ශ්‍රි ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි මාධ්‍ය සේවාවන්
මාධ්යකරනය පිලිබද ලංකාවේ බොහෝ දෙනාගේ මතය විවිධාකාර මෙන්ම යම් විවේචනාත්මක ස්වරෑපයකින් පවතින වටපිටාවක ගුවන්විදුලි මාධ්‍ය යනු ලංකාවේ ප්‍රබල සන්නිවේදනයක් සිදු කරන ලද මාධ්‍ය මෙවලමක් ලෙස කාගෙත් අවධානයට ලක් වූ කතා බහකි. ප්‍රධාන වශයෙන් ලංකාව වැනි රටක පලමුව ප්‍රජාව අතරට පුවත්පත ලංවූ නමුත් පසු කාලීනව එය වෙනස් වී ගුවන්විදුලිය වැලද ගැනීමත් සමග ජනතාවගේ බුද්ධි මට්ටමට සරිලන තොරතුරැ ලැබෙන්නට සැලැස්විය.
ගූවන්විදුලිය ආරම්භ වීම අපට මුල් කාලයේ අරුමයක් වූවත් පසු කාලීනව එයින් ලැබෙන දැනුම , තොරතුරු ප්‍රවාහයත් සමග මහජනතාව ගුවන්විදුලියට දැක් වූ ඇල්ම වැඩි විය. කෙසේ වෙතත් ලංකාවේ බොහෝ දෙනාගේ ශ්‍රවණ කේන්ද්‍රීය දැනුම වර්ධනය වීම පිණිස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ලංකාවේ විවිධ ප්‍රදේශවලට ආවේණික වූත් විශේෂ වූත් ගුවන්විදුලි මාධ්‍ය සේවාවන් ආරම්භ කරන ලදී. මේ සියල්ලම ප්‍රාදේශීය ගුවන්විදුලි මාධ්‍ය සේවා ලෙස නම් කරන ලදී. මෙකී ප්‍රාදේශීය ප්‍රාදේශීය ගුවන්විදුලි මාධ්‍ය නාලිකා හේතුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට තමන්ට හුරු පුරුදු වූ බසින් ම රේඩියෝව අසන්නට හුරු කලේය.
ඉහත සදහන් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා 1950 ගණන්වල ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසිනි. විදේශීය ගුවන්විදුලි සේවාවල ඇති විශේෂත්වය විවිධ ප්‍රදේශවල, විවිධ භාෂාමය සංස්කෘතික හා භූගෝලීය අවශ්‍යතා සපුරාලීම සදහා සංවර්ධනය කරන ලදී. මෙමගින් ප්‍රාදේශීය ප්රවෘත්ති, සංස්කෘතික වැඩසටහන් වගේම අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමත්, විවිධ පලාත්වල පුද්ගලයන්ගේ විශේෂ අවශ්‍යතා සදහාත් වඩා වැදගත් සේවාවකි. කෙසේ වෙතත් ලංකාවේ මේ වන විට ඉතා සීමිත ප්‍රාදේශීය ගුවන් කලාප කිහිපයක් පවතින අතර ඒවා අතරට රජරට ශ්‍රවණ කලාපය, රුහුණු ශ්‍රවණ කලාපය, කඳුරට ශ්‍රවණ කලාපය, යාපනය ශ්‍රවණ කලාපය මෙන්ම වයඹ ශ්‍රවණ කලාපය දැක්විය හැකිය.
1. කඳුරට ගුවන්විදුලි සේවය ( Kandurata Sevaya/ Central Services)
කඳුරට ගුවන්විදුලි සේවය ( Kandurata sevaya ) යනු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් කුමාරි කුසුම්මත් මධ්‍යම පලාතේ ජනතාව වෙනුවෙන් විකාශනය ආරම්භ කරන ලද රේඩියෝ සේවාවකි. මෙය ප්‍රධාන වශයෙන් ම මධ්‍යම පලාතේ ( මහනුවර , නුවරඑළිය, මාතලේ ) ආවරණය කරමින් විකාශනය වන අතර 1983 වර්ෂයේ මෙය නිල වශයෙන් ආරම්භ කරන ලදී. එම ප්‍රදේශවල පවතින සංස්කෘතික සමාජීය හා ආර්ථික කටයුතු සම්බන්ධ ව විශේෂාංග , ප්‍රාදේශීය පුවත් හා සංගීතමය වැඩසටහන් වලට මුල් තැන දෙයි.
මෙහි විශේෂාංග පිලිබද විමසා බැලීමේදී මෙහි වැඩසටහන් සිංහල භාෂාවෙන් විකාශනය වේ. එමෙන්ම අන්තර්ගතය ප්‍රාදේශීය පුවත් , සෙසු ප්‍රාදේශ වලට වඩා වෙනස් සංස්කෘතිකාංග , කලාංග හා සංගීත , උත්සව හා සාහිත්‍ය සාකච්ඡා ආදිය විකාශනය වේ.
