ලියොන් ටර්මින් 16- තීරු විභේදන රූපවාහිනියත් 1925 දී ද, අනතුරුව 32 - තීරු විභේදන රූපවාහිනියක් ද , අවසානයේදී 64- තීරු රූපවාහිනියක් 1926දී ද, තම නිබන්ධනයේ කොටසක් ලෙස ඉදිරිපත් කළේය.
ජර්මන ජාතික කාල් බ්‍රවුන්ඩ්ස් විසින් සොයාගන්නා ලද කැතෝඩර් ඔසිලස් කෝ නම් උපකරණයත් , රුසියානු ජාතික බ්‍රැස්මින් සවුකින් විසින් නිපදවන ලද පින්තූරයක් තලයත් ඇමෙරිකානු විද්‍යාඥයකු වන ෆලෝ ප‍්‍රාන්ස්වත් විසින් සොයාගත් විද්‍යුත් පරලෝකන ක්‍රමය යන ක්‍රමයන් යොදා ගනිමින් මෙම තාක්ෂණය වැඩිදියුණු කරන ලදී. මෙහිදී 1936 දී විද්‍යුත් යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමය විද්‍යුත් රූපවාහිනී ක්‍රමයක් දක්වා පරිවර්තනය විය.
කලු සුදු රූපවාහිනි තාක්ෂණය වර්ණ තාක්ෂණය දක්වා වැඩිදියුණු කිරීම පිළිබඳ පර්යේෂණ 1940 වන විට ව්‍යාප්තව තිබුණි.1946 දී ඇමරිකාවේදී මුල්වරට ඒ සම්බන්ධව පර්යේෂණ කරන ලදී .
1980 පසුව එතෙක් පැවැති analog television ක්‍රමය වෙනුවට digital television ක්‍රමය හඳුන්වාදීම ජපන් ජාතිකයන් විසින් සිදු කරන ලදී. එය සමස්ත රූපවාහිනි ඉතිහාසයේම විශාල ඉදිරි පිම්මකි.
ලෝක රූපවාහිනී ඉතිහාසයේ මෙසේ විමසා බැලෙද්දී යටත් විජිත සමයක් තුළ ලංකාවට එම ක්‍රියා පටිපාටිය කෙසේ බලපෑවේ දැයි බැලීම ඉතා වැදගත් වේ.
Geeth Malan
Department of Mass Communication
University of Kelaniya