මෙම සේවයේ ප්‍රාදේශීය වටිනාකම පිලිබද විමසීමේදී මධ්‍යම පලාතේ කෘෂිකර්මාන්තය,කලාකෘති හා උත්සව පිලිබද වැඩි අවධානයක් යොමු කරයි. කඳුරට සේවය මධ්‍යම පලාතේ ජනතාව අතර ජනප්‍රිය වී ඇති අතර , එහි ප්‍රාදේශීය සංස්කෘතිය හා ජන ජීවිතය ඉතා කදිමට නිරූපණය කරයි.
2. රුහුණු ගුවන්විදුලි සේවය ( Ruhunu Sevaya )
රුහුණු සේවය යනු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සේවාවක් වන අතර මෙය ප්‍රධාන වශයෙන් දකුණු පලාතට ( ගාල්ල, මාතර , හම්බන්තොට) විකාශනය කෙරේ. 1980 වසරේ දී මෙම සේවාව ආරම්භ කරන ලදී . රුහුණු සේවයේ වැඩසටහන් සිංහල භාෂාවෙන් විකාශනය කෙරේ . විශේෂයෙන් දකුණු පලාතේ කලාකරුවන්ගේ වැඩසටහන් වැඩසටහන්, කලාකෘති, සාහිත්‍ය සාකච්ඡා , කෘෂිකාර්මික, ධීවර හා පාරිභෝගික කටයුතු ආශ්රිත වැඩසටහන් සිදු කරනු ලබයි.
රුහුණු සේවය දකුණේ ආකර්ෂණීය සංස්කෘතිය, දේශපාලනික හා සාහිත්‍යමය කර්තෘත්වය හදුන්වාදෙන ප්රමුඛ වාණිජමය නොවන සේවාවක් ලෙස දැක්විය හැකිය. මෙහි ප්‍රාදේශීය ආවරණය පිලිබද විමසීමේදී ගාල්ල, මාතර ,හම්බන්තොට, කලුතර හා රත්නපුර යන ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරයි. රුහුණු සේවය දකුණු පලාතේ ජනතාව අතර ජනප්‍රිය ව ඇති අතර එහි අධ්‍යාපනික හා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සදහා ද වැදගත් වන සේවාවකි.
3. රජරට ගුවන්විදුලි සේවය ( Rajarata sevaya )
1979 දී ආරම්භ කරන ලද රජරට ගුවන්විදුලි සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අනුබද්ධිත වේ. මෙය ප්‍රධාන වශයෙන් ම උතුරු මැද පළාතේ ජනතාව වෙනුවෙන් විකාශනය වන අතර එම ප්‍රදේශයේ ආර්ථික, සමාජීය , සංස්කෘතික හා දේශපාලනික තොරතුරු ඉදිරිපත් කරයි.
භාෂාව පිලිබද විමසා බැලීමේදී ප්‍රධාන වශයෙන් සිංහල බසින් වැඩසටහන් විකාශනය කරන අතර ඇතැම් වැඩසටහන් දෙමළ බසින් එහි පවතින ජනගහනය අනුව විකාශනය කරයි . මෙහි අන්තර්ගතයන් විමසීමේදී කෘෂිකාර්මික පුවත්, දේශපාලනික වැඩසටහන් , සංස්කෘතික වැඩසටහන් හා ආගමික වැඩසටහන් ඇතුලත් වේ.
එමෙන්ම ප්‍රාදේශීය වැදගත්කම පිලිබද විමසීමේදී උතුරුමැද පලාතේ කෘෂිකාර්මික සම්ප්‍රදායන් , පුරාණ උරුමයන් හා බෞද්ධ උරුමයන් පිලිබද වැඩසටහන් විකාශය කරනු ලබයි. ප්‍රධාන කාරණාව වන්නේ ගොවිජනතාවගේ අභියෝග හා දෛනික ජීවිතය කතාබහට ගැනීමයි. රජරට සේවයේ විකාශනය කලාපය පිලිබද දැක්වීමේ දි අනුරාධපුර හා පොලොන්නරුව යන ප්‍රධාන නගර ප්‍රාන්තයක් පුරා අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම සේවාව වැලදගෙන තිබේ.
4. වයඹ හඩ/ වයඹ සේවය ( Wayamba Sevaya )
2009 දී ආරම්භ කරන ලද වයඹ ගුවන්විදුලි සේවය යනු ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් පාලනය වේ. මෙම සේවාව වයඹ පලාතේ කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් ප්‍රාදේශීය පුවත්, සංස්කෘතික වැඩසටහන් හා ගොවි ජනතාවගේ ගැටලු පිලිබද විකාශනය කරනු ලබයි. මෙහි වැඩසටහන් ප්‍රධාන වශයෙන් සිංහල බසින් විකාශනය වේ. එමෙන්ම දෙමල බසින් ද අන්තර්ගතයන් විකාශනය වේ.
විශේෂයෙන් කෘෂිකාර්මික තොරතුරු, සෞඛ්‍ය, අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් මෙම සේවාවේ ප්‍රධාන අන්තර්ගතයන් වේ. එමෙන්ම වගා හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ද වැඩසටහන් විකාශනය වේ.
එමෙන්ම වයඹ පලාතේ විශේෂ දේශගුණික තත්වයන් හා එම පලාතේ සාම්ප්‍රදායික ගොවිජන ජීවිතය හදුනාගෙන එයට ගැලපෙන අධ්‍යාපනික හා ආරක්ෂණ වැඩසටහන් විකාශනය කෙරේ. මෙහි විකාශන කලාපය පිලිබද විමසීමේදී කුරුණෑගල හා පුත්තලම යන ප්‍රධාන නගරවල හා ඒ අවට ප්‍රදේශවල වයඹ හඩ විකාශනය වේ .
5. යාපනය ගුවන් විදුලි සේවය ( Jaffna Radio Service )
1960 දශකයේ ආරම්භ කරන ලද යාපනය රේඩියෝව ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ පාලනය වේ. මෙය යාපනය දිස්ත්‍රික්කය හා උතුරු පලාත ආවරණය කරන සේවාවක් වන අතර එහි ප්‍රධාන අරමුණ උතුරු පලාතේ දෙමල ජනතාවට විශේෂිත තොරතුරු ලබා දීමයි.
යාපනය සේවයේ වැඩසටහන් විකාශන භාෂාව ලෙස ප්‍රධාන වන්නේ දෙමළ භාෂාවයි.මෙහි අන්තර්ගතය ද ප්‍රාදේශීය පුවත්, සංස්කෘතික වැඩසටහන්, සංගීත, සාහිත්‍ය, ආගමික වැඩසටහන් සෞඛ්‍ය හා අධ්‍යාපනික තොරතුරු යාපනය සේවයේ විකාශනය වේ. එමෙන්ම ගොවිජන කටයුතු , මුහුදු කම්කරු ජනතාවගේ මෙන්ම උතුරු පලාතේ විවිධ අර්බුද පිලිබද ව ද අන්තර්ගතයන් විකාශනය වේ.
මෙහි විකාශන කලාපය පිලිබද විමසා බැලීමේදී යාපනය , කිලිනොච්චි, මුලතිව් හා අවට ප්‍රදේශ ආවරණය කරමින් මෙම ගුවන්විදුලි සේවාව විකාශන කටයුතු සිදුකරයි. යාපනය ගුවන්විදුලි සේවාව උතුරු පලාතේ දෙමල ජනතාවගේ සමාජිය , ආගමික හා සංස්කෘතික අවශ්‍යතා ඉටු කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් ද ඔවුන්ගේ සුවිශේෂි ජන ජීවිතය නියෝජනය කරයි.
ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය සම්බන්ධයෙන් ගත් කල බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන්නේ ඉහත කී 1950-60 මෙන්ම 1970 -80 යන දශක වලට වඩා පැහැදිලි වෙනසකි. එනම් මුල් කාලයේ ගුවන්විදුලි සම්බන්ධයෙන් ජනතාව තුල තිබු ආකල්පය රූපවාහිනිය පැමිණිමත්, නව මාධ්‍ය පැමිණීමත් සමග පෙරළිකාර අවස්ථාවක ලක් විය. එතෙක් අසන්නන් බහුල වූ ලංකාවේ ජනතාව පසුකාලීන ව නරඹන්නන් මෙන්ම පරිශිලකයන් බවට පරිවර්තනය විය. ඒ ද පෙර සිට ශ්රාවකයන්ම ය . කෙසේ වෙතත් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා තවමත් ක්‍රියාත්මක නමුත් ආරම්භක අවස්ථාවල තිබූ ජවය මෙකල නැති බව පැහැදිලි ය. නමුත් ජනතාව අසන්නන් ගොඩේ තවමත් සිටි . ඒ නව මාධ්‍යයට පිං සිදු වන්නටය. රේඩියෝ යන්ත්‍රය පසෙකලා ජංගම දුරකථනයේ කොටසක් තම රේඩියෝව කරගත් අසන්නන් පිරිසක් තවමත් ලංකාවේ ඉතිරි ව පවතී.
- මේ ලිපියේ Engilsh article එක මෙතැනින් download කරගන්න.